Saturday, December 9, 2017

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පොදු ජන පෙරමුණට ????

දකුණු පළාතේ දිස්ත්‍රික්කයක  ඉතාමත් ජනප්‍රිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරයෙක් එළඹෙන මැතිවරණයෙන් පසු විපක්ෂය හා එක්වීමට සියලු කටයුතු සූදානම් බව වාර්තා වේ

පක්ෂය සහ නායකත්වය විසින් දැඩි ලෙස අසාධාරණයට ලක්වී ඇති මෙම මන්ත්‍රී වරයා පක්ෂය ට ඇති ලැදියාව නිසා මෙතුවක් කල් කටයුතු කලත් පක්ෂයෙන් කෙරෙන අසාධාරණ කම් එන්න එන්නම වැඩි වීම හේතුවෙන් , දැඩි කලකිරීමෙන් සිට ඇත. දැඩි මහින්ද වාදියෙකු සහ සුප්‍රකට නීතීඥයෙකු වන මෙම මන්ත්‍රී වරයාගේ මාමණ්ඩිය බෑණා ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳව විපක්ෂයේ ප්‍රබල දේශපාලකයින් දෙදෙනෙකු සමග කල සාකච්චාවකින් පසු මෙම දේශපාලන කපු කම සිදුවී ඇති බව කියති. මේ අතර තත්වය ගැන විමසිල්ලෙන් පසු වූ මෙම මන්ත්‍රී වරයා පෙර සේවය කල එක්තරා මාධ්‍ය ජාලයක හිමි කරුවෙක්  මොහුව මෛත්‍රී පාර්ශවය සහ සම්බන්ධ කිරීමට උත්සහ දරා ඇතත් , මෛත්‍රී -රනිල් ගැටුම ළඟ එන පළාත් පාලන මැතිවරණය නිසා සිදු කරන ඇස්බැන්දුමක් බවත් එහි අරමුණ රජයේ විවිධ අකටයුතුකම් නිසා ගිලිහෙන චන්ද රජය තුලම රඳවා ගැනීම සහ පොදුජන පෙරමුණට ආකර්ෂණය වීම වැලැක්වීම බවත් පවසා ඇත. එකී මාධ්‍ය ජාලය කලකිරී ඇති චන්ද දායකයා පොදු ජන පෙරමුණට (පොහොට්ටුව ) ට ආකර්ෂණය වීම වැලැක්වීම සඳහා  ජ.වී.පෙ. හරහා ද දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් කරමින් ඇති බව කලක් මාධ්‍යවේදියෙකු වූ මන්ත්‍රී වරයා ප්‍රකාශ  කර ඇති අතර එයට එක් වීමට තමන්ගේ නොකැමැත්ත ප්‍රකාශ කර ඇත .

මේ අතර ඉහත විපක්ෂ ප්‍රබලයින් සමග සාකච්චාවේ දී තීරණය වී ඇත්තේ මෙම මන්ත්‍රී වරයා මැතිවරණයෙන් පසු විපක්ෂයට එක්වීමටයි . එයට හේතුවනම්  මෙතුමා විසින් නම් කරණ නියෝජිතයින් ප්‍රාදේශීය සභා වලට පත්වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ හිඳීමින්ම පොදූජන පෙරමුණට සහය දීමට  උපක්‍රමශීලීව යොදා ගැනීම වේ .

Wednesday, November 22, 2017

හමුදා කඳවුරු 2 ක්‌ පරීක්‍ෂාවට එජා කණ්‌ඩායමක්‌ දිවයිනට

හමුදා කඳවුරු 2 ක්‌ පරීක්‍ෂාවට එජා කණ්‌ඩායමක්‌ දිවයිනට


අඳුරු සහජීවනයක් සහ නිවට ආණ්ඩුවක පාපය නිසා දෙසැම්බර් 5 දන හමුදා කඳවුරු පරීක්ෂා කිරීමට එක්ත්ස ජාතීන්
Image result for un 

වවුනියාවේ ජෝෂප් හමුදා කඳවුර සහ ත්‍රිකුණාමලයේ ගන්සයිඩ් නාවික කඳවුර පරීක්‍ෂාවට ලක්‌කිරීම සඳහා දෙසැම්බර් 5 දා එක්‌සත් ජාතීන්ගේ පරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ මෙරටට පැමිණෙති.

හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සුකා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට කළ පැමිණිල්ලක්‌ මත මෙම කණ්‌ඩායම මෙරටට එනු ඇත. මෙම කඳවුරුවලදී ද්‍රවිඩ ජාතිකයන්ට වධහිංසා පමුණුවා ඇති බවට ඇය සිය පැමිණිල්ලේ දක්‌වා තිබේ.

ඔන්න රනිල් නීතිපති දෙපාර්තමෙන්තුවත් සුද්ද කරනවලු - පලි ගැනීම හොඳම එකෙන්

ඔන්න රනිල් නීතිපති දෙපාර්තමෙන්තුවත් සුද්ද කරනවලු - පලි ගැනීම හොඳම එකෙන්
නීතිපති දෙපාර්තමේන්තුවට සුද්දයක් !
නීතිපති දෙපාර්තමේන්තුව පූර්ණ වශයෙන් ප්‍රතිසංවිධානයට ලක් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ ප්‍රධාන තනතුරු කිහිපයකම තවමත් සිටින්නේ රාජපක්ෂ හිතවාදින් බැවින් පැවැති රජයේ මීනීමැරුම්, දූෂණ අක්‍රමිකතා සහ වංචාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නීතිපති දෙපාර්තමේන්තුව හිතාමතා ප්‍රමාද කරනා බව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කරුණු සහිතව පෙන්වා දී ඇතැයි ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පත වාර්තා කරයි.
නීතිපති දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතුන්ට එරෙහිව පවතින නඩුවලදී දීර්ඝ කාලයකට පසු එළැඹෙන නඩු දින ගැනීම පිළිබඳ ද එහි කරුණු දක්වා තිබේ.
එම සියලුම කරුණු සැලකිල්ලට ගෙන නීතිපති දෙපාර්තමේන්තුව පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙන බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
රාජපක්ෂලාගේ නඩු අහන්න විශේෂ අධිකරණයක්:
නීතිපති දෙපාර්තමේන්තුවේ එම තත්ත්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී ඉහත නඩු විසඳීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවන ලෙස ද ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංවිධාන කටයුතු අගමැති වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයෙන් පසු ආරම්භ කිරීමට නියමිතය.

සුදු වෑන් රථයකින් තරුණයෙකු පැහැරගෙන

සුදු වෑන් රථයකින් තරුණයෙකු පැහැරගෙන

සුදු වෑන් රියකින් යාපනයේ තරුණයකු පැහැරගෙන !
යාපනය ප්‍රදේශයේදී සුදු වෑන් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් ඇත. මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ යාපනය කෝපායි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
රෙදි පිළි වෙළඳ සැළක සේවයේ නිරත ඔහු සේවය නිමවා යළි නිවසට පැමිණෙන අතරතුර පැහැරගෙන ගොස් ඇති බව පවුලේ සාමාජිකයින් පොලිසියට පැමිණිලි කර තිබේ.
යාපනය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
(නෙත් නිව්ස්)

ඇලෝසියස්ගේ දුරකතන දත්ත ගත් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක්?

ඇලෝසියස්ගේ දුරකතන දත්ත ගත් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක්?
ඇලෝසියස්ගේ දුරකතන දත්ත ගත් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක්?
බැඳුම්කර කොමිසමේ නියමය පරිදි අර්ජුන් ඇලෝසියස්ගේ දුරකථනය පරික්ෂා කර දත්ත ලබාගත් පොලිස් නිලධාරීන්ට විරුද්ධව පොලීසියේ ඉහළ නිලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
මේ හේතුවෙන් පරීක්ෂණවලට සම්බන්ධ වූ නිලධාරීන් අපහසුතාවයට පත්ව සිටින බවත්, මෙමගින් ජනාධිපති කොමිසමට සෘජුවම අභියෝගයක් සිදුකර තිබෙන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මීට අමතරව අර්ජුන් ඇලෝසියස් විසින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට නිවසක් ලබාදීම සම්බන්ධව සාක්ෂි දුන් අනීතා විජේසූරිය මහත්මියට ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් පොලීසියේ ඉහළ නියෝගයක් මත ඉවත් කර තිබෙන බවද නානායක්කාර මහතා සඳහන් කළේය.

සුජීව සේනසිංහ සිරිසේන මහත්තයව පට්ට ගහපු වීඩියෝ එක - අනිවා බලන්න


ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද ඒ මහතා කියයි.

රනිල් වික්‍රමසිංහ හදිසියේ ඉන්දියාවේ ගියේ ඇයි

රනිල් වික්‍රමසිංහ හදිසියේ ඉන්දියාවේ  ගියේ ඇයි
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මහතා අද විශේෂ පූජාවක් සඳහා කොල්ලුර් මුකම්භික සන්ධිනි දේවාලය වෙත පැමිණ ඇත්තේ ඇති විශේෂ පූජාවක් සඳහාය

වසරක් පාසා කරන මෙම පූජාව සඳහා ඔහු පැමිණියේ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමගිනි. මෙවර පුජාව සඳහා ඔහු මාස දෙකක් තිස්සේ පේ වෙමින් සිටින බවද දැනගන්නට තිබේ . කොල්ලුර් කෝවිලේදී , ඔහුගේ පව් සෝදා හරිම පිණිස පාද දෝවනය කර ඇහුව කෝවිල ඇතුලට ගෙන ඇති අතර ඉන් පසු කොල්ලුර් කෝවිල් පාලක සභාවේ නායක පුජකයා ප්‍රධානව පුජාව තබා තිබේ 


Publictv.in හි පලවූ ප්‍රවෘත්තියක් ඇසුරෙන් සකස් කෙරිණි 

Saturday, November 18, 2017

ගොන්ජා ගේ වීර චාරිකා --ජේෂ්ඨ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය

ගොන්ජා ගේ වීර චාරිකා --ජේෂ්ඨ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය
gonja

ගොන්ජාද, චිත්‍රපට නළුවෙකි. ඔහු රන්ජන් රාමනායක යයි වැරදියටවත් හිතාගන්න එපා. ඔහු රඟපාන්නේ දවල් මිගෙල් රෑ දනියෙල් චරිතය. ඔහු සිනමාවේ දුෂ්ටයාය. එහෙත්, ජනප්‍රියය. අපේ රටේ මිනිස්‌සු වීරයන්ට මෙන්ම, දුෂ්ටයන්ටද කැමැතිය. දකුණු ඉන්දියාවේ නළුවා වන නම්බියාර් ජනප්‍රියය. එම්.ජී.ආර්. ගේ මරණයට වඩා සෙනඟක්‌ ඔහුගේ මරණයට සිටියේ ඒ නිසා විය හැකිය. එක දවසක්‌ මා ගරු කරන, දේශපාලනය කෙසේ වෙතත්, ඇදහිය නොහැකි අවංකකමට හිස නමන, මගේ වෘත්තියේ ජ්‍යෙෂ්ඨයකු වූ මගේ හිතවතකු වූද, වාසුදේව නානායක්‌කාර මා හමුවීමට පැමිණියේය. ඔහු මට කියා සිටියේ මට ඇදහිය නොහැකි කථාවකි. ඒ මෙසේය. අපේ හිතවත් නළු ගොන්ජාට එරෙහිව තරුණ කාන්තාවක්‌, ඈව දූෂණය කළා යෑයි පොලීසියේ පැමිණිල්ලක්‌ කර ඇති බවය. මේ අනුව, පොලීසිය මේ ගොන්ජාව සොයන බව දැනගත් විගස ගොන්ජා ගොස්‌ හැංගුණේය. ඊටපසු ගොන්ජා තම හිතමිතුරන් කීපදෙනකු සමඟ එම නඩුව අසනු ලබන මහේස්‌ත්‍රාත්වරියට විරුද්ධව පැමිණිල්ලක්‌ කළේය. මහෙස්‌ත්‍රාත්වරිය තරුණ කාන්තාවකි. ඇය ඉදිරියේ යාන්හෑලි කීමට හෝ දින ගැනීමට පෞද්ගලිකව මුණගැසීමට නොහැකි බව නීතිඥවරු දනිති.  
 
 ඇය කාන්තාවක්‌ වූ නිසාම, මෙවැනි නඩුවකට කිසිම සමාවක්‌ නොලැබෙන බව කොළඹින් පිට මහෙස්‌ත්‍රාත් උසාවියේ නීතීඥවරුන්ගේ මතය විය. ගොන්ජා කොතෙක්‌ බිය වූයේද කිවහොත් සිට ගැනීමට පවා නොහැකි විය. චිත්‍රපටයේ දුෂ්ටයා නිකන්ම නිකන් කොටියකු නොව කැණහිලකුගේ තත්ත්වයට පත් වූයේය. ඔහුට දාඩිය දැම්මේය. ඒ ඔහුට අත්වන ඉරණම ගැන සිතා විය යුතුය. අවසානයේ දී ඔහු එකල දේශපාලනයට සම්බන්ධ වාසුදේව හමුවීමට පැමිණියේය. වාසුදේව කියා සිටියේ හොඳ දක්‌ෂ නීතීඥවරයකු ඇල්ලිය යුතු බවය. එවිට ඔහු ජනාධිපති නීතීඥවරයකු රඳවා අවසන් බව කීවේය. වාසුදේව එයට එතරම් සතුටක්‌ පළ නොකළ අතර, ඔහු ජනාධිපති නීතිඥවරයකු වූ පමණින් දක්‌ෂයකු නොවන බව කියා සිටියේය. ඊටපසු වා
සුදේවට අසන්නට ලැබුණේ ඉතාම අමිහිරි පුවතකි. ගොන්ජාගේ උපදෙස්‌ පරිදි, ඉහත කී ජනාධිපති නීතිඥවරයා ඊට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි බැවින් නීතිපතිවරයා වෙත මෙම නඩුවෙන් විනිශ්චයකාරතුමිය මාරුකරන ලෙස ඉල්ලා සිටින ලෙසත්, ඇය අපක්‌ෂපාති විනිසුරුවරියක නොවන බැවින්, තමාට යුක්‌තියක්‌ ඉටුනොවන බවත් පවසා පෙත්සමක්‌ ඉදිරිපත් කර ඇති බවය. මෙය ඇසූ වාසුදේව ගොන්ජාව එලවා ගත්තේය. නඩුකාරයා වැරදිකාරයා කළත්, නොකළත් නඩු නොඅසාම කිසිම හේතුවක්‌ නොමැතිව මෙවැනි ඉල්ලීමක්‌ කිරීම තවත් වරදක්‌ බව ඔහු කියා සිටියේය. එවිට ගොන්ජා කියා සිටියේ මෙයට පොඩි පබ්ලිසිටි එකක්‌ දුන්නොත් විනිශ්චයකාරවරිය සිය කැමැත්තෙන්ම මාරු වන බවය. මේක අහන්න ඕන මිනිහෙක්‌ ගෑනියෙක්‌ නොවේ. ඊට පසුදින නීතිපතිවරයා තමන්ගේ හිතවත් ජනාධිපති නීතිඥවරයාගේ ඉල්ලීම මත මෙම නඩුව යම් ලෙසකින් කැඳවා ඉවත දමාවි යෑයි ගොන්ජා සිතුවද, ගොන්ජාගේ තැත ව්‍යර්ථ විය. විනිශ්චයකාරවරිය නඩුව විභාගයට ගන්නට සූදානම් කළාය. ගොන්ජා ඇප පිට නිදහස්‌ කළේ ද, අකැමැත්තෙනි. පොලීසියෙන් හා අධිකරණයෙන් සැඟවී තම හිතවතුන්ගේ ගෙවල්වල සැඟවී සිටියේ නඩුකාරයා හෝ නීතිපතිවරයා අල්ලා ගන්නා අදහසිනි. එහෙත්, එම අල්ලසට, බලපෑම්වලට යටත් වන නඩුකාරවරු නැති බව ඔහු දැනගත්තේ මේ සියල්ල ව්‍යර්ථ වූ නිසාය. නඩුව විභාගයට ගත් දින ජනාධිපති නීතිඥවරයා පෞද්ගලික හේතුවක්‌ නිසා සූදානම් නැතැයි කියා දිනයක්‌ ලබා ගත්තේය. විනිශ්චයකාරවරිය ඉතා තදින්ම කියා සිටියේ, ඔහුට නඩුවට පෙනීසිටීමට නොහැකි නම් ඔහු අසනීප නම් වෙනත් නීතිඥවරයකු සූදානම් කරගන්නා ලෙසය. තවත් වරක්‌ මෙය කෙසේවත් කල්දැමිය නොහැකි බවය.
 
 කිසිවක්‌ කරගත නොහැකි වූ විට ගොන්ජා තමාගේ හිතවත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා වන වාසුදේව හමුවීමට ගියේය. වාසුදේව මා හමුවීමට පැමිණියේ ඒ අනුවය. ඔහුගේ පාක්‌ෂිකයන්ගේ සියලුම නඩු කොළඹ අධිකරණයක ඇසෙනවා නම් එම නඩු මා හට භාරදේ. බොහෝ නඩුවල ගාස්‌තු නොගෙන වාසුදේවට ඇති මගේ භක්‌තිය නිසාම, මම පෙනී සිට ඇත. පසුව, මට වාසුදේව සහෝදරයා ආයාචනය කළේ ගොන්ජා වෙනුවෙන් පෙනී සිටින ලෙසය. මම ඔහු ළඟ තිබූ නඩු ගොනුව බලා, මොකක්‌ද මේකේ ඩිෙෆන්ස්‌ එක. මේකේ කිසිම නිදහසට කරුණක්‌ නෑනේ. මේ යකා ගිහිල්ලා මේ කෙල්ලව දූෂණය කරලානේ. නැහැ මේක සම්පූර්ණ ඇත්ත නෙවෙයි. මෙහෙම දෙයක්‌ වෙලා නෑ. මේක පොලීසිය හදපු නඩුවක්‌. මොහුගේ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිත්වය නිසා ආණ්‌ඩුවත් එක්‌කහු වුණා මෙයාට විරුද්ධව, වාසු කීවේය. මම කියා සිටියේ ආණ්‌ඩුව මොනවා කිව්වත් මේ කෙල්ල සාක්‌ෂි දුන්නොත් ගොන්ජා ගස්‌ යන බවය. අඩු වශයෙන් අවුරුදු 10 ක්‌ හෝ 12 ක්‌ සිරගත වන බවයි. ගොන්ජා එය ඇසූ වහාම නැගිට මගේ නිල කාමරය අසල තිබූ වැසිකිළියට ගියේය. ඔහු අසනීපයකින් පෙළෙන බව කීවේය. ඇත්ත වශයෙන්ම ඔහුට බඩගොස්‌ තිබුණි. වාසුගේ කීම නිසාත්, මම කිව් ගාස්‌තුව ගෙවූ නිසාත්, මම නඩුව භාර ගතිමි. එදා මම එම නඩුවට ගිය නමුත් පැමිණිලිකාරිය පැමිණ සිටියේ නැත.  
 
