Wednesday, October 25, 2017

අධිවේගී කිරිඇල්ල ගේ අලුත්ම ගැහිල්ල සාක්ෂි සහිතව

ad300
Advertisement

රාජ්‍ය ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතන ආයතනික අවශ්‍යතාවන් සඳහා රක්ෂණ ආවරණයන් සලසා ගැනීමේදී රජය සතු ආයතන වෙතින් මිල ගණන් කැඳවා එම අවශ්‍යතාව ඉටු කරගත යුතු යැයි නියෝග කර තිබේ. මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි එලෙස  නියමයක් පනවා ඇත්තේ රක්ෂණ ආවරණයන් සලසා ගැනීමේදී ගණුදෙනුවල විනිවිදභාවය, අවදානම් කළමනාකරණය හා පිරිවැය කාර්යක්ෂමතාව තහවුරු වන පරිදි  එම අවශ්‍යතාව සලසා ගැනීම සඳහාය. ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ ලියාපදිංචි වෙළෙඳපොළ තුළ  ක්‍රියාත්මක රක්ෂණ සේවාවන් සපයන රජය සතු ආයතන වෙතින් මිල ගණන් කැඳවීමෙන් තරඟකාරී ලෙස රක්ෂණ ආවරණයක් සලසා ගැනීමට ක්‍රියා කළ යුතුය. මෙය චක්‍රලේඛනයකින්ම සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වෙත දන්වා තිබේ.  

පොදු ව්‍යුහය මෙසේ වන විට ඊට අනුව කටයුතු කර
නවා මිස එය අභියෝගයට ලක් කිරීම අවශ්‍ය නොවන්නකි. මක්නිසාද එම පොදු ව්‍යුහයෙන් කිසිදු අසාධාරණයක් හෝ වංචාවක් නොවන හෙයිනි. එහෙත් ඊට පුද්ගලයෙක් හෝ ආයතනයක් එරෙහි වන්නේ නම් එක්කෝ ඒ ගොන්කමටය. නැත්නම් කට්ටකමටය.
රටේ ස්වභාවය අනුව පොදු ව්‍යුහයෙන් පිටපනින්නේ ගොන්කමට නොව කට්ටකමටය.  මහාමාර්ග හා අධිවේගී මාර්ග රක්ෂණය කිරීමේදීද මේ කට්ටකම සිදුව තිබේ. 2015.07.14 දිනැති මුදල් අමාත්‍යංශයේ පී.එන්./අරමුදල්/04/152 ගොනුව දරණ අංකය යටතේ රාජ්‍ය ආයතන සඳහා රක්ෂණාවරණ ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු පටිපාටිය පැහැදිලි ලෙස සඳහන් කර තිබියදී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය එය තඹ දොයිතුවකට මායිම් නොකර නොසෙල්වෙනු ඇතැයි සිතන සිය දේශපාලන බලය යොදා ගනිමින් කටයුතු කර ඇත. පිටත වරටවුම් ව්‍යාපෘතියේ තුන්වන අදියර යටතේ කඩවත සිට කෙරවලපිටිය දක්වා ඉදිවන මාර්ගයේ රක්ෂණාවරණය සම්බන්ධයෙන් එම නීතියෙන් පිටපැනීම සිදුව තිබේ. එම රක්ෂාවරණය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හෝ වෙනත් රාජ්‍ය රක්ෂණ ආයතනයකට ලබා නොදී පෞද්ගලික ආයතනයකට ලබා  දීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ආමාත්‍යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත. ඒ පිළිබඳ  ලිඛිතව දැනුම් දීමක් කරමින් හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය  වත්මන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කරන්නේ රජයේ නියමයට අනුව රාජ්‍ය ආයතන වල රක්ෂණ කටයුතු සිදු කිරීමේදී රාජ්‍ය රක්ෂණ ආයතනයකට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි. 2010 වසරේ මාර්තු 05 වන දින පිටත වටරවුම් මාර්ග ව්‍යාපෘතියේ දකුණු කොටසේ රක්ෂණ බැඳුම්කරය පෞද්ගලික ආයතනයකට දී  තිබියදී ඉහත චක්‍රලේඛනය හේතුවෙන් පැවති රක්ෂණාවරණය අවලංගු කර එය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ලබා දුන් බවද අබේවර්ධන අමාත්‍යවරයා සිහිපත් කර ඇත.  ඒ අනුව භාණ්ඩාගාර චක්‍රලේඛනය උල්ලංඝනය නොකර පිටත  වටරවුම් මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් රක්ෂණය  රාජ්‍ය රක්ෂණ ආයතනයකට ලබා දෙන ලෙස හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී තිබේ.  

මහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය පිටත  වටරවුම් මාර්ගයේ තුන්වන අදියරේ කඩවත සිට කෙරවලපිටිය දක්වා ඉදිවන මාර්ගයේ රක්ෂණාවරණය සලසා ගෙන ඇත්තේ Continental Insuarance නමැති ආයතනයෙනි. එහි කළමනාකාර අධ්‍යක්ෂක වරයා වන්නේ චමින්ද ඩි සිල්වා නමැති පුද්ගලයාය. ඔහු විෂයභාර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ උපදේශකවරයෙක් ලෙසද කටයුතු කරයි. ප්‍රශ්නය ඇත්තේ මෙතැනය. නියමිත චක්‍රලේඛනය පවා පසෙකින් තබමින් Continental Insuarance ආයතනයෙන් එම රක්ෂණාවරණ  පහසුකම් ලබා ගන්නේ ඇයි?  
කිසිදු ප්‍රශ්නයක් නැත. සියලු ගණුදෙනු සිදුවන්නේ එකම මේසයක දෙපැත්තේ හිදිමින් වන නිසාත් ඊටත් එහා ගිය දේශපාලන බලයේ උන්මාදය නිසාත්  කිරිඇල්ල අමාත්‍යවරයා සිය උපදේශකයාගේ පෞද්ගලික ආයතනයෙන් රක්ෂණ පහසුකම් සලසා ගැනීම අරුමයක් නොවේ. අවසානයේ කොහෙන් වැටුණත් පංගුව මගහැරෙන්නේ නැත. අපේ දේශපාලනයට මේවා අරුම පුදුම දේවල් නොවේ. දේශමාමක, ජනතාවාදී දේශපාලනයේ ස්වභාවය එයයි. රටේ නම ගිය මැම්බරයෙක් වීම පරම්පරා හත අටකට ගොඩයෑමක් බව අපේ අත්තලා මුත්තලා පැවසුවේ කටකහනවට නොවන වග නැවත නැවත තහවුරු වන්නේ මෙවැනි කතන්දර ඇහෙනවිටය.  
කෙසේ නමුත් දරාගත නොහැකි කාරණය වන්නේ දේශපාලන එදිරිවාදීන් පට්ට පතුරු ගසමින් යහපාලයක් ගැන ඉස්ම යන්න කියමින්  ඇස්  වසා ගහන ගැහිල්ලය. 
ආශිකා බ්‍රාහ්මණ
Share This
Previous Post
Next Post

Pellentesque vitae lectus in mauris sollicitudin ornare sit amet eget ligula. Donec pharetra, arcu eu consectetur semper, est nulla sodales risus, vel efficitur orci justo quis tellus. Phasellus sit amet est pharetra

0 comments: