Tuesday, October 31, 2017

ව්‍යවස්ථා කෙලිය අස්සේ බාල පැට්‍රල් ගොඩබාලා

ව්‍යවස්ථා කෙලිය අස්සේ බාල පැට්‍රල් ගොඩබාලා

නියමිත  පවිත්රණ තත්වය නැති ප්‍රතික්ෂේප කල ඉන්දියානු IOC සමාගම ගෙන්වූ භාවිතයට නුසුදුසු පෙට්‍රල් තොගයෙන් කොටසක් ත්‍රිකුණාමලය වරායට ගොඩ බා  ඇත.
ආනයනික තෙල් තොගය මීට පෙර ත්‍රිකුණාමලය වරායේ ගොඩබෑමට උත්සාහ කල නමුත් අදාළ නාවේ ඇති පෙට්‍රල් ඛනිජතෙල් සංස්ථාවේ කොලොන්නාවේ පිහිටි රසායනාගාරයේ අන්ෂමය පරීක්ෂාවට (particulate) පරීක්ෂාවට ලක් කිරීමේදී මේවා බාල තෙල් බව ඔප්පු විය. ඒ අනුව එම තෙල් ප්‍රතික්ෂේප කරන ලදී. 
මෙම තෙල් තොගය ස්ටෝර්ම් ඇස්ට්‍රිඩ් නම් නැවෙන් ගෙන්වා ඇති අතර එහි මෙට්‍රික් ටොන් 30000 පමණ තෙල් අත් බව පැවසේ.
කෙසේ වුවද තෙල් බෑම සිදුකර ඇත්තේද නැවකින් නැවකට තෙල් බාන ක්‍රමය භාවිත කරමින් ඉතාමත්ම අනතුරුදායක ක්‍රමයකටය.නැවකින් නැවකට තෙල් මාරු කිරීමේදී විශේෂ ආරක්‍ෂිත උපක්‍රම භාවිත කලයුතු අතර ත්‍රිකුණාමලයේ එවැනි පහසුකම් නැත, මෙම තෙල් වලින් මෙට්‍රික් ටොන් 11000 ක කොටසක් ත්‍රිමලේ මුහුදේ ඩි උනික් දිවලපර් නැවට මාරු කර ගොඩ බා  තිබේ,   
මේ නිසා ඉදිරි දිනවලදී ත්‍රිකුණාමලය සහ අවට ඇති තෙල් තත්වයෙන් බාල ඒවා වීමට ඉඩ ඇත. 
තවද ඉතිරි තෙල් තොගය නැවත කොළඹ වරායේ බෑම සඳහා ඉතා විශාල උත්සාහයක් ගනිමින් පවතී. 

ඉඳුරාගාරේ ධම්මරතන හිමි ජනපති කළ අභියෝගය බාරගනී

බලය බෙදීමට විරුද්ධ වන පිරිස්‌ තමන්ගේ විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රසිද්ධ අභියෝගය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි විසින් බාරගෙන ඇත. මේ මස 23 වැනි සඳුදා රාත්‍රී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකව මුණගැසුණු උන්වහන්සේ එතුමා විසින් අභියෝගාත්මකව ඉල්ලා සිටි විකල්ප විසඳුම් ලිතව බාර දුන්හ. 
 


 එම ලේඛනය මගින් උන්වහන්සේ සඳහන් කරන්නේ බලය බෙදීම වර්තමාන ජනාධිපතිතුමා විසින් අභිනවයෙන් කරන්නට උත්සාහ කරන දෙයක්‌ නොවන බවය. උන්වහන්සේට අනුව 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය හරහා දැනටමත් ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාව මගින් ඉන්දියාවේ ව්‍යවස්‌ථාවටත් වඩා ඔබ්බට ගොස්‌ බලය බෙදා ඇති බවය. එසේ නම් දැන් ජනාධිපතිතුමා අභිමුව ඇත්තේ බලය බෙදීමේ ප්‍රශ්නයකට වඩා බෙදා දී තිබෙන බලය යොදාගෙන මහජන අපේක්‍ෂා ඉටු කිරීමේ නොහැකියාව නොවේද? උන්වහන්සේ මතුකරන මූලික ප්‍රශ්නය එයයි. ඒ අනුව උන්වහන්සේ විසින් දසවැදෑරුම් විකල්ප විසඳුම් මාලාවක්‌ සහ ඊට අදාළ පසුබිම පැහැදිලි කෙරෙන කරුණු 6 ක්‌ ජනාධිපතිතුමා වෙත ඉදිරිපත්කොට ඇත.
 
 පසුබිම හෙවත් පවතින තත්ත්වය:
 
 1. බලය බෙදීමේ මූලික සංකල්ප අනුව ඒ සඳහා ක්‍රමවේද දෙකක්‌ ඇත. ඉන් පළමු වැන්න, මධ්‍යම රජය සතු විධායක බලය රජයේ නිලධාරීන්ට මෙන්ම පළාත් සහ ප්‍රාදේශීය මට්‌ටමේ බල ඒකකවලට පැවරීමයි. දෙවැන්න, නීති හැදීමේ බලය හෙවත් ව්‍යවස්‌ථාදායක බලය පාර්ලිමේන්තුවට සමාන්තරව පිහිටුවනු ලබන දෙවන මන්ත්‍රී මණ්‌ඩලයකට හෝ පළාත් සභා මට්‌ටමට මෙන්ම ප්‍රාදේශීය සභා මට්‌ටමට බෙදා හැරීමය. කෙසේ වෙතත් ව්‍යවස්‌ථාදායක බලය දෙවන මන්ත්‍රී මණ්‌ඩලය සහ පළාත් සභා යන ආයතන දෙකටම එක විට බෙදාහැරීම මගින් පාර්ලිමේන්තුව දුර්වලවේ. බෙදුම්වාදී ප්‍රවනතාවයන් තිබෙන රටක ඒ ආකාරයට පාර්ලිමේන්තුව දුර්වල කිරීම සුදුසු නොවේ. විශේෂයෙන්ම විධායක බලය වැඩි වශයෙන් පාර්ලිමේන්තුවට පවරා ඇති තත්ත්වයක එය වඩාත් බරපතළ වේ.
 
 2. ජාතිවාදී ගැටුම්, බෙදුම්වාදී මතවාද සහ ඒ සඳහා යුද වැදුණු ඉතිහාසයක්‌ නොමැති රටක විධායක බලය මෙන්ම ව්‍යවස්‌ථාදායක බලයද යම් මට්‌ටමකට බෙදාහැරීම ගැටලුවක්‌ නොවිය හැක. එසේ වුවත් ව්‍යවස්‌ථාදායක බලය උපරිමයෙන් බෙදාහැරීම මගින් බෙදුම්වාදී මතවාද තහවුරු වේ. නමුත් ව්‍යවස්‌ථාදායක බලය නොමැතිව විධායක බලය උපරිමයෙන් බෙදාහැරීම මගින් එවැන්නක්‌ සිදුනොවේ. 
 
 3. කෙසේ වෙතත් දේශපාලන පක්‍ෂවලට හෝ බලවත් නායකයන් අතට විධායක හෝ ව්‍යවස්‌ථාදායක බලය බෙදාහැරීම මගින් මහජනයා අතට දේශපාලන බලය හෝ අයිතිවාසිකම් ලැබෙන බවට සහතික කළ නොහැක. නායකයන්ට බලය දීම සහ ජනතාවට සිවිල් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබාදීම අතර බරපතළ වෙනසක්‌ ඇත. එනම්, බලය බෙදීමේ කුඩාම ඒකකය වන පුද්ගලයාට බලය බෙදා දීම සහ යම් භූගෝලීය කලාපයක බල ඒකකයකට බලය බෙදා දීම අතර බරපතළ වෙනසක්‌ ඇත. 
 
 4. පාර්ලිමේන්තුවේ බලයට යටත්ව ප්‍රාදේශීය සභා මට්‌ටමට ව්‍යවස්‌ථාදායක බලය උපරිමයෙන් බෙදාහැරීම මගින් බෙදුම්වාදී අනතුරක්‌ මතු නොවේ. බොහෝ විට ඒ මගින් බෙදුම්වාදී ආකල්ප සමනය වීමක්‌ ද සිදුවිය හැක. එහෙත් පළාත් මට්‌ටමට ව්‍යවස්‌ථාදායක බලය, විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට යටත් නොවන ආකාරයට, උපරිමයෙන් ලබාදීම අනතුරුදායක වේ. එසේ වුවත් පළාත් සභාවලට එවැනි සුවිශේෂි ව්‍යවස්‌ථාදායක බලයක්‌ නොමැති තත්ත්වයක්‌ යටතේ මධ්‍යම රජය සතු විධායක බලය උපරිමයෙන් ලබාදීම ගැටලුවක්‌ නොවනු ඇත. උදාහරණයක්‌ ලෙස පාර්ලිමේන්තු පනතක බලයට යටත්ව පමණක්‌ පළාත් සභාවලට ව්‍යවස්‌ථාදායක බලය ලබාදෙන්නේ නම් පළාත් සභා ඇමැතිවරයෙක්‌ට මධ්‍යම රජයේ උප ඇමැතිවරයෙක්‌ගේ බලය වුවද ලබාදිය හැක.
 
 5. බලය බෙදීම හැර වෙනත් විසඳුමක්‌ තිබේ ද යනුවෙන් ජනාධිපතිතුමා විසින් ප්‍රශ්න කිරීමේදී වැරදි අදහසක්‌ මතුවේ. එනම් මේ වන තුරු ශ්‍රී ලංකාවේ බලය බෙදීමක්‌ සිදුකොට නොමැති බවය. නමුත් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාව ඉන්දියාවටත් වඩා බරපතළ ෆෙඩරල් බලතල සහිත ව්‍යවස්‌ථාවක්‌ බවට පත් වී ඇත. එම බලතල උපරිමයෙන් ක්‍රියාත්මක නොවන්නේ ඊට එරෙහිව පවතින ව්‍යවස්‌ථාමය බාධක නිසාය. එම බාධක බොහොමයක්‌ විධායක ජනපති බලය තුළ පරිපාලන වශයෙන් පැනවෙන අතර සෙසු බාධක Rජු ව්‍යවස්‌ථාමය බාධක වේ. බෙදුම්වාදී බලවේග දිර්ඝ කාලයක්‌ තිස්‌සේ ඉල්ලා සිටින්නේ 13 වැනි සංශෝධනයට එරෙහිව පවතින එම බාධක ඉවත් කරන ලෙසයි. ඒ සඳහා ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ අවශ්‍ය වේ. එවැනි බාධක 8 ක්‌ හඳුනාගත හැකි අතර වර්තමාන ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය තුළ ඒවා ඉවත් කිරීම සඳහා උත්සාහ කෙරෙන බව පැහැදිලිව දැක ගත හැක.
 
 6. හිටපු වැඩබලන අගවිනිසුරු රාජා වනසුන්දර මහතාට අනුව 13 වැනි සංශෝධනය යනු "කාල බෝම්බයකි." එයට කොටසක්‌ එකතු කිරීමට හෝ එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළහොත් සමාජයේ බරපතළ පිපිරීමක්‌ සිදුවිය හැක. එසේම සුළු ජන අපෙක්‌ෂා පිළිබඳ සැලකිලිමත් නොවී ඔවුන්ට තිබෙනවා යෑයි කියන ගැටලුවලට මානසික සහ භෞතික විසඳුම් ලබා නොදී 13 අහෝසි කිරීමට හෝ ඉන් කොටස්‌ ගැලවීමට උත්සාහ කිරීම ද පිපිරීමකට හේතු විය හැක. 
 
 දස වැදෑරුම් විසඳුම
 
 1) 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ඉවත් කිරීම හෝ එහි කොටස්‌ අඩු කිරීම හෝ ඊට එකතු කිරීම හෝ එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම යන ආකාර 4 න් එකක්‌ හෝ නොකර සිටීම. එනම් ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ස`දහා සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගන්නාතෙක්‌ කාලබෝම්බයට අත නොතැබීම.
 
 2) සුළු ජන කොටස්‌වල සහ සමස්‌ත ජනතාවගේ අයිතිවාසිකම් සහ සුභසාධනයට අදාළ විසඳුම් පිළිබඳ සමාජ කතිකාව දිරිගැන්වීම සඳහා පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත යාන්ත්‍රණ පිහිටුවීම සහ එම කාලය තුළ පළාත්සභාවල ක්‍රියාකාරිත්වයට එරෙහිව පවතින මුල්‍යමය සහ නිලධාරීවාදී බාධකවලට විවෘත විසඳුම් ලබාදීම. (එම යාන්ත්‍රණ පිළිවෙළින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ සහ ජනාධිපති කොමිසමක්‌ ලෙස සැලකිය හැක.) එම කොමිසම මගින් බහුතර සිංහල ජනතාව බුක්‌ති විදින එහෙත් සුළු ජන කොටස්‌වලට මේ වනතුරු ලැබී නැතැයි කියන අයිතිවාසිකම් සහ වරප්‍රසාද පිළිබඳ ගැඹුරින් සොය බලා නිර්දේශ ඉදිරිපත් කළ හැක. 
 
 3) සුළු ජන අයිතිවාසිකම් පනතක්‌ මගින් ඉහත කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ තේසවලාමේ නීතිය නිසා උතුරේ කුලහීන ජනතාවට සිදුවන අසාධාරණකම් වැළැක්‌වීම සඳහා පියවර ගැනීම. ජාතිකත්වය, ආගම හෝ භාෂාව මත යම් පුද්ගලයෙකුට අගතියක්‌ සිදුවන්නේ නම් ඒ පිළිබඳව පැමිණිලි කිරීම සඳහා "ස්‌ථිර යුක්‌තියක්‌ ඉටු කිරීමේ කොමිසමක්‌" එම නීතිය යටතේ පිහිටවිය යුතුය. 
 
 4) 1957 අංක 21 දරන සමාජ දුබලතාවයන් වැලැක්‌වීමේ පනත අදට ගැලපෙන ලෙස සංශෝධනය කොට බලාත්මක කිරීම මගින් උතුරේ බහුතර කුල හීන ජනතාවට සහන සැලසීම.
 
 5) ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කොට ජන සභා පිහිටුවීම මෙන්ම ප්‍රාදේශීය සභා මට්‌ටමට උපරිමයෙන් විධායක සහ ව්‍යවස්‌ථාදායක බලය ලබාදීම. ඒ මගින් මහජනයා රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගැනීම සඳහා විශේෂ ප්‍රතිපාදන සැලසිය යුතුයි.
 
 6) ජනාධිපතිවරයා යටතේ උතුරු සංවර්ධන අරමුදලක්‌ පිහිටුවා එම ප්‍රදේශවල හදිසි සහ මානුෂීය ජනතා අවශ්‍යතා සැපිරීම සඳහා විශේෂ මැදිහත්වීමක්‌ සිදු කිරීම. 
 
 7) උතුරු පළාත්සභාව සහ මධ්‍යම රජය ඒකාබද්ධව නිශ්චිත කාලයක්‌ සඳහා ජනතාව මුල්කරගත් සංවර්ධන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීම සඳහා උතුරු සංවර්ධන අධිකාරියක්‌ පිහිටුවීම. 
 
 8) ඉහත සඳහන් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ මගින් සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලු ජනතාවට සමානව සැලකීම මුල්කරගත් නව ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීම සඳහා සංකල්පීය රාමුවක්‌ සකස්‌ කොට මහජන සංවාදයට ලක්‌ කිරීම.
 
 9) පළාත් මට්‌ටමින් ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්, උප සභාපතිවරුන් මුල්කරගත් සමාජ සංවර්ධන කමිටුවක්‌ කැඳවීම. ඒ සඳහා ජනාධිපතිතුමා මැදිහත්වීම වඩා සුදුසු විය හැක. එහිදී උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට ප්‍රමුඛතාවය ලබාදිය යුතු අතර ඔවුන් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයකට ඇතුළත්කර ගැනීම ස`දහා අධ්‍යාපනය සහ පුහුණුව ලබාදිය යුතුය.
 
 10) ජනකොටස්‌ අතර සැබෑ සංහිඳියාව ඇති කිරීම සඳහා සහ බෙදුම්වාදී මතවාද පැරදවීම සඳහා සමාජ, සංස්‌කෘතික හා දේශපාලන සංවාදයක්‌ පාසල් සහ විශ්වවිද්‍යාල රාජ්‍ය ආයතන මට්‌ටමින් ඇති කිරීම. ඒ සඳහා ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් "සමානාත්මතා ව්‍යාපාරයක්‌" ආරම්භ කිරීම.

විමල් සහ කෙහෙළිය සී අයි ඩීයට කුදලන් එනු .. හිතෙන් ජනපති අසාද් සාලි

විමල් සහ කෙහෙළිය සී අයි ඩීයට කුදලන් එනු .. හිතෙන් ජනපති අසාද් සාලි
නැට්ට ගිනිගත් මෛත්‍රී ගේ සට්ටැඹී, අසාද් සාලි විසින් පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රකාශය  සම්බන්ධයෙන්  විමල් වීරවංශ මහතාවත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතාවත් CID යට කැඳවිය යුතු බව  ප්‍රකාශ කොට තිබේ.  රටේ අරාජික බව මොනවට පෙන්වමින් දැන් හැම හිවලාම තමන්  ජනාධිපති යැයි සිතා ප්‍රකාශ නිකුත්කරන්නේ යැයි අසන්නන්ට දැනෙයි.


"රජය ඔව්න්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ප්‍රශ්නකළ යුතුයි, මක් නිසාද විමල් ටත් කෙහෙලියටත් දහස් ගණනක සපෝටර් වරු සිටින බැවින් , පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ කුමන්ත්‍රණයක් ඔවුන් කරනවා විය හැකියි,"
 ඔහු මේබව ප්‍රකාශ කලේ බලය බෙදීමෙන් එකියරටක් ව්‍යාපාරය මගින්
  ඔහුගේ නිවසේ කැඳවා තිබූ මාධ්‍ය සාකච්චාව අමතමිනි

හිසේ ඇම්මට මාරු කළ කොට්ටයේ කටු ඇනෙන්නට පටන්ගෙන ඇත.

ජේෂ්ඨ බැංකු කරු රුසිරිපාල තෙන්නකෝන් විසිනි 

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් පැවතීගෙන යන විවාදය අතරතුරදී පලවන ඇතැම් අදහස් වගකිවයුත්තන් විසින් වගකීමෙන් තොරව සිදු කරන ප‍්‍රකාශ බව පෙනී යයි. දයාසිරි ජයසේකර අමාත්‍යවරයා පුවත්පත් සාකච්ඡාවකදී පසුගිය දිනයක කරන ලද ප‍්‍රකාශයක් උදාහරණ වශයෙන් උපුටා දැක්වීමට අවශ්‍ය වී ඇත. ව්‍යවස්ථාව පිළිබඳව මහානායක ස්වාමින් වහන්සේලාගේ ස්ථාවරය හා ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජයසේකර ඇමතිවරයා කියා සිටියේ මහානායක හිමිවරුන්ගෙන් නොයෙකුත් අය විමසුම් කරද්දී උන්වහන්සේලාටද යමක් හෝ ප‍්‍රකාශ කිරීමට සිදුවන බවයි. එම සාකච්ඡාවේදීම ඔහු තවදුරටත් ප‍්‍රකාශ කර සිටියේ දැනට වසර පනහකටත් අධික කාලයක සිට උතුරේ දෙමළ ජනතාව වෙතින් ඉදිරිපත් වී තිබෙන ඉල්ලීම් හේතුවෙන් නව ව්‍යවස්ථාවක් බිහි කිරීමට සිදු වී ඇති බවයි.
මේ දෙකම වගකිව යුතු ඇමතිවරයෙකු විසින් නොකළ යුතු ළාමක හා බොළඳ කියමන් බව නොකියාම බැරිය. අපගේ ගෞරවණීය මහා නායක හිමිවරුන් ජාතික වශනේ අතිශයින් වැදගත් කාරණා සම්බන්ධයෙන් කාගේවත් උවමනාවන් පිරිමැසීමට හෝ බලපෑමට යටවීමෙන් යම් යම් ප‍්‍රකාශ නිකුත් කරන බව කිසිම බුද්ධිමත් බෞද්ධයෙක් පිළිගනිතැයි විශ්වාස කළ නොහැක. එය උන්වහන්සේලාගේ බුද්ධියට කෙරෙන විශාල අගෞරවයක් බව නම් කිව හැක. මේ රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වී ඇත්තේ උතුරේ දෙමළ ජනතාව පිනවීම සඳහා යයි සිතන අමනයින් සිටින්නට පුළුවන. එයද මුඛ්‍ය වශයෙන් හෝ ව්‍යවස්ථාවක් ගෙන ඒම​ සඳහා පවතින පුළුල් ජාතික අවශ්‍යතාවය හඳුන්වා දෙමින් කරුණු ඉදිරිපත් කළ දේශපාලන නායකයින්ට කරන ලද බලවත් අපහාසයකි. පුවත් සාකච්ඡාවලදී කරනු ලබන මෙලෝ හසරක් නැති මෙබඳු අපරිණත හිරිමල් ප‍්‍රකාශන වලින් රජය හා වගකිවයුත්තන් බලවත් ලෙසින් අපහසුවට පත්වන බව සිහි තබා ගැනීම කාලෝචිතය. පකිස්ථානයට යාමට නියමිත ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ ජීවිතාරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්න කරන ජනමාධ්‍ය නියෝජිතයින්ට පිළිතුරු දුන් මෙම ඇමතිවරයා වෙඩි කන්නට හෝ තමාද එහි යන බව කීමත් එබඳුම සුරතල් කථාවක් නොවන්නේද? ඔවුන් මොනවා කීවත් අනේ අපේ කැබිනට්ටුවේ තත්වය ඔහොම තමා කියා සැනසෙන්නට දැන් රටවැසියන් හුරු පුරුදු වී හමාරය.
කබීර් හෂීම් අමාත්‍යවරයාද පුවත්පත් සාකච්ඡාවලදී විවිධ වෙට්ටු දැමීමටත් ඇතැම් විට එම සාකච්ඡාවල තොරතුරු ජනතාව අතරට පත් නොවනු ඇතැයි සිතමින් පිළිතුරු සපයන බවද පෙනී යයි. පසුගිය දින ගෑස් මිලදී ගැනීමේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියක් සම්බන්ධයෙන් නැගූ ප‍්‍රශ්නයකට ඇමතිවරයාද දුන්නේ පුදුම සහගත පිළිතුරකි. සිංහල මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී ඉංග‍්‍රීසි බසින් ඔහු දුන්නේ ‘යන්නේ කොහොද මල්ලේ පොල්’ වැනි උත්තරයකි. ගෑස් සමාගමේ හිටපු සභාපති ඉවත් කිරීම එහි සිදුවූ ටෙන්ඩර් සිද්ධීන්ටද සම්බන්ධ බවට පෙන්නුම් කිරීමට ඇමතිවරයා ළාමක උත්සාහයක නිරත වන විට එම සභාපති එළවා දැමුමේ මහා පරිමාණ ජාත්‍යන්තර මූල්‍ය වංචාවක් සැකයෙන් තොරව ඔප්පුවීම නිසා බව එහි සිටි ඇමතිවරයා සිතුවට වඩා ඥනවන්ත මාධ්‍ය කරුවන් විසින් පෙන්වා දෙන ලදි. බොරු ලෝකයකට සිරවී ‘කල දුටු කල වල ඉසීමේ’ යෙදී සිටින අපේ ඇමතිවරුන්ට එබඳු පෙන්වාදීම්වල එතරම් වැදගැම්මක් තිබේද යන්න සැක සහිතය.
රට වැසියන්ට වැදගත් වන්නේ මෙබඳු පන්දු කෙලි නිසා ඉහල යන ගෑස් මිල දරා ගන්නේ කෙසේද යන්නය. ඒ තාක් දුරට ඔවුන් ඇමතිවරයාට වඩා මාධ්‍යවේදියාට ගෞරව කරන බවට නම් සැකයක් නැත. මාධ්‍යවේදීන් විසින් නගන ලද ප‍්‍රශ්නවලට අනුවත් පසුව හෙළිදරව් කළ තොරතුරු අනුවත් තවත් දූෂිත ගණුදෙනුවකට මුල පුරා තිබෙන බවත් ඒ මගින්ද දූෂණයේ පතුලටම කිඳා බසිමින් තිබෙන රාජ්‍ය පාලනයකට තවත් දැල්බරුවක් එල්ලී ඇති බවත් පැහැදිලි වේ. සැඟවුන න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා පිළිගත් ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය පිටුදැකීම සඳහා නෛතිකව වලංගු උපක‍්‍රමයක් හැටියට කැබිනට්ටුව මගින් පත්කල විශේෂ කොමිටියක් යොදවා ගැනීම නවතම පිළිවෙත බවද පෙනී යයි. හදිසි අවස්ථා මවා පාමින් පිළිගත් සම්ප‍්‍රදායන් වෙනුවට කෙටි පාරවල් යොදා ගැනීම අළුත්ම උප්පරවැට්ටිය වී ඇත.
පුවත්පතක්, රූපවාහිනියක් බැලූවොත් දකින්නට ලැබෙන්නේම කෙටි පාරවල් හරහා දූෂණවලට මඟ විවර කර ගැනීම පිළිබඳ තොරතුරුය. ගෑස්, ගල් අඟුරු ආදී සියලූම ආනයනයන්ද, අධිවේගී මාර්ග වැනි මහා පරිමාණ කොන්ත‍්‍රාත්තුද, බැංකු හා මූල්‍ය අංශය සම්බන්ධිත ගනුදෙනුද යන මේ සියල්ල පිළිබඳව දක්නට ඇත්තේ විෂම ආරංචි පමණි. කෙටිකාලීනව අධික ඉපැයීම් ඉලක්ක කරගෙන කරන දූෂිත ගනුදෙණු නිසා රටම වෙලාගත් දූෂණ රැුල්ලක් පැතිරී යමින් පවතී. නිතර නිතර එල්ලවන චෝදනා තිබුණ ද මෙම කටයුතු වැඩි තැකීමක් නොමැතිව සිදුවෙමින් පවතින බවක් පෙනේ. එය එක්තරා දේශපාලන හිතුවක්කාර කමක්ද වේ. තවත් අතකින් බලන විට දිගු කාලයක් බලයේ රැුදී සිටීම සම්බන්ධයෙන් පැන නැගුන අවිනිශ්චිත බවක් නිසා මෙබඳු දේ කරන බවක්ද සිතාගත හැක.
අර්ජුන ඇලෝසියස්ට විදෙස් ගතවීමට අධිකරණයෙන් අවසර නොලැබීමද ජනතා අවධානයට යොමු වූ තවත් වැදගත් කාරණයකි. මේ සා මහත් තොරතුරු සම්භාරයක් හෙළිදරව් වී තිබියදී රටම මවිතයට පත් කරන වංචාවක් පිළිබඳ විශාල ආන්දෝලනයක් තිබියදී ද තමන්ගේ සුපුරුදු රටාව යටතේ තවදුරටත් නිදැල්ලේ ඔබ මොබ යාමට තරම් මානසිකත්වයක් මොවුන්ට ලැබෙන්නේ කෙසේද? බැඳුම්කර මගඩිය පුරාම දක්නට තිබෙන නීතිය, රෙගුලාසි හා පිළිවෙත් නොතකමින්ද බලතල ඉක්මවමින්ද තමන් දෙසට එල්ලවී පවතින විවේචන හා චෝදනා නොතකමින්ද කටයුතු කිරීමේ ප‍්‍රවණතාවයක් තවමත් එයට සම්බන්ධ වී සිටි අය තුළින් ප‍්‍රදර්ශනය වීම තුළින් පැහැදිලි වන්නේ මොනවා හෙළිදරව් වුනත් අපට කිසිවක් වන්නේ නෑ වැනි අදහසක් ඔවුන් තුල පවතින බවය.
වෙන කවරදාක කුමක් වුවත් මහ බැංකු බැඳුම්කර මගඩි නැටුමේ රංගන ශිල්පීන්, අධ්‍යක්ෂවරු, පසුබිම් ගායකයින් හා වේදිකා සකස් කළ වුන් ඇතුළු ලොකු කුඩා සැමටම දේශපාලන ලෝකයෙන්ද සමාජය තුළින්ද හොඳම ප‍්‍රතිචාර ලැබීම නම් කිසිවෙකුටත් යටපත් කිරීමට හෝ වෙනස් කිරීමට නොහැකි වනු ඇත. ලෝවැඩ සඟරාවේ ‘‘සැපයක් නම් නැත කම් රස කෙළියේ’ යන කවිය සිහිගවන්වමින් දැනට සිදුවේගෙන යමින් පවතින ක‍්‍රියාවලිය දෙස අපි විමසිල්ලෙන් බලා සිටිමු.
ව්‍යවස්ථාව, සයිටමය, මඟ නැඟුම් රැුඟුම, විල්පත්තු විනාශය, නිදන්ගත කුණු කඳු, ජලය නොමැතිව පීඩා විඳින ජන ගැටළු, මහ පොලව දෙදරවන උමා ඔයවවල් තවමත් එතැනමය. ඒවා ජනතාවට බවුන් වැඞීමට ඉතිරි කළ කසීන මණ්ඩප බවට පත්ව ඇත.
රාජ්‍ය බැංකු, ගුවන් තොටුපල, වරාය, ජාතික ගුවන් සේවය නිර්දය ලෙසින් විජාතික කිරීමේ කටයුතු ඒ අතරතුර යහතින් හා නිරුපද්‍රිතව සිදුවෙමින් පවතී. පාර්ලිමේන්තුවේ තත්ත්වයද වැඩි වැඩියෙන් හාස්‍යජනක වෙමින්ම පවත්වාගෙන යාමද එම ගුප්ත සංවර්ධන වැඩ පිළිවෙලේම තවත් අංගයකි. මහජන සේවයෙන් ඉවත් කළ යුතු කොටස් මල් මැදුරේ රැුකවරණ ලබමින් සිටී. මහා වංචා හා දූෂණ රැුල්ලට තවත් බොහෝ දේ එකතුවෙමින් පවතී. සංවර්ධන අපේක්ෂා ඉලක්කයන් අඳුරු සමයේ දිග ඇදෙන සෙවණැලි මෙන් වී ඇත.
මුලින් පළවූ වොක්ස්වැගන්, මෙගාපොලිස්, ක්ෂණික රැුකියා දශලක්ෂ ජන මතකයෙන් ඉවත්ව යමින් තිබියදී, සංවර්ධන ඉලක්ක ක්ෂිතිජය දක්වාම දිග ඇදෙමින් පවතී. අපේ සැලසුම් සංසාරය තරමටම දිගය. මනා රචනා රටාවට යටවී ප‍්‍රසිද්ධියට පත්වෙමින් තිබෙන ආර්ථික යෝජනාවල හරය තවත් චුවින්ගම් හා බ්‍රේස්ලට් ඉක්මවා ගිය බවක් පෙනෙන්නට නැත.
ලෝකය වේගයෙන් වෙනස් වේ. සෑම රටක්ම තමන්ගේ නිපැයුම් හා ආර්ථික වර්ධනය තමාට ගැළපෙන ලෙසින් සකස්කර ගනිමින් සිටී. එම ජගත් ගමන්මගට අප එක්වන්නේ අපට ණයට දී පොලී උපයාගෙන තමන්ගේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට උත්සාහ කරන රටවල් වල ගොදුරක් වීමටය. එබඳු ව්‍යාපෘති හරහා තම තමාගේ බැංකු ගිණුම් තර කර ගැනීම ස්ථිරසාර දිගුකාලීන සම්පත් වර්ධනයක් දෙසට යොමු වීමට වඩා අපේ ඊනියා සැලසුම්කරුවන්ට වැදගත්ය. අන් රටවලට අපෙන් ලබා දිය හැකි දේ ගැන දක්වන අවධානයට වඩා ඔවුන්ගෙන් අපට ලබා ගත හැකි දේ ගැන සැලකිල්ල වැඩි වී ඇත.
හිසේ ඇම්මට මාරු කළ කොට්ටයේ කටු ඇනෙන්නට පටන්ගෙන ඇත. සුව පහසු නින්දකට කවුරුත් කැමති නිසා පවතින අඩුපාඩු මඟහරවා ගත හැක්කේ කෙසේදැයි ජනතාව දැඩි අවධානයෙන් සිටී.

යහපාලනයට හසු වූ මඩකළපුව දිස්ත්රික් ලේකම් තනතුර

යහපාලනයට හසු වූ
මඩකළපුව දිස්ත්රික් ලේකම් තනතුර
මීට මාසයකට පමණ පෙර පුරප්පාඩු වූ මඩකළපුව දිස්ත්රික් ලේකම් තනතුරට සුදුසු නිලධාරියකු පත් කිරීමට අදාළ අමාත්‍යාංශයට මෙතෙක් හැකි වී නැත. එම තනතුර දැරූ පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කරනු ලැබීම නිසා එම පුරප්පාඩුව ඇති විය.
තනතුරක පුරප්පාඩුවක් ඇති වූ විට සුදුසු නිලධාරියකු පත් කිරීමට සාධාරණ කාලයක් ගත වීම බලාපොරොත්තු විය හැක්කක් වුවත් මඩකළපුව දිස්ත්රික් ලේකම් පුරප්පාඩුව පිරවීම කල් යමින් පවතින්නේ දේශපාලන හෙංචයියකුට එකී තනතුර ලබා දීම ස‘දහා පවතින උත්සාහයක් නිසා යැයි නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. 
 රාජ්‍ය පරිපාලන ලේකම් නීල් අල්විස් වැඩ භාර ගනිමින් 
මේ පුරප්පාඩුව පිරවීම ස‘දහා මේ වන විට නිලධාරීන් 19ක් කොළඹට ගෙන්වා සම්මුඛ සාකච්ඡා පවත්වා ඇති බවත් ඔවුන් ඒ ස‘දහා තෝරාගෙන ඇත්තේ දේශපාලනඥයන්ගේ ලැයිස්තුවලින් බවත් දැනගන්නට ඇත. මෙවැනි පුරප්පාඩු පිරවීම ස‘දහා අනුගමනය කළ යුතු විධිමත් ක්රමවේදයට පටහැනි අයුරින් අමාත්‍යාංශය කටයුතු කරමින් සිට්න බව එහි බොහෝ නිලධාරීන් දන්නා නමුත් දේශපාලන බලය හමුවේ ඔවුන් අසරණ වී සිටින බව කිියවේ.
ඕන් යහපාලනේ 

අමරපුර නිකායත් ව්‍යවස්ථා විරෝධී සටනට

 අති පුජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමි   අති පුජ්‍ය මඩිගේ පඥ්ඥාසීහ , මහා නාහිමි සහ පුජ්‍ය ගංගොඩවිල සෝම හිමි ඈ සසුනඹර බැබලවූ දේශමාමක යතිවරු දයට දායාද කල අමරපුර නිකායද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පළකර තිබේ