 මම ගොන්ජාගේ කැරැට්‌ටුව ගැන සහතිකයක්‌ දුනිමි. ඔහුගේ වාමාංශික දේශපාලන ව්‍යාපාරය වාසු සහෝදරයා සමඟ කරන්නට ඉදිරිපත් වන බවත්, මම අධිකරණයට ඉදිරිපත් කළෙමි. මගේ උපදෙස්‌ අනුව, මෙය පැමිණිල්ලක්‌ නොව ට්‍රැප් කිරීමකි. ගොන්ජාගේ අනාගත දේශපාලන හා ජනප්‍රිය නළු ජීවිතය විනාශ කිරීමට ආණ්‌ඩුව ගෙතූ මහා බොරුවකි. එයට පොලීසියෙන් ද, සහාය ලැබී ඇත. ගොන්ජා දුෂ්ටයකු වුව ද, ඔහුට මෙවැනි දෙයක්‌ කිරීමට අවශ්‍ය නැතැයි පැවසීමි. විනිශ්චයකාරතුමිය ප්‍රථමයෙන් මෙම කරුණ අවඥාවෙන් ඉවත දැමුව ද, පසුව ඇයගේ ස්‌වභාවය අනුව, එය පිළිගන්නා බවක්‌ පෙනිණ. පැමිණිලිකාර තරුණ කාන්තාව වැදගත් පවුලකින් පැවත එන ව්‍යාපාරයක්‌ කරන විවාහක කාන්තාවක්‌ බව දැනගත්තෙමි. එම ලස්‌සන කාන්තාව එලෙස හොඳ පසුබිමක්‌ ඇති කාන්තාවක්‌ බව ද, පෙනිණ. එමනිසා මැය මෙවැනි බොරු පැමිණිල්ලක්‌ කළා යෑයි මට සැකයක්‌ ඇති වුණි. පොලිසිය විසින් නඩු භාණ්‌ඩ ගෙනැවිත් නොතිබූ නිසා නඩුව පසුවට කල් දැමිණ. ඊටපසු, නැවත වරක්‌ නඩුව අසන විට මෙම තරුණියට අසනීප බවත්, ඇයට සාක්‌ෂිදීමට නොහැකි බවත් පොලිසිය කීවේය. එවිට නඩුව කල් දැමිණි. එවිට මම ගොන්ජාගෙන් මෙම කතාවේ ඇත්ත නැත්ත විමසීමි. එවිට ඔහු එකහෙළාම බයිබලය මත දිවුරා හෝ එවැනි දූෂණයක්‌ නොකළ බව කිව හැකි යෑයි කීවේය. මා වාසුදේව නානායක්‌කාරට ඇති ගෞරවය නිසාම, ඔහු කී දේ විශ්වාස කළෙමි. මා කළ දේශනය පුවත්පත්වල පළ විය. ඊටපසු දින මෙම නඩුව අඬගැසූ විට ඇය කූඩුවට නැග ඇය කසාද බැඳපු කාන්තාවක්‌ බවත්, විත්තිකරු වැරදිකරු වුවත්, ඔහුට ඇති ප්‍රසිද්ධිය නිසා තමාගේ නමට ද, පවුලට ද, කසාදයටද ද, දරුවන්ට ද, විශාල අපකීර්තියක්‌ වන බැවින් මේ නඩුවේ සාක්‌ෂි දීමට නොහැකි යෑයි ඇය කූඩුවේ සිට කියා සිටියාය. විනිසුරුතුමිය ඇයව තම නිල කාමරයට කැඳවා භය නැතිව සාක්‌ෂි දෙන ලෙස අවවාද කර ඇත. එහෙත්, ඇය එම ස්‌ථාවරයේම සිටියාය. පසුව, මට දැනගන්නට ලැබුණේ මෙය කරන ලද්දේ මවිසින් අසන ප්‍රශ්නවලට ඇයට උත්තර දී ගත නොහැකි තත්ත්වයකට පත්වනු ඇතැයි ඇයගේ මිතුරන් ඇයට කියා ඇති හෙයිනි. මෙය අන්තර් ජාලයේ පළවීමෙන් වෙනත් රටවල ජීවත් වන තමාගේ ඥාතීන්ට මෙය දැනගැනීමට ලැබී ඇයට විශාල කැළලක්‌ ඇතිවන බව ද, සිතූ නිසා මෙම නඩුව තවදුරටත් ගෙන යැමට නොහැකි බව නැවත වරක්‌ කියූ නිසා විනිශ්චයකාරවරියට කිසිවක්‌ කරගත නොහැකි වූයෙන්, මෙය අවසන් වූයේ ගොන්ජා නමැති ස්‌ත්‍රී දූෂකයා නිදහස්‌ වීමෙන්ය. මෙම නඩුව ඉදිරියට ගියා නම් සාධාරණ සැකයෙන් තොරව, නඩුව ඔප්පු කිරීමට හැකිව ඔහු වැරදිකරු වන බව මම දැන සිටියෙමි. ගොන්ජා සිටිය යුත්තේ දුෂ්ට චරිත රඟපාමින් රිදී තිරයේ නොව බෝගම්බර හෝ වැලිකඩ බව මම දැන සිටියෙමි. 
 
 ඊටපසු, මෙම ප්‍රීතිය නිමිත්තෙන් ගොන්ජාගේ නිවසේ සාඡ්ජයක්‌ පැවැත්වුණි. එම සාඡ්ජයට මගේ කනිෂ්ඨ නීතීඥවරුන් සහභාගි විණ. ඒ අවස්‌ථාවේදී මෙම නඩුවට මා සමග සහභාගි වූ තරුණ නීතිඥවරයා ගොන්ජාට ළංව "ගොන්ජා ඇත්ත කියපං. මොකක්‌ද වුණේ ඇත්තටම." "ඔව් මචං මට මොනවා වුණාද දන්නේ නෑ. මේ කෙල්ල දැක්‌ක ගමන් මම අප්සට්‌ වුණා. මම ඇය බදාගෙන ඉම්බා. ඊටපස්‌සේ ඇඳට තල්ලුකර දූෂණය කළා" යෑයි පැවසුවේය.  
 
 ගොන්ජාගේ කතාවේ පසුබිම මේකය. මෙම තරුණ කාන්තාව එකල අලුතෙන්ම හඳුන්වාදෙන දුරකථන දැන්වීම්, එනම් ඕනෑම වෙළෙඳ භාණ්‌ඩයක්‌ සම්බන්ධයෙන් දුරකථනයට නිවේදනය වීමේ ක්‍රමය හඳුන්වාදෙන ලද්දේ මැය සහ මැයගේ සැමියාය. දැනටත් ජනාධිපතිවරු අපට අවුරුද්දට සුබ පතන්නේ මේ ක්‍රමයෙනි. ඒ තැනැත්තිය ගොන්ජා අධ්‍යක්‌ෂණය කරන අලුත්ම චිත්‍රපටයේ දැන්වීම් ලබාගැනීම සඳහා කතාකොට ඇත. ගොන්ජා එවකට තනිවම තට්‌ටු දෙකක නිවසක සිටි අතර, යට තට්‌ටුවේ කාමරයක සිටියේ වයෝවෘද්ධ මුරකරු පමණි. මෙම තරුණියට තම නිවසට පැමිණෙන ලෙස ගොන්ජා ආරාධනය කර ඇත. මේ තරුණිය පැමිණි විට මුරකරු තරුණියට උඩට යන ලෙස කියා ඇත. තරුණිය මඳක්‌ අදිමදි කළ පසු ගොන්ජා බැල්කනියට පැමිණ ඇයට උඩට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත. එහිදී ගොන්ජා ප්‍රසිද්ධ නළුවෙක්‌ නිසා ඔහු දුෂ්ට චරිත රඟපෑව ද, ඔහු අතිශයින්ම අහිංසක පුද්ගලයෙකු ලෙස පුවත්පත්වල ලිපි පළවු නිසා එසේම, මෙම දැන්වීම් ලබාගැනීමෙන් ප්‍රගතියක්‌ ඇයගේ සමාගමට විය හැකි නිසාත්, මෙම දැන්වීම් පිළිබඳ සියලුම ලිපිලේඛන රැගෙන කාමරයට ගියාය. ගොන්ජා හිටියේ සැදී පැහැදීය. ගොන්ජා අත්කොට කමිසයක්‌ ඇඳගෙන, කොට කලිසමක්‌ ඇඳගෙන කකුලක්‌ පිට කකුලක්‌ දමාගෙන ඇදේ හාන්සිවී සිටියේය. ඇය මේ දුටු වහාම තිගැස්‌සුණාය. එන්න එන්න වාඩිවෙන්න බයවෙන්න එපා කියා, වාඩිවෙන්න කියා ඊටපසු, ඇයව බලහත්කාරයෙන් දූෂණය කළේය. එවිට ඇය ගොන්ජාව තල්ලුකර දමා කෙළින්ම ගියේ පොලීසියටය. මේ කතාව සම්බන්ධයෙන් මගේ තරුණ නීතිඥවරයා ගොන්ජාට කියා ඇත්තේ "සර්ට බොරු කිව්වට අපට බොරු කියන්න එපා. අපි දන්නවා ඇත්ත." "නෑ මචං සුළුදෙයක්‌ වුණා තමයි. ඒත් පස්‌සේ ඒකී කැමැති වුණා" යෑයි පවසා ඇත. මෙය මට හෙළි නොකිරීමට මගේ කනිෂ්ඨ නීතීඥවරු වග බලා ගත්හ. ඊයේ පෙරේදා මට නැවතත් මේ කනිෂ්ඨ නීතිඥවරයා හමුවූ විට මගේ අධිකරණ වික්‍රම ගැන කතා කරන විට මේ සිද්ධිය, මේ ඇත්ත මට කියා සිටියේය. මම අතිශයින්ම කනගාටුවට පත්වුණෙමි. එම තරුණ කාන්තාව සිංහල කාන්තාවක්‌ නොවේ. ඇය දෙමළ ක්‍රිස්‌තියානි ඉතා වැදගත් පවුලකින් පැවත එන කාන්තාවකි. ඇයට වූ ඇබැද්දිය අනුව මෙවැනි සමාජය රවටන අවිචාරවත් දූෂිතයන්, දූෂකයන්, ස්‌ත්‍රී දූෂකයන් සිරගත නොකිරීමට මම ද, හවුල් වුණැයි දුකක්‌ මට ද, ඇති විණ. අර රන්ජන් රාමනායක කියන අන්දමට ඕනෑම වරදක්‌ කළත් ගාස්‌තුවක්‌ අරන් ජනාධිපති නීතීඥයකු වරදකරුවන් බේරනවා යයි කීම මේ ගොන්ජාගේ කථාව දැනගත්තාට පසු කළ ප්‍රකාශයක්‌ දැයි මට සිතේ.  
 