 
.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පමණක් ප්‍රමාණවත් බවත් අමරපුර මහා නිකායේ සංඝයාවහන්සේලා විසින් අගමැතිවරයාට හා ජනාධිපතිවරයා වෙත නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.
රටටත් ජනතාවටත් හානියක් සැලසෙන කිසිවක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සිදු නොවන බවට ජනාධිපතිවරයා හා අගමැතිවරයා දිගින් දිගටම සපථ වන නමුත් අනාගතයේ රට බෙදීමකට වක්‍රව හෝ උපකාරවන යෝජනා ඉදිරිපත් කර ඇති දේශපාලන කේෂත්‍රයේ විද්වතුන් ව්‍යවස්ථා සම්පාදන කාර්යයට සම්බන්ධව සිටින නිසා සාමය හා සංහිඳියාව බලවේග හා සංවිධාන මේ කාර්යයෙහිලා දැඩි උනන්දුවක් දක්වන හෙයින් මේ අවස්ථාවේ සංශෝධන පමණක් සිදු කරන ලෙසත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
රජය හා ජනතාව කෙරෙහි හිතෛෂිභාවයෙන් සියලු ජාතික, සියලු ආගමික රට වැසියන්ට රටේ සෑම තැනම සුහදව සාමකාමීව ජීවත් වීමේ පරිසරයක් තහවුරු කිරීමටත් ඊට විරුද්ධව නැගෙන සියලු බලවේග යටපත් කිරීම සඳහා මහා  සංඝරත්නය මෙන්ම අනෙකුත් ආගමික නායකයන් හා රටවැසියන් සියලු දෙනා වාදභේද පසෙකලා සමඟියෙන් එක් විය යුතු බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
අප රටේ සාධාරණ හා සාමකාමී සමාජයක් ඇති කළ හැක්කේ දැනට ඇති ව්‍යවස්ථාපිත බලය සමතුලිතව උපයෝගි කර ගැනීමෙන් පමණක් බව ද නිවේදනයේ සඳහන් වෙයි.
රට පුරා එක ලෙස නිසි ආර්ථික කළමනාකරණයක් සහිත මානව හිතවාදී සංවර්ධනයක් මිස විදෙස් බලවේගවල අවශ්‍යතාවයට රට බෙදීමකට තුඩු දිය හැකි බලය බෙදීමක් නොවන බව ද අමරපුර නිකාය සඳහන් කර තිබේ.
අප රටට බලෙන් ගෙනෙන ලද 13 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් මේ වන විටත් ලංකාවේ රාජ්‍ය පාලනය ව්‍යාකූල වී තිබීම හේතුවෙන් කාලීන වශයෙන් බලපතළ අවශ්‍යතාවයක් නොපෙන්වන, ජන වරමක් ද නැති නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට වඩා සියලු ජනතාවගේ සංහිඳියාවට හා නිරවුල් සංවර්ධනයක් උදෙසා 13 සංශෝධනය නිෂේධනය කිරීම කාලෝචිත පියවරක් බව ද උන්වහන්සේ අවධාරණය කරයි.
කෙසේ වෙතත් මෙම කරුණු සියල්ල මුලික කර ගනිමින් මහජනතාවගේ සාමකාමී පරිසරය විනාශ කිරීමට ඉහවල් වන නව ව්‍යවස්ථා යෝජනාවලින් වැළකි, රටේ දැවන ජාතික හා ආර්ථික ප්‍රශ්න විසඳා ගෙන සංවර්ධත දේශයක් නිර්මාණය කර ගැනීමට දේශපාලන වාද භේද ඉවත ලා ජාතික සමඟිය වෙනුවෙන් එක්සත් වන ලෙස සියලු දේශපාලන පක්ෂ හා ජනාතාවට මෙඟින් දන්වා සිටින අතර අනාගතයේ දී රටට ගැටළු ඇති කළ හැකි නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් වැළැකී පවතින ව්‍යස්ථාවට අවශ්‍ය සංශෝධන පමණක් සිදු කරන ලෙස තව දුරටත් අවධාරණය කර සිටියි.

Monday, October 30, 2017

කුජිත පොලිස්පතිට ජයග්‍රහණය දී සමරකෝන් බණ්ඩා ගෙදර යයි.

ඉතිහාසයේ කුජිතම පොලිස්පති පුජිත ජයසුන්දරගේ අමානුෂික ප්‍රහාරයට ලක්වූ පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන යන්ත්‍ර ක්‍රියාකරු සමරකෝන් බණ්ඩා මහතා ඊයේ ( 2017/10/30) දින විශ්‍රාම ගන්වා ඇත. ඔහුට පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, ශ්‍රීලංකා පොලිස් කොමිසම සහ ව්‍යවස්ථා දායක සභාව කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන කුජිතට පක්ෂපාති ලෙස හැසිරී ඇති අතර මෙම පහර දීම යහපාලන පොලිස් රාජ්‍ය යේ තවත් එක සිදුවීමක් බවට පත්වෙමින් වැළලී යනු ඇත.
මෙම සිද්ධිය මාධ්‍ය මගින් එලියට ඒමත් සමග පොලිසිය පරීක්ෂණ කලේ සිද්ධිය ගැන නොව , වීඩියෝව මාධ්‍ය අතට පත්වුවේ කෙසේද යන්න පිළිබඳවයි. පොලිස් ප්‍රකාශක වරයා අතිශය උත්සාහයක් දැරුවේ සිද්ධිය පහරදීමක් නොව කොලරයෙන් ඇද  ගැනීමක් පමණක් බව පැවසීමටය. නමුත් උගත් නීතිඥ පොලිස් ප්‍රකාශක වරයා සිද්ධිය කොලරයෙන් ඇදීම පමණක් බව සිතුවත් එය බණ්ඩා මහතාගේ ආත්මගරුත්වයට හානියක් බව නොදැන සිටීම කනගාටුදායකය. 
කැබිනට් මණ්ඩලය පවා සිද්ධිය නොසලකා හරියේ සමරකෝන් බණ්ඩා මහතා සුළු නිලධාරියෙකු පමණක් වන නිසාය.මේ නිසා සිය 35 වසරක සේවාකාලය නිමවී පොලිස් මුලස්ථානයෙන් ඔහු නික්ම යන්නේ ඔහුම සේවය කල ශ්‍රී ලංකා පොලිසියේ තුච්ඡ කමේ තවත් ගොදුරක් වෙමිනි.
 පොලිස්පතිත් මේගැන අමතක කර දමයි. මේ ගැන පරීක්ෂණද යට යයි.දේශපාලන සබඳතා ඇති පොලිස් පතිද නිදහස් වේවි. අවසානයේ මස තුනක් යනවිට කිසිවෙකුට සිද්ධිය මතක නැති වේවි. අසරණ බණ්ඩා මහතා පමණක් විඳවාවී.

අන්තිමේදී මෙයත් නොවිසඳුණු පොලිස් අපරාධයක් ලෙස යට යාවි. ඔබ නොදැන සිටියාට පසුගිය මාස කිහිපය තුළ  විසින් මිනි මැරුම් 10 ට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති පොලිසිය සිය ඉහලම නිලධාරියාව උදාහරණයට ගෙන අපරාධ සිදු කරාවි. නමුත් පට්ට සුවාදීන පොලිස් කොමිසම මානව හිමිකම් කොමිසම සහ ව්‍යවස්ථා දායක කවුන්සිලය මෙලෙසම බුදියාවී.
රටට සහ නීතියට හෙන ගැහුවත් පොලිස්පති බේරේවි . යහපාලනය යනු එයයි. මෙවර යහපාලනය යන වදන පොලිස්පති සහ ඉහත සියලුම ආයතන විසින් සමුහ දුෂණයට ලක් කර ඇත. 
'ලංකා නිව්ස්වෙබ් හි පලවූ පුවතක් ඇසුරෙනි 

ජනාධිපතිකම බාරගන්න ලෑස්තිද ? ගෝටා උත්තර දෙයි

තමා විශ්වාස කරන රටට හිතකර ප්‍රතිපත්ති ඇති ඕනෑම නායකයෙකු යටතේ වැඩ කිරීම තමුන්ට ප්‍රශ්ණයක් නොවන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මෙසේ ඇසුවේ මහනුවරදී පැවති විද්වතුන් හා වෘතිකයින්ගේ සමුලුවක් අමතමිනි.
ඔහු එහිදී මෙසේද පැවසීය.
” අද ගෝල්ෆේස්වල ටාජ් හෝටලය හදල තියෙන ඉඩම ඉන්දියානු සමාගමකට දුන්නේ ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමා, අද වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක හදල තියෙන ඇචිලන් ස්ක්වයාර් ඉඩම සිංගපූරු සමාගමකට දුන්නේ ආර්ප්‍රේමදාස ජනාධිපතිතුමා. ඒ රජයේ ඉඩම් නිකං වගෙ පෞද්ගලික ආයතන වලට දුන්නේ. 99 අවුරුද්දට දුන්නේ කියලා ඒ ඉඩම් කවදාවත් ආපහු ගන්න පුලුවන්ද ?
නමුත් එ අසලම තියෙන ඉඩමක් ෂැංග්‍රිල්ලා හෝටලයට මහින්ද ජනාධිපතුමාගේ කාලේ දුන්නේ රජයට අති විශාල මුදලක් අයකරගෙන. ඒ මුදල් වලින් බත්තරමුල්ලේ හදන තිවිධ හමුදා මූලස්ථානය සාදා නිම කරන්නයි සැලසුම් කරල තිබුනේ. එහෙම් කලා නම් මහ භාන්ඩාගාරයට බරක් නැහැ. හමුදා මූලස්ථානය ගෝල්ෆේස් වලින් ඉවතට ගෙනියන්න තීරණය කරල තිබුනේ මීට දශක ගන්නාවකට පෙර වෙනත් රජයක් විසින්. නමුත් එයටභාන්ඩාගාරයේ මුදල් නැති නිසායි ප්‍රමාදය තිබුනේ.
ෂැන්ග්‍රිල්ලා හොටලයෙන් ගත් මුදලින් හමුදා මූලස්ථානය හදාගෙන යන විට මේ ආන්ඩුව බලයට ඇවිල්ල ඒ මුදල් ආපසු භාන්ඩාගාරයට ගත්තා. අද ඒ සල්ලි කෝ ? ඒවට වෙච්ච දෙයක් නහැ. දැන් හමුදා මූලස්ථානය හදල ඉවරකරන්න වෙන්නේ මහජන බදු මුදල් වලින් . කවුරුත් ඒ අපරාධය ගැන අහනවද ?”
“ජනතාව ඉල්ලා හිටියොත් ඔබ තුමා මේ රටේ නායකත්වය බාර ගන්න ලෑස්තිද කියා” යමෙක් මෙම සම්මන්ත්‍රණයේදී ඇසු ප්‍රශ්ණයකට උත්තර දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ තමන්ට තනතුරු වැදගත් නැතිබවත් වැදගත් වන්නේ මව්බිම බවත්ය.
තමා විශ්වාස කරන රටට හිතකර ප්‍රතිපත්ති ඇති ඕනෑම නායකයෙකු යටතේ වැඩ කිරීම තමුන්ට ප්‍රශ්ණයක් නොවන නිසා එකද, දෙකද , තුනද නොබලා රට වෙනුවෙන් ජනතාව බාර දෙන ඕනෑම වගකීමක් දරන්නට තමන් සැම විටම සූදානම් බව මීට පෙරද කියා ඇතිබව හිටපු ආරක්ෂක ලේකම්වරයා මතක් කර දුන්නේය.
ඕවා කතා කරන්නට පෙර අපි සියලු දෙනා එක්ව රට මේ වැටී තියෙන උවදුරෙන් බේරාගමු කියා ඔහු තව දුරටත් කීවේය.

රනිල් සර් ගේ ඊළ ඇදෙන ආර්ථික විහිළු

මහා ආර්ථික විද්‍යාඥ ර සනිල් වික්කමසිංග හාමුගේ ඉළ ඇදෙන ආර්ථික විහිළු . අහලම බලමුකෝ






පළාත් පාලන ආයතන වල අලුත් සීමා මායිම් මෙන්න.

 ඔබ දේශපාලනයට වුනාන්දු නොවුනත් අනිවාර්ය යෙන් බලන්න. ඔබගේ එදිනෙදා කටයුතු වලටත් වැදගත් වේවි 




ඉදිරි පළාත් පළාන මැතිවරණය පැවැත්වෙන කොට්ඨාශ ක්‍ර‍මය යටතේ වන සීමා මායිම් පිළිබද ගැසට් නිවේදනය පහතින් දැක්වේ. 
ඔබත් පළාත් පලාන ඡන්ද විමසීමට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයෙකු නම් සියල්ලට පෙර ඔබගේ ‘කොට්ඨාශය නිවැරදිව‘ හදුණාගන්න. 
 
මෙම කාරණය සම්බන්ධයෙන් 2015-08-21 දිනති 1928/26 දරණ ගැසට්පත්‍රය මගින් සීමා නීර්ණයන්  ප්‍රකාශයට පත්කරන ලද අතර හා 2017-02-17 දිනැති 2006/ 44 යන ගැසට් පත්‍රය මගින් ඇතැම් සීමා නීර්ණයන් සංශෝධනය කරන ඇත. මෙම දිගුව මගින් 2015 -08-21 සංශෝධනය කරන ලද සීමා නීර්ණයන්  මෙතැනින් ලබාගන්න. 
ඉහත ගැසට් නිවේදනය සිදු කළ සංශෝධන සියල්ල මෙම ලැයිස්තුවේ සදහන් වේ.

Sunday, October 29, 2017

අපගේ විරුවන්ගේ ජීවිත පරිත්‍යාගය පාවා නොදෙමු

ශ්‍රී ලාංකික සිංහලයට දෙමළට මුස්ලිම් මනුස්සයට මතක සති දෙක බව ඇත්තමද. මේ විරුවන්ගේ ජීවිත පරිත්‍යාගය පාවා නොදෙමු ... පොත්ත ඒකීය මඩේ ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධ වෙමු .. 





මැදගොඩ හිමිව කොටු කලාද ??

නව ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා රජය මේ දිනවල දිවා රෑ නොබලා කටයුතු කරමින් සිටියි. ඒ සඳහා ගත හැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය සුදානම්ය. 

මෙහි තවත් එක පියවරක් ලෙස රාජපක්ෂ කඳවුරේ ප්‍රධාන පෙලේ භිල්ෂුන් වහන්සේ නමක් වන පැපිලියාන  සුනේත්‍රාදේවි රජමහා විහාරයේ, ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්  කොටු කර ගැනීමේ මෙහෙයුමක් ජනාධිපති වරයා විසින්ම සිදු කරන්නට විය 

මීට පාදක වන්නේ චන්ද්‍රිකාට සමීප හිටපු නියෝජ්‍ය ඇමති වරයෙකු විසින් ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කිරීමත් සමගයි ."මම කොයිතරම් කිව්වද මැදගොඩ හාමුදුරුවෝ හමුවෙන්න යමු කියල ජනාධිපති තුමාට, එත් ආවේ නෑ ආවානම් අද මැදගොඩ හාමුදුරුවෝ අපිත් එක්කයි ඉන්නේ, එම හිටපු ඇමති වරයා පවසා තිබුණි.

කෙසේ වෙතත් තමන් අතින් සිදුවූ වරද නිවරද කරමින් මැදගොඩ හිමි කොටු කිරීමේ මෙහෙයුම ජනාධිපතිවරයා ඉහත කැස්බෑවේ දේශපාලකයාද සමග සිදු කරන්නන්ට යෙදිණි. මෙයට යොදා  ගත්තේ  උක්ත විහාරයේ කටින පිංකම යෙදෙන දිනට පෙර දිනයයි. එදින පැය ගණනක් පුරා පන්සලේ ලැගගෙන මෙන් මැදගොඩ හිමියන් ගේ සියලු දෝෂාරෝපණ ඉවසා හුන් ජනාධිපති වරයා අවසානයේ පසුදින පැවැත්වෙන කටින පුජාවටද සහභාගී වීමේ ආරාධනයද ලබාගෙන පන්සලෙන් පිටවුවේ පසුදින පන්සලටා වැඩම කර තම මාධ්‍ය ද ගෙන්වා තම සැලසුමේ ඉතිරි කොටස සිදු කරන්නට සැලසුම් කර ගනිමිනි. එම සැලැස්මේ නාටකය ඔක්තෝබර් 30 දා සියලු රුපවහී නාලිකා ප්‍රවුර්ත්ති තුලින් මැදගොඩ හිමිට සහ ජනපති වරයාට විශාල ප්‍රචාරයක් ලබා දීමෙන් හැමා දෙනා ඉදිරියේ රංග දැක්වුණි. කෙසේ වෙතත් ආරංචි  මාර්ග පවසනුයේ  මැදගොඩ හිමි එදින එම කතාව කලේ සාමාන්‍යයෙන් පන්සලට පැමිණෙන සියලුම දේශපාලකයින්ගේ අතේ පිරිත් නුල් බැඳීම වැනිම වූ පුරුද්දකට බවයි. ඒ නිසා මැදගොඩ ස්වාමින් වහන්සේ ජනපති ගැටයට හසු වුනාද යන්න පැවසීමට තවම කල් වැඩිය. කෙසේ වුවත් ආචාර්ය මැදගොඩ අභය තිස්ස හිමියන් රටක් රැවටු පුද්ගලයෙකුට රැවටීමට තරම් අඥාන වේ යැයි සිතිය නොහැක.

Saturday, October 28, 2017

ෆෙඩරල් බස් එක

යහපාලන විදේශ ඇමති තුමාගේ දක්ෂතාවය නිසා ඔන්න එඅලම් බස් එකනම් පිටරට පාරවල් වල දුවනවා. ලංකාවෙත් ඔහොම යන දවස වැඩි ඈතක නොවේ . ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන අවදියෙන් සිටින්න. ඔබ නිදි මුත් උන් නිදි නැත 

රටම ණය බරින් මුදවන තෙල් පිරිපහදු ආයෝජකයාට ආණ්ඩුව පයින් ගසයි .. කොමිස් ???

මෙතෙක් ලංකාවට පැමිණ ඇති විශාලතම විදේශ ආයෝජනය සේ සැළකිය හැකි, වරාය නගර ව්‍යාපෘතිය සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය වැනි චීන ආයෝජනයන් මෙන් තුන් ගුණයක් වටිනා, රටට ඉමහත් ප‍්‍රතිලාභ අත්කර දිය හැකි, ඩොලර් බිලියන 3 ක් වටිනා පෞද්ගලික අංශයේ තෙල් පිරිපහදු ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ආණ්ඩුව පස්ස ගසමින් සිටින බව වාර්තා වෙයි.

මේ තෙල් පිරිපහදු ව්‍යාපෘතිය තුළින් අපනයනය සඳහා දවසකට ඛනිජ තෙල් බැරල් 200,000 ක් හෙවත් වසරකට මෙට්‍රික් ටොන් මිලියන 10 ක් පිරිපහදු කෙරේ. මෙසේ පිරිපහදු කෙරෙන ඛණිජ තෙල් විකිණීමේදී ප‍්‍රමුඛ තැන ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ලබාදීමටත්, ඛණිජ තෙල් අපනයනයට අමතරව, හම්බන්තොට වරාය පසු කොට යන නැව්වලට තෙල් සපයා දීමටත් ඉන් අදහස් කෙරේ. මේ ව්‍යාපෘතියෙන් ලංකාවට සැලසෙන තවත් සෙතක් වන්නේ, තෙල් පිරිපහදුව සඳහා ක‍්‍රියාත්මක කෙරෙන මෙගා වොට්ස් 300 ක බල ශක්ති උත්පාදනයෙන් තෙල් පිරිපහදුව සඳහා අවශ්‍ය කරන්නේ මෙගා වොට්ස් 150 ක් පමණක් වන බැවින්, ඉතිරි මෙගා වොට්ස් 150 ක විදුලිය ප‍්‍රමාණයක් අපේ ජාතික විදුලි ජාලකයට ලබා ගැනීමට හැකි වීමයි. සමාජ වගකීමේ කොටසක් තමන්ද දැරිය යුතු බැවින්, පිරිපහදුව සඳහා යොදා ගන්නා ලුණු රසය ඉවත් කළ මුහුදු දිය අතිරික්තය එම පළාතේ ජනතාවට සැපයීමටත් මේ ව්‍යාපෘතියේ ආයෝජකයන් කැමැත්ත පළ කොට ඇත. ඊට අමතරව මෙම පිරිපහදුව තුළින් අමතරව නිපදවෙන එල්.පී.ජී. ගෑස්, බිටුමන් සහ යූරියා වැනි අතුරු නිෂ්පාදනවලට ඉන්දියාවේ සහ පකිස්ථානයේ විශාල වෙළඳපොළක් ද තිබේ.
මේ සඳහා අවශ්‍ය කරන හෙක්ටෙයාර් 30 ඉඩම් ප‍්‍රමාණයක් හම්බන්තොට වරාය ප‍්‍රදේශයෙන් ද, තවත් හෙක්ටයාර් 200 ඉඩම් ප‍්‍රමාණයක් වරාය ප‍්‍රදේශයට පිටතින් මහවැලි අධිකාරියට අයත් ඉඩම්වලින් ද හඳුනාගනු ලැබ ඇත. මුළු ව්‍යාපෘතියෙන් සෘජුව සහ වක‍්‍රව නිර්මාණය කෙරෙන රැකියා ප‍්‍රමාණය 20,000 කි. ඒ රැකියා බොහොමයක් හම්බන්තොට ප‍්‍රදේශ වාසීන්ටමය.
මේ ආයෝජනයේ විශාලත්වයත්, එයින් රටට සැලසෙන බහුවිධ සමාජ ආර්ථික ප‍්‍රතිලාභයනුත් සැලකිල්ලට ගෙන, අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ‘ආර්ථික කළමණාකරණය පිළිබඳ කැබිනට් කමිටුව’ 2016 නොවැම්බර් මාසයේ දී මේ ව්‍යාපෘතියට, ප‍්‍රතිපත්තියක් වශයෙන්, අනුමැතිය දී තිබේ. තවදුරටත් එහි ඉදිරියට යමින්, මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දෙවර්ෂ පූර්ණයට සමගාමීව මේ වසරේ ජනවාරි 8 වැනි දා ප‍්‍රකාශයට පත් කළ ‘හම්බන්තොට ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම’ තුළටත් මෙය ඇතුළත් කොට තිබේ.
එහෙත් එතැන් පටන් වාර්තා වන්නේ බලධාරීන් මේ ව්‍යාපෘතිය පස්සට අදින බවයි.
පිරිපහදුව සියයට සියයක් අපනයනය ඉලක්ක කොට පවතින නිසා තමන්ගේ ඊට විරුද්ධත්වයක් නැතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කියා තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය මේ අරභයා අදාළ ආයතන 14 ක් සමග සාකච්ඡා කොට ඇති අතර එම ආයතනවල නියෝජිතයන්, මේ ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන ඇති වැඩබිම් දෙකක් නිරීක්ෂණය කිරීමටත් ගොස් තිබේ. අදාළ ප‍්‍රදේශවල වී ගොවිතැන් කරන සහ කෙසෙල් වගාව කරන ගොවි පවුල් නිසියාකාරයෙන් නැවත පදිංචි කිරීමේ කොන්දේසිය මත, ඔවුන්ගෙන් බොහොමයක් දෙනා ඊට අනුමැතිය දී තිබේ. එසේම, ඉහත කී ඉඩම් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් වන තමන්ගේ අදහස් දක්වන ලෙස ජනාධිපති කාර්යාලය මගින් මහවැලි අධිකාරියටත් ලියා දන්වා තිබේ.

අනුමැතිය ලැබීමෙන් පසු දින 120 ක් ඇතුළත ආයෝජනයේ ප‍්‍රථම කොටස සැපයීමටත්, දින 180 ක් ඇතුළත ව්‍යාපෘතිය ගොඩනැගීම ආරම්භ කිරීමටත් ප‍්‍රතිඥා දී ඇති ආයෝජකයෝ, මාස 24-30 අතර කාලයකදී ඒ වැඩකටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරති. මතභේදයට තුඩු දී ඇති ඇතැම් චීන ව්‍යාපෘතිවල මෙන් පූර්ව කොන්දේසි කිසිවක් මේ ව්‍යාපෘතියට ගැට ගැසී නැති තත්වය තුළ, ව්‍යාපෘතිය ඉක්මන් කිරීමේ ප‍්‍රමාදය අභිරහසක් බව ඔවුන්ගේ අදහසයි. මෙය, විදේශ විනිමය ඉපැයීම් මෙන්ම, ඉතිරි කිරීම් සඳහා ද මහඟු අවස්ථාවක් රටට සලසන බව ඔවුහු පෙන්වා දෙති.
මේ යෝජිත පිරිපහදු ව්‍යාපෘතියේ ආයෝජන සමාගම් සමූහය පිහිටා ඇත්තේ, ජපානයේ සහ ඉතාලියේ තාක්ෂණික පාර්ශ්වකරුවන්ගෙන් සමන්විතව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේය. පිරිපහදු කෙරෙන පෙට‍්‍රල් වර්ගය, යුරෝපා සංගමයේ ප‍්‍රමිතියට අනුගත, 98 ඔක්ටේන්ය.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අද මිලදී ගන්නවාට වඩා අඩු මිලකට, මේ ව්‍යාපෘතිය පටන් ගත් පසු, පිරිපහදු නිෂ්පාදන තමන්ට සැපයිය හැක වන බව එහි ආයෝජකයෝ කියති. ඒ මගින් විදේශ විනිමය විශාල වශයෙන් ඉතිරි කර ගැනීමටත් ලංකාවට හැකි වනු ඇති බව ඔවුන්ගේ අදහසයි

බැඳුම්කර හොරු නීතිපතිට විරුද්ධව නඩු දමති

යහපාලනයෙන් පසු අම්මට සිරි ලංකාවේ ඇතිවී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ තත්වය කෙසේද යත් , යහපාලන මහා වංචාව වූ බැඳුම්කර වංචාවේ හොරු රල විසින් දප්පුල ලිවේරා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ට නඩු පැවරීම දක්වා දියුණු තත්වයකට පැමිණ ඇත  

බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශන වලට අදාල ප්‍රකාශ ලබා ගැනීමේදී නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් තමන්ට තර්ජනය කර අමානුෂික ලෙස බලපෑම් කළ බව පවසමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කළමනාකරුවකු වන එස්. පතුමානපන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් 10 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. 