 ගොන්ජා මෙම නඩුවට කොතරම් බයවුණාද කිවහොත් ඔහු ළඟ සිටි එකල වඩා ප්‍රසිද්ධ නොවූ, අද මිලියනපතියකු බවට පත්වී සිටින ශාස්‌ත්‍රකාරයකු ඔහු මෙම නඩුවෙන් නිදහස්‌ වන බවත්, අලුත් නියෝජිතයෙකු ගොන්ජාට හමුවෙන බවත්, එසේ හමුවනතුරු ගෙදර ඉඳන් මන්ත්‍ර ජප කරන බවත්, මෙම මන්ත්‍රයෙන් විනිශ්චයකාර තුමියගේ වැරදි අදහස්‌ ඉවත්වන බවත් පවසා ලක්‌ෂ ගණනක්‌ ලබාගෙන මන්ත්‍ර ජප කළ බව ගොන්ජා මට කියා සිටියේය. එතකොට මම ද මෙම කථාවෙන් අන්දුන් කුන්දුන් වූයෙමි. මෙම නඩුවට පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා හදිසියේ අසනීප වී කකුල කඩා ගත්තේය. ඒ නිසාම ඔවුන් කියන පරිදි හදිසියෙන්ම මා හමුවීමට පැමිණියේය. සාක්‌ෂිකාරිය සාක්‌ෂී දීමට බැහැයි කීවාය. මේ ශාස්‌ත්‍රකාරයා මහ වැඩකාරයකු ලෙස මම ද, සිතා ගතිමි. අහම්බෙන් වගේ මේ සිදුවීම සිදුවුණා මිසක ශාස්‌ත්‍රයෙන් සිදු නොවූ බව මම දැනගත්තේ ඊට පසුවය. මේ ශාස්‌ත්‍රකාරයා මහත් ප්‍රසිද්ධියට පත්ව කෝටිපතියකු විය. ඔහුගේ පුතාට මටවත් නැති කාර් හතරක්‌ පහක්‌ ඇත. මහින්ද රාජපක්‌ෂගෙන් කුට්‌ටියක්‌ කඩා ගන්නට මොහු මහින්ද රාජපක්‌ෂ මැරෙන්නේ අහස්‌ යානයක්‌ කඩා වැටීමෙන් යෑයි ප්‍රකාශ කළේය. ඊටපසු මහින්දගේ ඉතා කැමති විනෝදාංශය වූ පිටරට යැමද මඳක්‌ අඩාල විණ. පසුව, ඔහු මහින්ද රාජපක්‌ෂ දිනන බව සත්‍යයක්‌ ලෙස අනාවැකි කීවේය. ගොන්ජා වගේම මෙවැනි මිථ්‍යා මත වපුරන්නවුන් මේ තරම් ප්‍රසිද්ධියක්‌ ලබාගෙන මේ තරම් මුදල් අයකර ගෙන ජීවත්විය හැකි එකම රට ලංකාව බව මට වැටහේ.  
 
 මොවුන් දෙදෙනාම කරන්නේ මිනිසුන් රැවටීමය. ගොන්ජා ස්‌ත්‍රී දුෂණයට සිරගත කළ යුතුව තිබුණි. එහෙත්, ගොන්ජා අද වීරයෙකි. දුෂ්ටයකු වුවද, මිනිස්‌සු අප්පුඩි ගසන්නේත් විසිල් ගසන්නේත් ගොන්ජාටය. කොල්ලාට නොවේ. 

අයවැයේ ආණ්‌ඩුව හංගපු බදු මෙන්න

අයවැයේ ආණ්‌ඩුව හංගපු බදු මෙන්න

Image result for sunanda madduma bandara

ජනතාවට වැඩි බරක්‌ නොපැටවූ අයවැයක්‌ ලෙස බැලූ බැල්මට පෙනුණත් මෙවර අයවැය වක්‍ර බදු ලෙස ජනතාවගෙන් විශාල මුදලක්‌ එකතු කර ගැනීමට සැලසුම් කළ අයවැයක්‌ බව කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්‌ඩාර මහතා පවසයි. මෙවර අයවැය පිළිබඳ 'දිවයින ඉරිදා සංග්‍රහය' සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් අයවැය ප්‍රකාශ කිරීමටත් පෙර සහන මල්ලක්‌ ජනතාවට දුන් ආණ්‌ඩුව අයවැයෙන් බදු ගෝනියක්‌ ජනතාව පිට පටවා ඇති ආකාරය ඔහු විග්‍රහ කළේ මෙසේය.

 
 ආණ්‌ඩුව අයවැයට කලින් දවසේ ජනතාවට සහන මල්ලක්‌ දුන්නා. අයවැයෙන් එය නොකර ඇයි අයවැයට පෙරදා එවැන්නක්‌ කළේ?
 
 මේ අයවැයෙන් ජනතාවගේ ජීවන බර අඩුවන විදිහේ සහනයක්‌ ලබාදිය යුතුය කියන අදහසක්‌ අයවැය ප්‍රකාශයට පත්කරන්නට පෙර සමාජය තුළ තිබුණා. නමුත් මේ අයවැයෙන් එවැනි කිසිදු සහනයක්‌ මහජනතාවට නොමැති නිසා අයවැය ඉදිරිපත් කරන්නට පෙර මහජනතාවට සහන මල්ලක්‌ දෙන්න ආණ්‌ඩුව කල්පනා කළා වෙන්න පුළුවන්. මීට පෙරත් ඔය විදිහටම භාණ්‌ඩ 10 ක්‌ පිළිබඳ සහන මල්ලක්‌ ගැන ආණ්‌ඩුව කතා කළා. කොත්තමල්ලි වැනි දේ ඇතුළත් කරල ආණ්‌ඩුව එවැනි දේ කරන්නෙ මහජනතාව පිනවන්නයි. ඉන්පසු කවුරුවත් ඒව ගැන සොයා බලන්නෙ වත් කතා කරන්නෙ වත් නෑ.
 
 මේ අයවැයේ වැඩි අවධානය යොමු කළ කාරණා දෙකක්‌ තිබෙනවා. එකක්‌ මත්පැන්. අනෙක වාහන. මත්පැන්වලට බදු පනවල තිබෙන්නෙ එහි ඇති මධ්‍යසාරවල අනුපාතයට අනුව. බියර් මිල අඩුවුණේ ඒ නිසා. වාහනවලට බදු පනවන්නෙත් වාහනවල එන්ජින් ධාරිතාව අනුව. මේ බදු පැනවීමේ ක්‍රමවේද ගැන ඔබේ අදහස කුමක්‌ද?
 
 අපේ රටේ සංස්‌කෘතික සහ සමාජ තත්ත්වයන් ගැන නොසලකා කරපු දෙයක්‌. එයට ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුම දක්‌වපු ප්‍රතිචාර රටම දැක්‌කා. අයවැයේ මේ යෝජනා පිළිබඳ ඇමැතිවරුන් අතරවත් එකඟතාවක්‌ නැති බව එයින් පැහැදිලි වුණා. වාහනවලටත් බදු පැනවූ ක්‍රමවේදය අපහැදිලියි. මේ පිළිබඳ වාහන හිමිකරුවන්ගේ සංගමය කියන්නේ විදුලි වාහනවලට මෙවර අයවැයෙන් ලබාදෙන බදු ලංකාවට ගෙන්වන කිසිදු වාහනයකට නොලැබෙන බවයි. බදු සහනය දීල තිබෙන්නේ අපේ රටට ගෙන්වීමට අවසර නොමැති වාහනවලට. හයිබ්‍රිඩ් වර්ගයේ වාහනවල බදු වැඩිකරල තිබෙනවා. විදුලි වාහන ආරෝපණය කිරීමට අවශ්‍ය විදුලිය ඇතැම් අවස්‌ථාවල දැනුත් ලබාගන්නේ තෙල්වලින්. නමුත් හයිබ්‍රිඩ් වාහනවල බැටරිය එම වාහන ගමන් කරද්දීම ආරෝපණය වන නිසා විදුලිබල අර්බුදයක්‌ තිබෙන අපේ රටට වඩාත්ම ගැලපෙන්නෙ හයිබ්‍රිඩ් වාහනයි. එම නිසා විදුලි වාහනවලට බදු අඩුකරද්දී හයිබ්‍රිඩ් වාහනවල බදු වැඩිකිරීම විහිළුවක්‌.
 
 ඇයි මේ අයවැය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් වෙනකොට රජයේ ඇමැතිවරුම ඊට විරුද්ධත්වය ප්‍රකාශ කරන්නෙ?
 
 මෙවැනි දේ තුළින් රටට පෙනෙන්නෙ අයවැයක්‌ මේ රටේ මින් පෙර නොතිබූ ආකාරයට ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇති බවයි. අයවැයක්‌ සකස්‌ කිරීමේ අපේ රටේ මෙතෙක්‌ පැවති ක්‍රියාවලිය වන්නේ මහජනතාවගේත් මහා සංඝරත්නය ඇතුළු බුද්ධිමතුන්ගේ අදහස්‌ හා යෝජනා කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරල ඒ පිළිබඳ පූර්ණ එකඟත්වයකට එළඹුණාට පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පසු කිසිම ඇමැතිවරයෙක්‌ එම යෝජනා සුළු වශයෙන් හෝ විවේචනයට ලක්‌ කරන්නේ නෑ. එක්‌ අවස්‌ථාවකදී ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ ඉදිරිපත් වූ අයවැයක තිබුණු සුළු අඩුපාඩු කිහිපයක්‌ ඒ ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුව සිටි එම්. ඩී. එච්. ජයවර්ධන මහතා ඉතා කෙටියෙන් කරුණු දැක්‌වීමක්‌ කළ අවස්‌ථාවේ ඡේ. ආර්. ජයවර්ධන මහතා ඔහු කැබිනට්‌ මණ්‌ඩලයේ සාමූහික වගකීම කඩ කළ බව කියමින් ඇමැති ධුරයෙන් නෙරපා හැරියා. 
 
 අද අපේ පාර්ලිමේන්තුවේ ඇමැතිවරුම ආණ්‌ඩුවේ අයවැයට සංවිධානාත්මකව පහර දෙනවා. එයින් පෙනෙන්නේ මේ ආණ්‌ඩුව තුළ සාමූහික වගකීම එහෙමපිටින්ම බිඳවැටී ඇති බවයි.
 
 අයවැය කියන්නේ ඊළඟ වසර තුළ රට ගමන් කරන ආකාරය පිළිබඳ ලියෑවිල්ලක්‌. නමුත් රටේ ප්‍රශ්නවලට සහ ඉදිරි ගමනට උවමනා කෙටිකාලීන සහ දීර්ඝකාලීන විසඳුම් ද එයින් ඉදිරිපත් කරනවා. මේ අයවැය තුළ එවැනි විසඳුම් සහ යෝජනා අඩංගු වී තිබෙනවද?
 
 මේ අයවැයේ ඇතැම් තැන්වල 2015 වන විට මේ මේ විදිහේ ඉලක්‌කවලට යැමට බලාපොරොත්තු වන බව දක්‌වා තිබුණත් ඊට අවශ්‍ය වැඩපිළිවෙළක්‌ මේ අයවැයෙන් යෝජනා කර නෑ. මේ ආණ්‌ඩුව බලයට පත්වූ සැටියේම දින 100 විප්ලවකාරී වැඩසටහන නමින් 2015 වසරට අදාළව කෙටි අයවැයක්‌ ඉදිරිපත් කළා. 2016 සහ මෙවර 2017 වසරටත් අයවැය ලේඛන ඉදිරිපත් කළා. මේ අයවැය ලේඛන සියල්ල දෙස බලන විට පෙනෙන පොදු කාරණය වන්නේ මේ යෝජනා එකට එකක්‌ කිසි සම්බන්ධයක්‌ නැති ඒවා බවයි. එයින් පෙනෙන්නේ රටේ ආර්ථික ගමන ඵලදායී ලෙස හසුරුවන යෝජනා සහිත අයවැය ලේඛනයක්‌ නිර්මාණය කරන්න ආණ්‌ඩුවේ තිබෙන නොහැකියාවයි.
 