ජ්‍යේෂ්ට අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අට දෙනෙකු ඇතුළු 20 දෙනෙකු මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති අතර ඊයේ (27) මෙම පෙත්සම කැඳවනු ලැබුවේ සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේය. 
එහිදී මෙම විත්තිකරුවන් අතරින් දෙදෙනෙකු තමන් හොඳින් දන්නා හඳුනන හෙයින් පෙත්සම විභාග කිරීමට තමන් අකමැති බව සිසිර ද ආබෲ සහ ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරුවරුන් ප්‍රකාශ කළ නිසා නව විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගැනීමට නොවැම්බර් 10 වනදා දක්වා කල් තබන ලදී. 

Friday, October 27, 2017

දඹර අමිල හිමි ගේ දිව දෙක ..

දඹර අමිල හිමි ගේ දිව දෙක .....
"උද්ඝෝෂකයින් අමතමින් පුජ්‍ය දඹර අමිල හිමි ප්‍රකාශ කලේ , එල් ටි ටි ඊ ය රනිල් වික්‍රමසිංහ ගේ උදව්වෙන් රට බෙදීම නිත්‍යානුකුල කර ගැනීමේ ප්‍රයත්නයක දී සිටින බවයි. ඒ හිමි පැවසුයේ ජාතික භික්ෂු පෙරමුණ ද්‍රෝහී එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත ජන බලයක් ගොඩ නගමින් සිටින බවයි. රනිල්ගේ සාම ගිවිසුම හරහා , රනිල් වික්‍රමසිංහ වෙනම ඊලාම් රාජ්‍යක් ගොඩනැගීමේ යෙදී සිටින බවයි . බෞද්ධ භික්ෂුන් තමන්ගේ දිවි පුදා හෝ රනිල් ගේ සහ විදේශ බලවේග වල ද්‍රෝහී උත්සාහයන් පරාජය කර ආදරණීය මව්බිම රකිනු ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කල සේක "Image may contain: 1 person, indoor
"Addressing the protestors theVenerable Dambara Amila said with the help of the Ranil Wickremesinghe government the LTTE was involved in an effort to legitimize the division of the country. The Jathika
Bhikshu Peramuna , the Venerable Amila said, had taken over the responsibility of rising up with the mammoth power of the masses against the traitorous act of the United Front government. He said through the so-called MOU the government of Ranil Wickremesinghe was 

attempting to establish the separate state called Eelam. He said the Buddhist monks would at the risk of sacrifice of their lives would rise up against the attempt and destroy all aiding foreign powers to protect the beloved motherland."
http://www.lankaweb.com/news/items03/200903-1.html
- දඹර අමිල හිමි - 2005 සැප්තැම්බර් 17 පිටකොටුව උද්ඝෝෂණයේදී 

මේ දඹර අමිල හිමිම 2017 අගෝස්තුවේ දී 
"කිසිම ජාතියක් වෙනම රටක් නොඉල්ලන මේ කාලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට හොඳම කාලය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ කීහ. සිංහල ජාතිකයන් වූ මෛත්‍රීපාල සිරිසේනට මෙන්ම මහින්ද රාජපක්ෂටද පසුගිය ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ ඡන්දය ලැබුණු බවත්, දෙමළ අපේක්ෂකයන් නොවන බව කියමින් ඔවුන් ඡන්දය දීම ප්‍රතික්ෂේප නොකිරීමෙන් එම ජනතාවගේ අපේක්ෂාව පෙනෙන්නේයැයි ද අමිල හිමියෝ පැවසූහ.අලුත් ව්‍යවස්ථාවකට හොඳම වෙලාව මෙයයි - දඹර අමිල හිමි
‘දැන් ආගමික සහජීවනය ඇති වෙමින් තිබෙනවා. ජාතින් අතර සහජීවනය ඇති වෙමින් තිබෙනවා. ඇඳුම් පැළැඳුම් විවිධත්වය
හොඳ බව නිතර කියනවා. ඒ වගේම තමයි ජාතීන් අතර විවිධත්වයත් ඉතා හොඳයි “


‘‘දෙමළ ජනතාව දැන් වෙනම රටක් ඉල්ලන්නෙත් නෑ. මුස්ලිම් ජනතාව ඉල්ලන්නෙත් නෑ. විදෙස් රටවල් අපට දැන් වෙට්ටු දාන්නෙත් නෑ. මේ කාලය තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්න හොඳම කාලේ“ යැයි ද දඹර අමිල හිමියෝ කීහ."
http://www.lankadeepa.lk/…/අලුත්-ව්‍යවස්ථාවකට-හොඳ…/10-510765

රට යන අත - 'ඔරුමිත්ත නාඩු' කරළියට

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව, සයිටම් අර්බුදය , මහා බැංකු බැඳුම්කර වංචාව, ජීවන වියදම, වැඩවර්ජන හා උද්ඝෝෂණ ආදී ප්‍රශ්න නිසා දිගින් දිගටම රට තුළ නොසන්සුන්තාව පැතිර යද්දි මේ ප්‍රශ්න එකිනෙක විසඳා ගන්නවා වෙනුවට ආණ්‌ඩුවේ ඇතැම් ඇමතිවරු දැඩි මුරණ්‌ඩු ස්‌ථාවරයක සිටීම ආණ්‌ඩුවේ පැවැත්මට අහිතකර ලෙස බලපාන බව පෙනේ. මේ මුරණ්‌ඩු ඇමතිවරුන් දෙතුන්දෙනකු නිසා සමස්‌ත ආණ්‌ඩුවේ පැවැත්ම අනතුරේ පවතින බව ආණ්‌ඩුව මතකයේ තබාගත යුතුව තිබේ. විශේෂයෙන්ම මැතිවරණ කීපයක්‌ ඉදිරියේ තබාගෙන ඇතැම් ඇමතිවරු හැසිරෙන අන්දම පුදුම සහගතය.

 විශේෂයෙන්ම මේ වන විට යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පතට මහාසංඝරත්නය ඇතුළු රටේ දසදෙසින් විරෝධය එල්ලවී තිබේ. පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ නොකරන ලෙස මේ වනවිට මල්වතු - අස්‌ගිරි සංඝ සභාවන් ඇතුළු අනෙකුත් නිකායන් දැඩි ලෙස ආණ්‌ඩුවට දැනුම් දී තිබේ. රටේ ජනතාව තුළිsන්ද නව ව්‍යවස්‌ථා කෙටුම්පතට ඇත්තේ දැඩි විරෝධයකි. එසේ තිබියදී ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා වන මහා සංඝරත්නයට කන්නොදී ආණ්‌ඩුවේ ඇමතිවරුන් හා එන්ජීඕ ඒජන්තයන් ලවා මහා සංඝරත්නයට අපහාස කරමින් රටේ ජනතා කැමැත්තට කන්නොදී ආණ්‌ඩුව නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන්නට උත්සහ දරයි. මේ නිසා රටට අනවශ්‍ය ව්‍යවස්‌ථාවක්‌ මේ තරම් විරෝධතා මැද ගෙන එන්නට උත්සාහ දරන්නේ කවුරුන් සතුටු කරන්නට දැයි අප තුළ ඇත්තේ දැඩි සැකයකි.

 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ යනු කිසියම් රටක පාලන ක්‍රමය හා සම්බන්ධ වූ ආයතන එනම් ව්‍යවස්‌ථාදායක, විධායක, අධිකරණ යන ආයතනවල සැකැස්‌ම, කාර්යයන්, බලතල ක්‍රියාකාරිත්වය එකිනෙක ආයතන හා එම ආයතනත්, පුරවැසියන් අතරත් පවතින සබඳතාවයන්, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන පිළිවෙත් පිළිබඳවත් වූ මූලික නීති මාලාවක්‌ ලෙස හැඳින්විය හැකි ය. ඒ අනුව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ රටේ මූලික නීතිය වන අතර එය රටේ සාමාන්‍ය නීතියට ද ඉහළින් පවතින ශේ්‍රෂ්ඨ නීතිය ලෙස හැඳින් වේ. එම නිසා එය නිර්මාණය විය යුත්තේ සමස්‌ත ජනතා අවශ්‍යතාවයන් හා කැමැත්ත මත පදනම් කරගෙනය. එම නිසා රටේ බහුතර ජනතාවට හොරෙන් එන්ජීඕ නඩයකට රටේ ජනතාවගේ අනාගතය තීරණය කරන්නට ඉඩදිය නොහැක.

 කිසිදු ලෙසකින් අලුත් ව්‍යවස්‌ථාවක්‌ මේ මොහොතේ රටට උවමනා නැති බවත් ඊට වඩා විසඳිය යුතු ප්‍ර්‍රශ්න අද රටේ ඇති බවත් කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාව තීරණය කර ඇත.

 එම පාර්ශවයේ අනු නායක බෙල්ලන්විල විමලරතන හිමියෝ සඳහන් කරන්නේ සංඝ සභාව විසින් ගත් මෙම තීරණය ඒකමතික තීරණයක්‌ බවය.

 දැනට ඉදිරිපත් වී ඇත්තේ කෙටුම්පතක්‌වත් හෝ පනතක්‌ නොවන බව දන්නා නමුත් ඉදිරිපත් වී ඇති යෝජනා මාලාව මත පිහිටා ඉදිරි කටයුතු සිදුවීමට ඉඩ ඇති බවත්, මෙම යෝජනා කෙටුම්පතක්‌ හෝ පනතක්‌ වීමට පෙර තම අදහස්‌ පළ කරනු ලැබුවේ ඒවා සලකා බැලීමට යයිද උන් වහන්සේ පවසති. මේ මොහොතේ නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම කාලෝචිත නැති බවද උන් වහන්සේ සදහන් කළහ.

 නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට මේ මොහොතේ කිසිදු උවමනාවක්‌ නැති බව ශ්‍රී්‍රS ලංකා අමරපුර ධම්මරක්‌ත මහා නිකාය වෙනුවෙන් ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමියෝ පවසති.

 මේ අතර ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලය විසින් ඉදිරිපත් කර ඇති අතුරු වාර්තාවට සම්පූර්ණයෙන් විරෝධය පළ කරන බව එක්‌සත් ජාතික පක්‌ෂ ජාතික ලැයිස්‌තු පාර්ලිමේන්තු මන්ත්‍රී්‍රS පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

 උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඉදිරිපත් කර ඇති යෝජනාවලිය මගින් ජාතික සමගිය සහ සංහිඳියාවට යැමට තිබූ ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහුරා දමනු ඇති බවයි.

 මේ සදහා වන ඡන්ද විමසීමේදී තමන් වහන්සේගේ ඡන්දය ඊට විරුද්ධව ප්‍රකාශ කරන බවද මෙම විසංවාදී ලියවිල්ලක්‌ හේතුවෙන් රට සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක්‌ වනු ඇතැයිද පැවසූ රතන හිමියෝ අදාළ යෝජනාවලිය සැකසීම සදහා කිසිවෙකුගෙන් අදහස්‌ විමසා නැති බවටද චෝදනා කළහ.

 මේ අතර මෙරට අතිශය ප්‍රබල වෘත්තීය හා සිවිල් සංවිධානයක්‌ වන ශ්‍රීලංකා නීතීඥ සංගමය ද නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් දැඩි මතයක සිටී.

 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට යන වගන්තීන් වලින් ඒකීය රාජ්‍ය, ව්‍යqහය, පෙඩරල් ව්‍යqහයක්‌ දක්‌වා පරිවර්තනයකට ලක්‌ වන්නේද යන්න පැහැදිලි කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයට ප්‍රශ්නාවලියක්‌ යොමු කොට ඇත. 

 නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාවය, නව ව්‍යවස්‌ථාව මගින් ශ්‍රී ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක්‌ වන්නේද? එසේ නම්, ඒකීය රාජ්‍යය යන සංකල්පය , පළාත් වලට කුමන බලතල පවරන්නේද? මධ්‍යම රජයට හෝ පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් එම බලතල ආපසු ලබා ගැනීමට හැකියාවක්‌ තිබෙන්නේද? ඒ කුමනාකාරයෙන්ද?, යම් සුදුසු තත්ත්වයන් යටතේදී ජනාධිපතිවරයාට තම බලය සෘජුව පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාවක්‌ ඇද්ද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේද? අධිකරණ ව්‍යqහය කුමක්‌ද? ව්‍යවස්‌ථාවක අධිකරණයක්‌ තිබේද? එසේ නම්, අධිකරණ සඳහා විනිසුරුවරුන් පත් කරන ආකාරය කෙසේද ?, ශේ්‍රෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කරන්නේ කෙසේද? එම පත් කිරීම් සඳහා ක්‍රමවේදය, ශේ්‍රෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ඉවත් කරන ආකාරය, දිවයින පුරා ඇති දිසා අධිකරණ හා මහෙස්‌ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන් පත් කරන්නේ, ඔවුන් ස්‌ථාන මාරු කිරීම් හා විනය පියවර ගනු ලැබීම අධිකරණ සේවා කොමිසමෙන් පමණක්‌ සිදු කරනු ලබන්නේද? යන්න, ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවෙන් බලාත්මක කළ හැකි මූලික අයිතිවාසිකම් මොනවාද, එම මූලික අයිතිවාසිකම් බලාත්මක කරන්නේ කුමන අධිකරණ වලින්ද, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනනුකූල පනත් සීමාසහිත කාලයක්‌ තුළ විමර්ශනය කිරීමේ බලය අධිකරණයන්ට ලැබේද යන්න එම ප්‍රශ්නාවලියට අයත්ය.

 අලුත් ව්‍යවස්‌ථාව වෙනුවෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් සකස්‌ කළ අතුරු වාර්තාවේ දෙමළ පිටපතේ සඳහන් පරිදි ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ ලෙස පිළිගැනීම බැහැර කොට ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. එහී ඒකිය යන අරුත් ගැන්වෙන වචනයට යොදා ඇති දෙමළ වචනයෙන් අරුත් ගැන්වෙන්නේ "ඔරුමිත්ත නාඩු" යනු ප්‍රාන්ත කිහිපයකින් සැදුම්ලත් රාජ්‍යයක්‌ බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා සිටී.

 "ඔරුමිත්ත නාඩු" යන වචනය යොදමින් සිදුකර ඇති මෙම කමිටු වාර්තාව ඉතාමත්ම බරපතළ තත්ත්වයක්‌ බැවින් වහාම රජයෙන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්‌ ලබාගැනීමට නීතිඥ සංගමය බලාපොරොත්තු වේ.

 රටේ ආර්ථික තත්ත්වය එන්න එන්නම අයහපත්ය. මේ නිසා රටේ ජනතාව දැඩි අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටිති. අත්‍යවශ්‍ය භාණ්‌ඩ සඳහා මිල පාලනයක්‌ අවශ්‍යම මොහොතක රජය ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක්‌ යොමු කරනු නොපෙනේ. 

 ජීවන වියදම සම්බන්ධයෙන් ආණ්‌ඩුව වැඩි අවධානයක්‌ යොමු නොකරන නිසා එම ප්‍රශ්නය විසඳන්නටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුව තිබේ. ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව ගෙන්වා කරුණු විමසා ඇති ජනාධිපතිවරයා වහාම ජීවන වියදම අඩුකරන්නට කටයුතු කරන ලෙස උපදෙස්‌දී තිබේ.

 මේ අතර පාතාලයට සම්බන්ධ බවට හෙළිවුණු එජාප පළාත් සභා මන්ත්‍රීවරයට එරෙහිව විනය පියවර ගන්නට එජාප නායකත්වය තීරණය කර තිබේ. මෙය ඉතාම හොඳ ප්‍රවණතාවයකි. මේ ආකාරයටම මහා සංඝරත්නයට හා අධිකරණයට අපහාස කළ එජාප ප්‍රබලයන්ට එරෙහිව විනය පියවර ගැනීමට එම පක්‌ෂය කටයුතු කළ යුතුය. 

 දේශීය නිෂ්පාදකයන් හා ව්‍යාපාරිකයන් රැක ගන්නට ආණ්‌ඩුව වහාම යම් යම් තීරණ ගත යුතුව තිබේ. විවිධ බදු සහන යටතේ මෙරටට එන විදේශීය ව්‍යාපාරිකයන් විසින් මෙරට වෙළෙඳපොළ ආක්‍රමණය කිරීම වැළක්‌වීමට ආණ්‌ඩුව වහාම පියවර ගත යුතුව තිබේ. අපේ රටේ දේශීය ව්‍යාපාරිකයෝ ශ්‍රී ලාංකිකයන් දහස්‌ ගණනකට රැකියා ලබාදී තිබේ. යම්ලෙසකින් මේ ව්‍යාපාර කඩා වැටුණහොත් මේ පිරිස්‌වලට රැකියා අහිමි වේ. එම නිසා කිසියම් හෝ වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගන්නට පෙර මෙරට ව්‍යාපාර ගැන රජය සිතා බැලිය යුතුය.

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩල විවාදය සඳුදා සිට

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩල විවාදය සඳුදා සිට
ආන්දෝලනයට තුඩු දී තිබෙන ‘ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු වාර්තාව‘ පිළිබඳ ‘ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩල විවාදය‘ ඔක්තෝබර් 30 වන සඳුදායින් ඇරඹෙන අතර, ඔක්.30 – 31 සහ නොවැ
ම්බර් 01 වැනිදා යන තෙදින ම එම විවාදය පැවැත්වෙනු ඇත.
2016 අප්‍රේල් 5 වැනිදායින් ආරම්භ වූ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් ම සමන්විත වන, ‘ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලය‘ මීට පෙර 5 වතාවක් රැස් වී තිබෙන අතර, එම සෑම රැස්වීමක් ම, අනු කමිටු පත්කර ගැනීම, යෝජනා ලබාගැනීම, මෙහෙයුම් කමිටුව පත්කර ගැනීම, වැනි තාක්ෂණික කටයුතු පමණකට සීමා වී තිබිණ. ඒ අනුව, සඳුදායින් (ඔක්.30) ඇරඹෙන්නේ, එම මණ්ඩලය ‘විවාදය‘ පිණිස රැස්වන ප්‍ර‍ථම සැසිය යි.
ඒ අනුව විවාද දින 3 තුළ, ඉකුත් සැප්තැම්බර් 21 වැනිදා, ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු ප්‍ර‍ධානී, අග්‍ර‍මාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ විසින්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලදුව, දැනටමත් මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන, ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුවේ වාර්තාව, පුළුල් ලෙස සාකච්ඡාවට ගැනෙනු ඇත.
එමෙන් ම ‘සුවිශේෂී හේතුවක් මත දීර්ඝ නොවන්නේ නම්‘ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කාර්යයට අදාළ ‘ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ කාර්යයභාරය‘ නොවැම්බර් 1 වැනිදායින් අවසන් වන අතර, විවාදයේ දී මතු කෙරෙන කරුණු ද අදාළ කරගෙන, අවසන් ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේ කාර්යය ‘මෙහෙයුම් කමිටුවට‘ ම පැවරෙනු ඇත.
ඒ අනුව, නැවත වතාවක්, සංශෝධන වලට ද විවෘතව, මෙහෙයුම් කමිටුව විසින් අවසන් ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේ කාර්යය අරඹනු ඇති අතර, අවසන් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට යොමු කිරීමේන් පසුව, ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ‘2/3 න් සම්මත කිරීම ද ඇතුළත් පාර්ලිමේන්තු අදියර‘ ඇරඹෙනු ඇත.
‘ජනමත විචාරණය‘ මේ සියලු අදියර අවසානයේ, ව්‍යවස්ථා ක්‍රියාවලියේ ‘තීරණාත්මක අවසානය‘ සනිටුහන් කරනු ඇත.

2018 අයවැයට පාරකියන 2017 කඩවුණු පොරොන්දු

2017 වසර අවසන් වීමටද ආසන්නය. නමුත් යහපාලන රජය තම 2017 අයවැය පොරොන්දු වලින් අතිශය බහුතරයක් ඉටුකරනොමති බව ඔබ දන්නවාද ?.

පෞද්ගලික සමීක්ෂණ ආයතනයක් වන Verité Research ආයතනය පවසන්නේ ප්‍රධාන අයවැය යෝජනා වලින් 51% ප්‍රමාණයක ප්‍රගතිය ගැන කිසිදු තොරතුරක් නොමැති බවයි. එමෙන්ම තොරතුරු සපයා ගත හැකි රු. බි. 1 ට වඩා වටිනා අයවැය යෝජනා 37 ක් (සම්පුර්ණ වටිනා කම රු. බි. 117 ) කින් 14% ක් සම්පුර්ණයෙන්ම ඉටුකර නැත . 32% ප්‍රමාණයක් ඒවායේ ඉලක්කගත රාමුවට වඩා ඉතා පසුපසින් ඇති බවත් සැබෑ ලෙසම ක්‍රියාත්මක වන්නේ 3% බවත් සොයාගෙන ඇත. 

Verité සමික්ෂනය ට අනුව ග්‍රාමීය ප්‍රදේශ තුළ මාර්ග වැඩිදියුණු කිරීම (රාජපක්ෂ සමයේ පටන් ගත ව්‍යාපෘතියකි -සංස්කාරක ) සඳහා පළාත්සභා අමාත්යංශය මගින් කරන රු. බි. 4500 ක ව්‍යාපෘතිය පමණක් ප්‍රධාන අයවැය යෝජනා වලින් ක්‍රියාත්මක මට්ටමේ පවතී . 

2017 අයවැය යෝජනා වලින් රජයේ සියලුම ව්‍යාපෘති වල කොන්තරාත්තු ආදී තොරතුරු අදාළ අමාත්‍යංශ වල වෙබ් අඩවි හරහා දැනුවත් කරන බව පොරොන්දු වී ඇතත් අදාළ වෙබ් අඩවි වල අවම තොරතුරු ප්‍රමාණයක් පමණක් ඇති බව Verité ආයතනය පවසයි. 
          " තොරතුරු ලබා ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතන වල නියෝජිතයින් සම්බන්ධ කර ගැනීමට අපහසු  නිසා අප විසින් තොරතුරු දැනගැනීමේ පනත් යටතේ තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කළා " Verité Research ආයතනයේ සහය විශ්ලේශිකා නිලංගිකා ප්‍රනාන්දු සඳහන් කලාය.

නමුත් ඔවුන් විසින් යොමු කල ඉල්ලුම්පත් 54න් 15ක් පමණක් නියමිත කාලය තුළ ප්‍රතිචාර දැක්වූ අතර 16ක් අභියාචනා කිරීමෙන් පසු ප්‍රතිචාර දක්වා තිබුණි. නමුත් ඉතිරිවා කිසිම ප්‍රතිචාරයක් දක්වා නැති බව Verité Research ආයතනය පවසයි. 