 මේ ආණ්‌ඩුවේ ගතවූ කාලය පුරාව රටේ ආර්ථික වර්ධන වේගය සීයයට 4 ක ප්‍රමාණයේයි පැවතුණේ. නමුත් පසුගිය රජය සමයේ යුද්ධය පවතින විටත් ආර්ථික වර්ධන වේගය සියයට 5 සීමාවේ පැවතුණා. මෙයින් පෙනෙන්නේ මේ ආණ්‌ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවල වරදක්‌ද?
 
 ආණ්‌ඩුව රැකියා දශ ලක්‌ෂයක්‌, මැදි ආදායම් ලබන රටක්‌ වැනි වචන ප්‍රකාශ කළාට සියයට 4 ක ආර්ථික වර්ධන වේගයක්‌ ඇති රටකට ඒ කිසි දෙයක්‌ ලබාගන්න බෑ. රටේ උද්ධමනය, ජනගහනය වැනි දේවල් වැඩිවෙනවා. මේ ක්‍රමය තුළ ඒවා ජයගැනීමට හැකිවේ යයි හිතන්න බෑ.
 
 මේ අයවැය ජනතාවගෙන් කිසිත් නොගත්, ඒවගේම ජනතාවට කිසිවක්‌ නොදුන් අයවැයක්‌ බවයි ඇතැම් පුද්ගලයන්ගේ මතය. නමුත් මේ අයවැයෙන් සෑම පුද්ගලයකුගෙන්ම විශාල මුදලක්‌ අයකරගත හැකි වනසේ සැඟවුණු බදු ක්‍රමයක්‌ තිබෙන බවට ඇතැමුන් කරන ප්‍රකාශ සත්‍යයක්‌ද?
 
 ආණ්‌ඩුව ජනතාවට පැහැදිලි නොකළට මේ අයවැය නිසා ජනතාවට අති විශාල මුදලක්‌ බදු ලෙස ගෙවන්නට සිදුවෙනවා. පසුගිය අවුරුදුවල වැඩි නොකළ භාණ්‌ඩ හා සේවා ගාස්‌තු ඉදිරියේදී වැඩිකරන බවට මෙහි ඉඟි පළවෙලා තිබෙනවා. උප්පැන්න, මරණ, විවාහ සහතික, තැපැල්, පුරවැසි හැඳුනුම්පත්, බලපත්‍ර, සත්වෝද්‍යාන ගාස්‌තු, පුරාවිද්‍යාස්‌ථානවලට ඇතුළුවීමේ ගාස්‌තු ආදිය ඒ අනුව වැඩිවෙනවා. ඒ තුළින් අපේක්‌ෂිත බදු ආදායම මිලියන 7500 ක්‌. මේ දක්‌වා ජාතිය ගොඩනැගීමේ බද්ද සහ වැට්‌ බදු අය නොකළ සියලුම භාණ්‌ඩ සඳහාත් බදු සඳහා ඇතුළත් කර තිබෙනවා. නොයෙක්‌ මල් වර්ග, ප්ලාස්‌ටික්‌ භාණ්‌ඩ, ලී බඩු, වීදුරු පබළු, යන්ත්‍රොaපකරණ, විදුලි භාණ්‌ඩ, ඇස්‌ කණ්‌ණාඩි, කැමරා සහ ප්‍රොජෙක්‌ටර්, ඔරලෝසු ඇතුළු භාණ්‌ඩ විශාල ප්‍රමාණයක්‌ ඊට ඇතුළත්. මේ තුළින් ආණ්‌ඩුව අපේක්‌ෂා කරන ආදායම මිලියන 25,000 ක්‌. ඒ අනුව මේ අයවැයෙන් ජනතාවට ඇති කරන පීඩනය විශාලයි.
 
 මේ සියල්ලටම අමතරව පසුගියදා ආණ්‌ඩුව බදු පනතක්‌ සම්මත කර ගත්තා. එයින් රටේ සෑම කෙනෙක්‌ම පාහේ බදු ගෙවන්නෙක්‌ බවට පත්වෙනවා. බැංකුවක සුළු ඉතුරුම් ප්‍රමාණයක්‌ ස්‌ථාවර තැන්පතු ලෙස පවත්වාගෙන යන්නෙකුට වුවත් ඒ සඳහා ආණ්‌ඩුවට බදු ගෙවිය යුතු වෙනවා. ඒ තැන්පතුවලින් පොලී ආදායමක්‌ ලබා ගන්නවා එයට බදු ගෙවන්න සිදුවෙනවා. පුද්ගලික අංශයට ලබාදෙන ප්‍රවාහන දීමනා, ආහාරපාන සඳහා ලැබෙන දීමනා, නොයෙක්‌ දිරි දීමනා, කොමිෂන් වැනි දේවල් බදු ගෙවිය යුතු ආදායම් මාර්ග ලෙස ඇතුළත් කර තිබෙනවා. අර්ථසාධක අරමුදල් ලබාගන්නා විට එයිනුත්, විශ්‍රාම පාරිතෝෂිකයෙනුත්, යම් බදු මුදලක්‌ අයකිරීමට යෝජනා වී තිබෙනවා. මේ අනුව මේ අයවැයෙන් වැඩි පීඩනයක්‌ ඇති කර තිබෙන්නේ රටේ අඩු ආදායම් හා මැදි ආදායම් ලබන පිරිසටයි. 
 
 ඒවගේම මේ ආණ්‌ඩුව දින 100 වැඩසටහනේ පටන් පසුගිය වසරේ ඉදිරිපත් කළ අයවැය ලේඛනය දක්‌වා මේ ආණ්‌ඩුව ඉදිරිපත් කළ අයවැය හතරේ තිබූ බොහෝ කරුණු ඉෂ්ට වෙලා නෑ. 2016 අයවැය ලේඛනය මගින් වියදම් කරන්නට ඇස්‌තමේන්තු කළ මුදල් ප්‍රමාණය බිලියන 3898 යි. නමුත් වියදම් කළේ බිලියන 3106 යි. ඇස්‌තමේන්තු කළ මුදලින් බිලියන 792 ක්‌ වියදම් කළේ නෑ. 
 
 ජනතාවට සහන දෙන්න වුවමනාවක්‌ මේ ආණ්‌ඩුවට තිබෙනවා නම් කිසිම ප්‍රශ්නයක්‌ නැතිව තෙල් මිල අඩුකරන්නට පුළුවන්. 2014 දී තෙල් බැරලයක්‌ ලංකාවට ගෙන්වල තිබෙන්නෙ ඩොලර් 109.53 කට. අද තෙල් බැරලයක මිල ඩොලර් 41 යි. 2014 වසරේදීට වඩා අඩකටත් වැඩි ප්‍රමාණයකින් ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලයක මිල අඩුවී තිබුණත් ආණ්‌ඩුව රුපියල් 33 කින් තෙල් අඩුකළත් තෙල් මිලෙන් අති විශාල ලාභයක්‌ ලබනවා. වර්තමාන තෙල් ලීටරයක මිල අනුව ඩීසල් ලීටරයක්‌ රුපියල් 50 කටත් පෙට්‌ට්‍රල් ලීටරයක්‌ රුපියල් 65 කට ජනතාවට අලෙවි කළත් ආණ්‌ඩුවට විශාල ලාභයක්‌ ලබන්න පුළුවන්. නමුත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවීමේ සහනයවත් මේ ආණ්‌ඩුව ජනතාවට දෙන්නේ නෑ.

උපුටා ගැනීම 
http://divaina.com/sunday/index.php/visheshanga1/1002-2017-11-17-14-01-43

ගින්තොටදී වජිර නෝන්ඩි වුනු හැටි

ගිංතොට දී පසුගිය දින ඇතිවූ සිංහල මුස්ලිම් ජාතිවාදී ගැටුම නිරීක්ෂණය සඳහා ගිය ඇමති වජිර අබේවර්ධනව ප්‍රදේශවාසීන් හූ . කියා පන්නා දමා තිබුණි . 
එම ජාතිවාදී ගැටුම සැබෑ ලෙසම දේශපාලන අරමුණක් සහිතව වජිර අබේවර්ධනගේ හෙන්චයියෙකු වන හිටපු එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී නියාස් හුසේන් නමැත්තා විසින් ඇතිකළ එකක් බව තතු දන්නෝ පවසති 
වජිර අබේවර්ධනට හූ කියූ වීඩියෝව පහත දැක්වේ 

මහින්ද ගෝටා තාම තරුණයි - ව්‍යායාම් වීඩියෝව

අනිවාර්යයෙන් නරඹන්න 

හිටං හුටං ලාට කරන්න තියා හිතන්නවත් බැරි ජාතියේ සදාදරණීය නායක මහින්ද රාජපක්ෂ මහතාගේත් ගෝටාභය රාජපක්ෂ මහතා , ශිරන්ති මැතිනිය සහ නාමල්ගේ යෝග ව්‍යායාම් කිරීමේ වීඩියෝව 

පණ නැති  නායකයෝ සහ පණ ඇති නායකයෝ 

Monday, November 6, 2017

බාල තෙල් ගන්න දේශපාලන බලපෑම් - අර්ජුන කියයි

බාල තෙල් ගන්න දේශපාලන බලපෑම් - අර්ජුන කියයි
Image result for arjuna ranatunga
ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි. ඕ.සී) මගින් ගෙන්වා ප්‍රමිතියෙන් තොරවීම නිසා ප්‍රතික්‍ෂේප කළ තෙල් නැව ගොඩබෑමට අවසර දෙන ලෙසට දේශපාලනඥයින්ගෙන් මෙන්ම ව්‍යාපාරිකයින්ගෙන් ද බලපෑම් එල්ල වන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
එම නැවෙහි ඇති තෙල් වෙළඳපළට නිකුත් කළේ නම් දැනට ඇති වී තිබෙන අර්බුදයට වඩා වැඩි අර්බුදයක් ඇති වන බවත් අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය.
ජනතාවගේ සමාව ඉල්ලයි !

ප්‍රමිතියෙන් තොර ඉන්ධන සහිත නෞකාව මේ වන විට දින 16ක් තිස්සේ ත්‍රීකුණාමල මුහුදේ නවත්වාගෙන එහි තෙල් ශ්‍රී ලංකාවට ලබාදීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කී අමාත්‍යවරයා, කුමන බලපෑම් පැමිණියත් එම තෙල් ලබාගැනීමට සූදානම් නැතැයිද සඳහන් කළේය.

නිවැරදි තීරණ පමණක් ගන්නා ලෙස තමන්ට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද උපදෙස් දී ඇතැයි කී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, කෙසේ වෙතත් ඇති වූ අර්බුදය හේතුවෙන් ජනතාවට ඇති වූ පීඩාව සම්බන්ධයෙන් තමා අමාත්‍යවරයා ලෙස සමාව ඉල්ලා සිටින බව ද කීවේය.

අසරනියින් අමාරුවේ දැමු කුප්ප ඩ්‍රයිවර්

පෞද්ගලික  බස් රියදුරෙකු කරන අශික්ෂිත  රිය පදවීමක් නිසා පාසල් ළමුන් ඇතුළු පිරිසක් රැගත්  බස්රථයක් පාරෙන් ඉවතට පෙරලි යන අයුරු Live

තව දින දෙකකින් පෙට්‍රල් ඉවරෙටම ඉවරයි.. 11 වෙනිදා දක්වා අඩුම තරමේ දින දෙකක් පැට්‍රල් චුට්ටක්වත් නැත .

තව දින දෙකකින් පෙට්‍රල් ඉවරෙටම ඉවරයි.. 11 වෙනිදා දක්වා අඩුම තරමේ දින දෙකක් පැට්‍රල් චුට්ටක්වත් නැත .
Image result for lanka පෙට්රෝල්
ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා පියවර ගෙන ඇති බවට බලධාරීන් ප්‍රකාශ කළ ද තවමත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසළ තවදුරටත් දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තා වේ.
ඇතැම් ඉන්ධනහල්වල පෙට්‍රල් නොමැති බවට සඳහන් කළ පුවරු ද දක්නට ලැබෙන අතර ඇතැම් ඉන්ධනහල්වලට පෙට්‍රල් ලැබෙන බවට තොරතුරු ලැබීමෙන් එම ඉන්ධනහල් අසල දිගු පෝලීම් දක්නට තිබේ.
මේවන විටත් කොළඹ අවට සහ හෝමාගම, මහරගම, කොට්ටාව ඇතුළු තදාසන්න ප්‍රදේශවල ඉන්ධනහල්වල පෙට්‍රල් නොමැති අතර ඇතැම් ඉන්ධනහල් අසල කිලෝමීටරයක පමණ දුරකට වාහන පෝලීම් දක්නට ඇත.
පෙට්‍රල් ලබාදීම සීමා කරන ලෙසට ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල් වෙත උපදෙස් ලබාදී ඇතැයි ද වාර්තා වේ.
මේ අතර ඉන්ධන අවශ්‍යතාවට අමතරව පිරවුම්හල්වලින් අමතර බඳුන්වලට ඉන්ධන ලබාගැනීමෙන් වළකින ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
අද මධ්‍යම රාත්‍රිය වන තෙක් පමණක් තම පිරවුම්හල්වල පෙට්‍රල් තොග පවතින බව ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල සේවකයෝ පවසති.
ඉන්ධන මෙට්‍රික් ටොන් 2800 ක් අද දිනයේ වෙළෙඳපොළට නිකුත් කරන බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය පවසයි. ඒ හරහා රට තුළ පවතින ඉන්ධන හිඟය මගහැරී යනු ඇති බව එහි කළමනාකාර අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතා සඳහන් කළේය.
ඛනිජ තෙල් සංස්‌ථාව සතු පෙට්‍රල් තොග අවසන් වෙමින් තිබීම නිසා ඉදිරි දින තුනක කාලයේදී රටපුරා පෙට්‍රල් සැපයුම සම්පූර්ණයෙන්ම නතරවන තත්ත්වයක්‌ නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.
සංස්‌ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ මේ වනවිට ඛනිජ තෙල් සංස්‌ථාව සතු මුතුරාජවෙල ගබඩාවෙහි පෙට්‍රල් තොග සියල්ල අවසන්ව තිබෙන අතර කොලොන්නාව ඉන්ධන ගබඩාවේ ඉතිරිව තිබෙන්නේ මෙට්‍රික්‌ ටොන් තුන්දහසක තොගයක්‌ බවයි.
එම තොගයෙනුත් මෙට්‍රික්‌ ටොන් 500ක්‌ ඔක්‌ටේන් 95 පෙට්‍රල් වන අතර දැනට තිබෙන මෙට්‍රික්‌ ටොන් 3000 සම්පූර්ණ පෙට්‍රල් තොගය මෙරට එක්‌ දිනක පරිභෝජනයට සෑහෙන ප්‍රමාණයක්‌ බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
පෙට්‍රල් බෙදාහැරීම අවුලක
අත්‍යවශ්‍ය සේවා සඳහා පෙට්‍රල් ලබාදීම අනිවාර්යයෙන් සිදු කළයුතු බැවින් ඉතිරිව ඇති එම සම්පූර්ණ පෙට්‍රල් තොගය බෙදා හැරීමද මේ වනවිට විශාල ගැටලුවක්‌ වී ඇත.
මේ අතර, ඛනිජ තෙල් වෘත්තීය සමිති සඳහන් කළේ ඛනිජ තෙල් සංස්‌ථාව ඇනවුම් කළ මීළඟ ඉන්ධන නෞකාව ලබන 09 වැනිදා මෙරටට ළඟාවීමට නියමිතව ඇති බවයි.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම අසත්‍ය ප්‍රචාර පතුරවමින් තෙල් අර්බුදයක් නිර්මාණය කොට ප්‍රතික්ෂේප වූ තෙල් නැව ගොඩ බෑමේ උත්සාහයක තවදුරටත් නිරත වන බවටද එම වෘත්තීය සමිති චෝදනා කරයි.
ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඞී.ජේ.රාජකරුණා මහතා පැවසූවේ ප්‍රතික්ෂේප වූ තෙල් නැව මේ වන විට ත්‍රිකුණාමලය මුහුදු තීරයේ නැංගුරම් ලා ඇති බවයි.
ප්‍රතික්ෂේප වූ තෙල් නැව ත්‍රිකුණාමලයට ගොඩබෑමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ ලේකම් ජයන්ත පරෙයිගම මහතාද ප්‍රකාශ කළේය.
ඛනිජ තෙල් සංස්‌ථාව ඇනවුම් කළ මීළඟ ඉන්ධන නෞකාව 9 වැනිදා පැමිණියද එහි ඇති ඉන්ධන තොග සංස්‌ථා ගබඩාවලට පොම්පකර බෙදා හැරීම ආරම්භ කිරීමට තවත් දිනක්‌ ගතවන අතර පවතින අර්බුදය උග්‍රවීමට මෙම තත්ත්වය හේතුවන බව ද එම ආරංචි මාර්ග පැවසීය.
පවතින පෙට්‍රල් හිඟය සම්බන්ධයෙන් ඊයේ (05) විශේෂ නිවේදනයක්‌ නිකුත් කර ඇති ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා අරපිරිමැස්‌මෙන් යුතුව පෙට්‍රල් පරිභෝජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්‌ කළේය.
ඉන්දියන් ඔයිල් සමාගම මගින් ගෙන්වන ලද පෙට්‍රල් නෞකාවක තිබූ ඉන්ධන ප්‍රමිතියෙන් බාලවීම නිසා එය ගොඩබෑම නතර කළ අතර ඒ හේතුවෙන් ඉන්ධන හල් වෙත පෙට්‍රල් සැපයීමේ අඩුවක්‌ සිදුව තිබෙන බව ඇමැතිවරයා එම නිවේදනය මගින් සඳහන් කර ඇත.
මෙට්‍රික්‌ ටොන් හතළිස්‌ දහසකින් යුතු ඉන්ධන නෞකාවක්‌ අද (06) මෙරටට ළඟාවන බවද ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත් ඉන්ධන පිරවුම්හල්වල අද (05) දිනයේද දිගු පෝලිම් දක්‌නට ලැබිණි. කෑන්වලට පෙට්‍රල් ගැනීමට පැමිණි පිරිස්ද ඒ අතර විය.
කෙසේ වෙතත් පෙට්‍රල් නොමැතිවීමෙන් ජනතාව මහත් පීඩාවට පත් ඇති අතර තවදුරටත් පෙට්‍රල් නොමැති වුවහොත් ප්‍රවාහන කටයුතුද අඩපණ විය හැකි බව වාර්තා වේ.

මංගලගේ මංගල අයවැය සැකසීම 'දේදුනු අනන්තයේ' සිට

මංගලගේ මංගල අයවැය සැකසීම  'දේදුනු අනන්තයේ' සිට

මංගලගේ මංගල අයවැය 'දේදුනු අනන්තයේ' සිට

මුදල් ඇමති මංගල  පානදුර බොල්ගොඩ ගඟ අසබඩ ඇති දේදුනු අන්තය (Rainbows End)නම් ඔහුගේ නිවසේ සිට මේ වනවිට සකස් කරමින් පවතී . බොල්ගොඩ ගඟ අසබඩ න්හන්ද නිසංසල පරිසරයක පිහිටා ඇති මෙම නිවසට (දේදුනු අන්තය ) නම් තැබුවේ කුමන හේතුවක් නිසාදැයි වටහා ගැනීමට අපහසුය 

තෙල් නැවක් ආවා ඒත් ඩීසල් , පෙට්‍රල් නැව එන්නේ 09 වෙනිදා

තෙල් නැවක් ආවා ඒත් ඩීසල් , පෙට්‍රල් නැව එන්නේ 09 වෙනිදා
අද පෙරවරු 6.38 ට පමණ තැල නැවක් වරායට සේන්දු වී ඇති වාර්තාවේ . කෙසේ වුවත් මෙම නැවේ ඇත්තේ ඩීසල් වන අතර පෙට්‍රල් නැව ලබන 09 දා වරායට එතැයි  අපේක්ෂා කෙරේ

Ship D00c 001UACC MIRDIF  නම් මේ නැවේ තෙල් සාම්පල  පරීක්ෂාවට ලක් කර  නැවෙන් තෙල් පොම්ප කිරීම ඇරඹීම අද සවස් වීමට පෙර ඇරඹිය හැකි බවට විශ්වාසය පළවේ .
කෙසේවුවද, ලබන 11 වැනිදා (සෙනසුරාදා) දක්වා රටපුරා පෙට්‍රල් හිගයක් ඇතිවීමට ඉඩ ඇති බවට ද මේ අතර තොරතුරු වාර්තා වේ.
ඒ ලංකා ඛණිජතේල් සංස්ථාව ඇනවුම් කරන ලද පෙට්‍රල් නැව කොළඹ වරායට සේන්දුවීමට නියමිතව ඇත්තේ ලබන 09 වැනිදා බවට පැතිර ඇති රාවය නිසාය.
මෙසේ ළඟාවීමට නියමිතව ඇත්තේ n e v e r s k a l a d y නැමති නෞකාව වන ඇතර එය 09 වැනිදා අලුයම 00.30ට ලංකාවට පැමිණීමට නියමිතය.
ඒ අනුව නැව කොළඹ වරායට ඇතුල් කර තෙල් පොම්ප කිරිම 09 වැනිදා ආරම්භකළත් ඉන්ධන බෙදා හැරීම 10 වැනිදා සවස් වන තෙක් යථාතත්ත්වයට පත්වනු නොවනු ඇති බවද පැවසේ.Ship Doc 002
Ship Doc 003
මේ ඉන්ධන හිඟය ඇතිවීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව හා ලංකා ඉන්දියන් තෙල් සමාගම ඉන්දියාවෙන් ආනයනය කළ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් හතලිස් දහසක නෞකා දෙකක් නියමිත පිරිවිතරයන්ට නොමැතිව ප්‍රතික්ෂේප කිරීමය.
දිනකට පෙට්‍රල් ලීටර් හතලිස් හය ලක්ෂයක් අලෙවි වන අතර දැනට සපුගස් කන්ද තෙල් පිරිපහදුවේන් දිනකට නිෂ්පාදනය කරනු ලබන්නේ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් පන්දහසක් පමණක් බවද පැවසේ.
එම තත්ත්වය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වලින් යතුරුපැදියකට පෙට්‍රල් ලීටර 2ක්ද, ත්‍රීරෝද රථයකට පෙට්‍රල් ලීටර් 3ක්ද, ජීප් හා කාර් රථයකට පෙට්‍රල් ලීටර් 20ක්ද ලබාදීමට තීරණය කර තිබේ.
පසුගිය සිකුරාදා සවස සිට රටපුරා ඉන්ධන පිරවුම්හල්වල අධික පෝලිම් දැකීමට හැකි අතර මහාමාර්ගවල මෝටර් රථ ධවනයේද අඩුවක් දක්නට ලැබේ.

Sunday, November 5, 2017

කුඹියෝ ඇමතියෝ - අහලම බලන්න

අපේ ඇමති රොත්තත් ආණ්ඩුව ගත්ත දවසේ ඉඳල රටට වැඩ කරනවා වෙනුවට තමන්ගේ එවුන්ට කන්න හොයන එකනේ කරන්නේ ,,

වීඩියෝ එක බලලම ඉන්නකෝ.. 
 Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා 




අපිට මල පැනල ඉන්නේ හොඳේ

අපිට මල පැනල ඉන්නේ හොඳේ
Image result for r sampanthan
ඉවසීමේ සීමාවද ඉක්මවා ගොස් ඇති බැවින් තවදුරටත් කිසිදු දේශපාලනමය කැපකිරීමක් සිදු කිරීමට තමන්ගේ සූදානමක් නැතැයි දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරයි.
එම සන්ධානයේ නායක විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් මහතා සඳහන් කර ඇත්තේ තම සන්ධානය දැනටමත් දේශපාලන කැපකිරීම් රැසක් සිදුකොට ඇති බවයි.
මෙරට සංචාරයක නිරත දකුණු අප්‍රිකානු රෝෆිනා මාරක්ස් මහත්මිය පසුගියදා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක කාර්යාලයේදී සම්පන්දන් මහතා හමුවූ අවස්ථාවේ දී ඔහු මේ අදහස් දක්වා ඇත.
මෙරට ජාතික ගැටලුව වෙනුවෙන් විසඳුමක් ලැබීම අත්‍යවශ්‍ය බවත් දකුණු අප්‍රිකානු රජය විසින් ශ්‍රී ලංකා රජයේ දැඩි අවධානය ඒ කෙරෙහි යොමු කළ යුතුව තිබෙන බවත් ඒ මහතා මාරක්ස් මහත්මියට අවධාරණය කර ඇත.
මෙහිදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය, සංහිඳියා ක්‍රියාවලිය, වගවීමේ ක්‍රියාවලිය හා මෙරට වත්මන් දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කොට තිබේ.

කේතකී පුෂ්පයෝ කොහි වෙත්ද?

කේතකී පුෂ්පයෝ කොහි වෙත්ද?
මෛත්‍රිගේ ශ්‍රී ලනිප පාර්ශ්වය ද, රනිල්ගේ එජාප පාර්ශ්වය ද තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණෙන, පළාත් පාලන ඡන්දය ජනවාරි 20-30 අතර පැවැත්වීමට හැකිවන වටපිටාව, දැන් සැකසී ඇත. ඇමැති ෆයිසර්ටත්, මැතිවරණ කොමසාරිස් දේශප්‍රියටත් නැඟුණු චෝදනා හා විවේචන මැදින් දැන් පිටිය සකස් වී තිබෙන්නේය. ලකුණු ගන්නේ කවුද? දිනන්නේ කවුදැයි තීරණය කිරීමත්, මෙයින් හට ගන්නා දේශපාලන විපර්යාසය කෙසේද යන්නත් ජනතාව අතර කතා බහ වන්නේ මෙහෙමය.
"ගමේ ඡන්දයේ වැඩි ඉඩක් තවමත් මහින්ද මහත්තයට. අත ලකුණින් මෛත්‍රි ඉල්ලුවත්, වැඩි ගොඩ මහින්ද මහත්තයට. එහෙම වුණා ආසන මට්ටමේ ඡන්දෙකදී මෛත්‍රිගෙ ශ්‍රී ලංකා එක තුන්වෙනි තැනට ඒවි."
ඒ මහින්දට හිතවත් අය කියන දේය. මෛත්‍රි වටා ඉන්න ගමන් මහින්දටත් හිත්ලාගෙන, ශ්‍රී ලංකා එකත් රැකගන්න ඕනෑය කියා හිතන අය කියන්නේ.
"ඒකාබද්ධ විපක්ෂය පැත්තකට දාලා බෑ. ඒ අය වටා ඉන්නෙ මහින්ද මහත්තයට කැමැති පිරිස. මෛත්‍රි ඒ අය කපා දාලා අත ලකුණින් ඉල්ලුවාට වැඩක් නෑ. ශ්‍රී ලංකාකාරයෝ විදියට එක ගොඩකට දාගෙන අත ලකුණ හෝ බුලත් කොළය හෝ ඕනෑම ලකුණකින් එකට එකතු වෙලා ඉල්ලුවොත් ගොඩ"
එහෙම නොසිතා, මෛත්‍රිට ගොඩාක් හිතවත් බව පෙන්වමින් ඔහු වටා සිටින, යූඑන්පියෙන් ඇවිත් බින්න බැහැපු, මහින්දටත් මෛත්‍රිටත් බැනල ආසන පවා පරාද වෙච්ච අය කියන්නේ.
"මෛත්‍රිපාල ඉල්ලන්නෙ අතින්. ශ්‍රී ලංකා එකෙන්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව රැකගන්න ඕනෑ. 'අත' ලකුණින් සටනට බහිමු. අපි දිනනවා සිකුරුයි. ඒකාබද්ධයට ඔය කියන තරම් ජන රැල්ලක් නෑ. මහින්දගෙ කාලෙ දැන් ඉවරයි." කියලාය.
කෙසේ වෙතත් මෛත්‍රි හා මහින්ද අතර කොයිතරම් විරසකයක් තිබුණද, පක්ෂයක් විදියට ප්‍රගතිශීලි කණ්ඩායමක් ජයග්‍රහණය උදෙසා වන පෙරමුණක් වශයෙන් එනවා නම් ශ්‍රී ලනිපය සියලු බලවේග එකට එකතු කරගෙන, පළාත් පාලන මැතිවරණය ජයගත යුතුය කියා සිතන ශ්‍රී ලනිප හා වාමාංශිකයෝද සිටිති.
පළාත් පාලන ඡන්දයේ නාම යෝජනා භාර ගැනීම දෙසැම්බර් 11 - 20 අතර වන කාලයේදී සිදුවීමට නියමිතව ඇති නිසා සිදුවන්නේ කුමක්දැයි දැන්ම පේන බලන්නට බැරිය. අනාවැකි කියන්නටද බැරිය. එබැවින් ශ්‍රී ලනිපයේ ඉරණමත් මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවත් ආණ්ඩුවේ ඉදිරි පැවැත්මත්, එය කොයි දිශාවට යාදෝයි කිව හැකිවන මානයක්ද මෙම පළාත් පාලන මැතිවරණ සටනේදී හෙළිවීමේ සම්භාවිතාව වැඩිය.
මැතිවරණ කාලවකවානු නියම වන්නටත් පෙර සිටම පොලිසිය එළැඹෙන කාලය වෙනුවෙන් කලින්ම සූදානම්ව ඇති බවට වූ පුවතක්ද තිබෙන්නේය. ඒ අනුව පොලිසිය බැටන් පොලු 5000ක් සහ තවත් කැරැලි මර්දන උපකරණ රැසක් මිලදී ගන්නට ටෙන්ඩර් පත් කැඳවා ඇත. මේ අතරට කඳුළු ගෑස්, ගෑස් මුහුණු ආවරණ, හිස් වැසුම් හා ගල් මුගුරු ප්‍රහාරවලින් බේරීමට යොදා ගන්නා පලිහ ද ඇතුළත්ය.
මේ අතරතුරදීම ජනාධිපති මෛත්‍රි ද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ උත්සාහය ගැන ජනතාවට කරුණු කියන්නට පටන් ගෙන..
"එකට වාඩි වී සාකච්ඡා කර ප්‍රශ්න විස¼දා ගැනීම දියුණු මිනිසුන්ගේ ලක්ෂණයක්" යැයි කියා තිබුණේය.
මෙය කතාවක් හැටියට ඕනෑ දේකට අදාළව නම් හොඳය. එහෙත් ශ්‍රී ලනිපයේ සභාපති වශයෙන් මෛත්‍රි ඉදිරි කාලයේදී ගනු ලබන තීන්දු තීරණවලට අනුව නම් එය කොයිතරම් දුරට ප්‍රායෝගිකව සිදුවිය හැකි දැයි දැන්ම කියන්නට බැරිය.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නට කියලා, ඒකෙ හිටපු දැවැන්තයන් අස්කරලා. සංවිධායකකම්වලින් ඉවත් කරලා හදා ගත්ත වටපිටාව ඇතුළෙදි එකට ඉඳගෙන කතා කරලා ප්‍රශ්න විසඳගන්න වටපිටාවක් දැන් මෛත්‍රිට තියෙනවද?"
එහෙම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හදවතින්ම ආදරය කරන මිනිසුන්ය.
එම උත්සාහය කොයිතරම්ද කියනවා නම් ඇමැති ජෝන් සෙනෙවිරත්න
"අපි එකතු වෙලා සමඟි වෙලා හටන් කළොත් දිනුම්" කී විට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කියා ඇත්තේ "එහෙම එකට වාඩි වෙලා කතා කරන්න ගියොත් කන පැළෙන්න ගහනවා" කියන කතාවක්ය. එහෙම තත්ත්වයක් තියෙද්දී මහින්ද ඇතුළු පිරිසට මෛත්‍රිත් එක්ක කතා කරන්න පුළුවන්ද කියලා කෙනකුට අහන්නට හිතෙන්නේය.
තත්ත්වය මෙසේ පෙළ ගැසෙද්දී මෛත්‍රි එළැඹෙන්නේ සිය ජනාධිපති ධුර කාලයේ වෙන කිසිමදාක උදා නොවුණු අතිශය තීරණාත්මක කාල වකවානුවකටය.
"ඔබතුමා බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිසම පත් කරලා විනිවිද භාවයෙන් යුතුව කටයුතු කළා. ඒ නිසා ඔබතුමා මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එහෙම කරලා ඔබතුමා ගැන විශ්වාසයක් ඇති කරවන්න" කියා මෛත්‍රිගේ උපදේශකයන් කියනු ඇත. එවිට ඔහු, එය මැතිවරණයට පෙර කළොත් එජාපය හා තිබෙන ආණ්ඩුව ගෙන යෑමේ එකඟතාවය, මිත්‍රභාවය නැති වේ යැයි හොඳින් හිතන්නට පෙලඹෙනු ඇත.
පාර්ලිමේන්තුවට ගෙනැල්ලා විතරක් මදි. වැරැදි කළායැයි කියැවෙන අයට විරුද්ධව නීතිමය පියවරත් ගන්න ඕනෑ" කියා ඒ උපදේශකයන්ම කියනු ඇත.
එවිට මෛත්‍රි තව තවත් සිරවනු ඇත. තමන්ගේම ආණ්ඩුවේ සිටින තමන්ට ශක්තියක් වන එජාපයේ මැති ඇමැතිවරුන් හා ශ්‍රී ලනිපයේ මෛත්‍රි පාර්ශ්වයේ මැති ඇමැතිවරුන්ටත් නැඟී තිබෙන චෝදනා විභාග කරන්නට බලපෑමක් එනු ඇත. ඒ තුළ තව තවත් මෛත්‍රි පීඩනයටත් සිර වීමකටත් පත් වනු ඇත. එසේ බලද්දී මෛත්‍රිට මේ භේද භින්නතා සමනය කරගෙන ගමනක් යෑම අතිශය දුෂ්කර වන්නේය.
පළාත් පාලන මැතිවරණ වේදිකාවේදී බැඳුම්කර වංචාවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර සම්මත කරගන්නට හදන කූට උත්සාහය ගැනත් බොහෝ කරුණු කාරණා හෙළිදරව් වනු ඇත. එය මෛත්‍රිටත් - රනිල්ටත් හොඳ වන්නේ නැත. "රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන එන්නේ දූෂිත ඇමැති මණ්ඩලයක් සහිතවයි." යන්න ජනතාවට තව තවත් කියන්න විරුද්ධව පාර්ශ්ව පෙලඹෙනු ඇත. එය මෛත්‍රිටත් - රනිල්ටත් අවාසිදායක වනු ඇත. ඊටත් වඩා ජනතාවට සංවේදී කාරණාවක් ඇත.
"ජීවත්වෙන්න විදියක් නැතිව ළතැවෙන ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දීලා බඩ පිරෙනවද? මිනිස්සු ඉල්ලන්නේ ජීවත් වෙන්න ඉඩක්. කෙහෙල්මල් ව්‍යවස්ථාවක් නොවේ"
මේ ගම් මට්ටමේ, බිම් මට්ටමේ බහුතරයක් ජනතාව කියන දේය. හිතන දේය.
ඊටත් වඩා ජනාධිපති මෛත්‍රිට මේ හදිසියේ රටේ අතොරක් නැතිව ප්‍රශ්න තියෙද්දී ව්‍යවස්ථාවක් ඉදිරියට දමා ගන්නට ජනවරමක් ද නැති බවට අදහස් පවසන්නේය. උදාහරණයක් ලෙස 2014 දෙසැම්බර් මැතිවරණ ප්‍රකාශනයේ "මෛත්‍රි පාලනයක් - ස්ථාවර රටක්" යන්නෙන් 14 පිටුවේ පැහැදිලිවම කියා ඇති පරිදි ඔහු බලයට ආවිට ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් සිදු කරන බව දක්වා ඇත. ඒවාද ජනමත විචාරණයකට නොයන තරමේ සංශෝධන පමණක්මය. එසේ නම් ජනාධිපතිවරයාට නව ව්‍යවස්ථාවක් ගෙන එන්නට ජනවරමක් ලැබී නැත්තේය.
මෙම පසුබිම මධ්‍යයේදී උතුරේ මහ ඇමැති විග්නේශ්වරන් ප්‍රකාශ කර ඇත්තේ.
"උතුරේ ද්‍රවිඩ අරගලය විසඳීම සඳහා දෙමළ ඩයස්පෝරාවේ සහ තමිල්නාඩුවේ ද්‍රවිඩ ජනතාවගේ සහාය ලබාගෙන කටයුතු කළ යුතුයි" කියලාය.
විග්නේශ්වරන්ලා තමිල්නාඩුවත්, දෙමළ ඩයස් පෝරාවත් එකට එකතු කරගෙන කරන්නට යන අරගලය ගැන ප්‍රසිද්ධියේම කියද්දී අලුත් ව්‍යවස්ථාවක් මඟින් බලය බෙදා, දේශසීමා, ප්‍රාන්ත සීමා හැදෙන, හදන්නට මුල්ගල් තැබෙන, තැනකට රට ගෙන යන්නේය යන මතය ජනතාව අතර මේ වන විටත් මුල් බැසගෙන අවසන්ය.
එළැඹෙන මේ තත්ත්වයේ බියකරු බව හොඳින් දන්නා නිසාදෝ ගෝඨාභය පසුගියදා ඒ ගැන මෙසේද කියා තිබුණේය.
"අපට දේශ සීමා පිළිබඳ ප්‍රශ්න තිබුණේ නෑ. අපේ රටේ සීමා මායිම් කොයි පැත්තකවත් තිබුණේ නෑ. මේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුණොත් පළාත් ආණ්ඩුකාරවරයා කිසිම බලයක් නැති කෙනෙක් වෙනවා. මේ කරන්න හදන්නේ හොරෙන් වංචාවෙන් රවට්ටලා ව්‍යවස්ථාවක් ගෙන එන්නයි. ඒකට ඉඩ දිය යුතු නෑ"
ගෝඨාගේ පැහැදිලි කිරීමට අමතරව තවත් විද්වතුන් පවසන දෙයක්ද ඇත. එනම් මේ ව්‍යවස්ථා උත්සාහයෙන් පසු දුටුගැමුණු රජු ස්ථාපිත කළ ඒකීය රාජ්‍ය 1505 පමණයි. සිය පැමිණීමෙන් නැතිවී ගොස් ඉංග්‍රීසින්ගෙන් පසු ඒකීය ස්ථාපිත තත්ත්වය යළිත් නැතිවී යන්නට ඉඩ ඇති බව කීය.
තවත් විද්වතුන් කියන්නේ දූෂිත ඇමැතිවරුන් පිරිවරාගෙන බලය උදෙසා ක්‍රියාකිරීමෙන් වන්නේ රට අනතුරකට පත්වීමක් පමණක්ම බවය. එබැවින් දැන් කෙටුම්පතක්ව පැමිණියත්, අවසානයේදී මින් රට බෙදන්නේ නම් ඉන් දෙමළ ජනතාවටත්, මුස්ලිම් ජනතාවටත්, සිංහල බහුතරයටත් ලැබෙන දෙයක් නැත.
ඒ නිසා පාලකයන් යහපත් උපදේශකයන් සමඟ සිහිනුවණින් රට කරවිය යුතු බවට දනවන, යළි සිතන්නට ඉඩ ඇරෙන පුණ්‍ය ශතකයේ එන මේ කියමන දැක්වීම වටින්නේය.
"ඉතා මිහිරි වූ සුගන්ධය වහනය වන්නා වූ කේතකී පුෂ්පයෝ කටු සමූහයෙන් ගැවසීම නිසා නෙළාගත නොහැකිව නිෂ්ප්‍රයෝජන වේද එමෙන්ම දූෂිත හා දුෂ්ට අමාත්‍යවරුන් විසින් පිරිවරන ලද රජහුද ලෝකයා හට නිෂ්ප්‍රයෝජන වන්නේය"
එබැවින් නිෂ්ප්‍රයෝජන නොවන්නට කවුරු කවුරුත් වගබලාගත යුත්තේය.
mawbima පුවත් පතේ පලවූ ලිපියකි . මුලාශ්‍රය සඳහා මෙතනින් පිවිසෙන්න

ඛනිජ තෙල් අර්බුදයට හේතුව රජය - සංස්ථා සේවකයෝ

ඛනිජ තෙල් අර්බුදයට හේතුව රජය - සංස්ථා සේවකයෝ

Image result for d.a rajakaruna petroleum


රට තුළ තෙල් අර්බුදය ඇතිවීමේ සම්පුර්ණ වගකීම රජය භාරගත යුතු බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩි . ඒ. රාජකරුණා මහතා පවසා සිටියේය. 

අයි ඕ සී බලපෑම මත ප්‍රමාණවත් තෙල් සංචිත තොග ගබඩා [පහසුකම් ලබා නොගැනීමට රජය ක්‍රියා කර තිබුණු බව ඔහු පවසයි. 
පසුගිය දා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඛනිජතෙල් සංස්ථාවට ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ගෙන තිබූ නමුත් ඒවා  විකිණීමේ ආශාවෙන් සිටි අගමැතිවරයා  එය අහෝසි කල බවදපැවසිය.