කෙසේ වුවත් ICTA ආයතනය පර්යේෂණ කණ්ඩායම සමග උරෙනුර ගැටී වැඩ කරමින් අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට වෙහෙසුණු බව ප්‍රනාන්දු මහත්මිය පැවසිය. 
නමුත් පසුගිය අයවැයෙන් ආර්ථිකය ඩිජිටල් කරණය සඳහා රු. බි. 15 ක් වෙන් කර තිබුණු අතර එම මුදල් අපතේ ගොස් ඇති බව පැහැදිලි වන බව ඇය පැවසිය.

කෙසේ නමුත් ධීවර කටවුතු අමාත්යංශය , තම ක්‍රියාකාරී සැලැස්ම සහ ප්‍රගති වාර්තාව සිය වෙබ් අඩවියේ ස්වේච්චාවෙන්ම දක්වා ඇති බවත් 

කෘෂිකර්ම අමාත්‍යාශය මේ වන තෙක් තොරතුරු දැනගැනීමේ පණත යටතේ කල කිසිම ඉල්ලීමකට හෝ ප්‍රතිචාර දක්වා නැතිබවත් Verité Research ආයතනය පැවසිය .
කඩවුණු ඉටුවුණු 2017 අයවැය පොරොන්දු පිලිබඳ සම්පිර්ණ විශ්ලේෂණක්
 2017 බොරු පොරොන්දු  ලින්ක් එකෙන් ලබා ගන්න 

Thursday, October 26, 2017

ආණ්ඩුවට ගෙදර ගියොත් අඹු නසී මඟ සිටියොත් තෝ නසී

ආණ්ඩුවට ගෙදර ගියොත් අඹු නසී මඟ සිටියොත් තෝ නසී
නව ව්‍යවස්ථාවක් ගෙන එන්නට ජනතාව ආණ්ඩුවට බලය දී ඇතැයි අගමැතිවරයා නිතරම ප්‍රකාශ කරයි. මෙම බලය ආණ්ඩුවට ලැබුණු ආකාරය අපට වටහා ගත නොහැකියි. ඒ වත්මන් හවුල් ආණ්ඩුව කරගෙන යන්නේ වෙන වෙනම මැතිවරණ ප්‍රකාශන දෙකක් ඉදිරිපත් කළ කණ්ඩායම් දෙකක් විසින් නිසාය. අගමැතිවරයා කතා කරන්නේ මින් කාට ජනතාව දුන් බලයක් ගැනද. මීට අමතරව වත්මන් ජනාධිපතිවරයාද ආණ්ඩුවේ ප්‍රධාන පංගුකාරයෙකි. ඔහුටද නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනතා බලයක් අප දන්නා තරමට නම් නැත. 

ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද 'මෛත්‍රි පාලනයක් ස්ථාවර රටක්' නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නව ව්‍යවස්ථාවක් ගැන සඳහනක් නොතිබිණි. එහි 13 වැනි පිටුවේ සිට 16 වැනි පිටුව දක්වා වූ අදාළ කොටසේ සඳහන් කොට තිබුණේ වත්මන් ව්‍යවස්ථාවට හඳුන්වාදීමට බලාපොරොත්තු වන යම් යම් සංශෝධන ගැන පමණි. යෝජිත සංශෝධන ගෙන ඒමේදී වත්මන් ව්‍යවස්ථාවේ ජනමත විචාරණයක් පමණක් වෙනස් කළ හැකි වගන්තිවලට අත නොතබන බවද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 14 වැනි පිටුවේ ඉතා පැහැදිලිව සඳහන් කොට තිබිණි. එසේ නම් වර්තමාන ජනාධිපතිවරයාගේ කාලය තුළ ජනමත විචාරණයකට අනිවාර්යයෙන්ම යන්නට සිදුවන ලෙස නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්නට ආණ්ඩුව උත්සාහ කළහොත් එය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තමන්ට ඡන්දය දුන් ජනතාවට වූ මූලික පොරොන්දුවක් කඩ කිරීමක් වනු ඇත.
දැන් අපි 2015 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රකාශන දෙස හැරී බලමු. අද ආණ්ඩුව තුළ සිටින ඒකාබද්ධ විපක්ෂයට එක්වී නැති, ආණ්ඩුවේ තනතුරු දරන මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යැයි හැඳින්විය හැකි කණ්ඩායම 2015 අගෝස්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම් නායකත්වය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ අයයි. ඔවුන් එදා ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනය 'අනාගතයට සහතිකයක්' නම් විය. එම මැතිවරණ ප්‍රකාශනයේ කිසිම තැනක නව ව්‍යවස්ථාවක් ගැන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සඳහන් නොවේ. එහි සඳහන් වී තිබුණේ විවිධ දේශපාලන ප්‍රතිසංස්කරණ හා යම් යම් ක්‍ෂේත්‍රවල ඇති ගැටලු විසඳීමට හඳුන්වාදිය යුතු නව අණපනත්වල අවශ්‍යතාවන් ගැන පමණි.
මේ හැරුණු විට ආණ්ඩුව තුළ සිටිනා අනෙකුත් ප්‍රබලතම කණ්ඩායම වන්නේ අගමැතිවරයා නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණයි. ඔවුන් විසින් අලියා ලකුණ යටතේ හඳුන්වා දෙන ලද 'මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය' නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු අංක 12 සිට 14 දක්වා වූ කොටසේ නම් නව ව්‍යවස්ථාවක් ගැන සඳහන් වේ. ඒ අනුව අද රට පාලනය සඳහා විවෘතව ඉදිරිපත් වී සිටින කණ්ඩායම් අතරින් (එසේ කීවේ ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ සන්ධානය වක්‍රාකාරව ආණ්ඩුව රැක ගැනීමට පෙනී සිටින කණ්ඩායම් ලෙස පෙනී යන බැවිනි) නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට බලය ඉල්ලා තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණ පමණි.එහෙත් ජනතාව එක්සත් ජාතික පෙරමුණේ මේ ඉල්ලීමට කන් නොදුන්හ. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ ලබාගත්තේ ප්‍රකාශිත ඡන්දවලින් 45.66% හා පාර්ලිමේන්තු ආසන 106ක් පමණි. තනිව ආණ්ඩුවක් පිහිටුවන්නට නම් 225කින් සමන්විත පාර්ලිමේන්තුව තුළ ආසන 113 අවම වශයෙන් දිනා ගත යුතු නමුත් එක්සත් ජාතික පෙරමුණ එසේ කිරීමට අපොහොසත් විය.

මේ අනුව නව ව්‍යවස්ථාවකට රටේ ජනතාවගෙන් හරි අඩකවත් අනුමැතියක් ලැබී නැත.
මෙවැනි තත්ත්වයක් යටතේ රටේ ජනතාව නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට ආණ්ඩුවට බලය දී ඇතැයි අගමැතිවරයා පුන පුනා පැවැසීම පැහැදිලිවම මහ ජනතාව නොමඟ හැරීමකි.
අද ආණ්ඩුව හඳුන්වාදීමට බලාපොරොත්තු වන නව ව්‍යවස්ථාවට රට පුරා විශාල විරෝධයක් ගොඩනැඟෙමින් පවතී. මහා සංඝයා වහන්සේ විසින් ඍජුවම නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
නව ව්‍යවස්ථාවේ අනතුර මීට වසරකට පෙර රටට මුලින්ම ප්‍රකාශ කළ අය අතර කතෝලික සභාවේ අගරදගුරුතුමා සිටින නිසා කතෝලික පූජ්‍ය පක්ෂයද යෝජිත නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරනු නිසැකය. දැනට කරළියට පැමිණ ඇති කරුණු අනුව නව ව්‍යවස්ථාව මඟින් මූලිකවම ඉටුවන්නේ දෙමළ ඩයස්පෝරාවේ අරමුණු නිසා මුස්ලිම් ප්‍රජාවටද මේ කියනා නව ව්‍යවස්ථාවේ විශේෂ ආකර්ෂණයක් ඇතැයි සිතීමට අපහසුය.
ඒ කෙසේ වෙතත් ආණ්ඩුව මේ කිසිදු විරෝධතාවක් නොසලකා තම අරමුණ ඉටු කර ගැනීමට තරයේ අධිෂ්ඨාන කරගෙන ඇති බව ආණ්ඩුවේ හා ආණ්ඩුවේ අනියම් පාර්ශ්වකරුවන් ලෙස සැලකිය හැකි දෙමළ සන්ධානයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ හැසිරීමෙන් පෙනේ. 'තවමත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරවත් නැතැ'යි අගමැතිවරයා හා ජනාධිපතිවරයා ජනතාවට විහිළු සපයද්දී ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා තමන් නව ව්‍යවස්ථාවට සහාය දෙන බව ප්‍රසිද්ධියේ කීවේ ඒ නිසාය.
එක පැත්තකින් ආණ්ඩුවට යම් යම් විරෝධතා දක්වන ගමන් දෙමළ සන්ධානයේ ප්‍රබලයෙක් ආණ්ඩුවේ මතය වෙනුවෙන් ශේ්‍රෂ්ඨාධිකරණයේ පෙනී සිටිමින් හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් ආණ්ඩුව මෑතදී සම්මත කරගත් පළාත් සභා පනත් සංශෝධන කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පුරවැසියකු ලෙස ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට විරෝධය දක්වන්නේත් ඒ නිසාය. මෙය හොඳින් විමසා බලන්නකුට ආණ්ඩුව දිගින් දිගටම ඡන්ද කල් දැමීමේ ප්‍රතිපත්තිය දෙමළ සන්ධානයේද අරමුණ හා සැසඳෙන බව පෙනී යයි.
ආණ්ඩුව මෙන්ම දෙමළ සන්ධානයටද අවශ්‍ය නව ව්‍යවස්ථාව හඳුන්වා දී එය පාර්ලිමේන්තුවේ 2/3 කින් සම්මත කොට ජනමත විචාරණයකට යන තුරු වෙනත් ඡන්ද නොපවත්වා කල්මැරීමය. යම් කිසි විදියකින් වෙනත් ඡන්දයක් පවත්වා ප්‍රතිඵලය ආණ්ඩුවට අහිතකර වූවොත් නව ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුව තුළ 2/3 ලබාගැනීමට අවශ්‍ය කරන මෛත්‍රි පිලේ සමහර අපේක්ෂිත ඡන්දවලට බලපෑමක් විය හැකිය. ඒ නැව ගිලෙන බව දැනගත් විට මීයෝ පැන දුවන නිසාය. බෙදුම්වාදීන්ට අවශ්‍ය ව්‍යවස්ථාව කෙසේ හෝ පාර්ලිමේන්තුව තුළ 2/3කින් සම්මත කරවාගෙන ජනමත විචාරණයක් කැඳවාගන්නට පමණි.
එම ජනමත විචාරණයේ සමස්ත ප්‍රතිඵලය කුමක් වුවත් දෙමළ සන්ධානය හා ඔවුන් පිටුපස සිටින බලවේගවලට ප්‍රශ්නයක් නැත. ඔවුනට අවශ්‍ය උතුරු, නැඟෙනහිර බහුතර ජන මතය බෙදුම්වාදී ව්‍යවස්ථාවට පක්ෂ බව ලෝකයට පෙන්වන්නට පමණි. මන්ද නව ව්‍යවස්ථාව ඔවුන් යන්නට බලාපොරොත්තු වන ගමනේ අවසානය නොවේ. එය ආරම්භය පමණි. ඔවුන්ට අවශ්‍ය වන්නේ උතුරු, නැඟෙනහිර දෙමළ ජනතාව සිතන පතන ආකාරය දකුණේ සිංහල බහුතරයට වඩා වෙනස් බව ලෝකයට පෙන්වා පසුකාලීනව ඔවුන් විසින් යෝජනා කරන්නට බලාපොරොත්තු වන බෙදා වෙන්කිරීම කල් තියාම සාධාරණීයකරණය කිරීමය.
දැනට සති කිහිපයකට පෙර ස්පාඤ්ඤයේ ප්‍රාන්තයක් වන කැටලෝනියාවට බෙදී වෙන්වීමේ අයිතිය ඉල්ලා ප්‍රාන්ත රජය විසින් ස්පාඤ්ඤ රජයේ විරෝධය නොතකා බලහත්කාරයෙන් පැවැත්වූ ජනමත විචාරණය මේ තත්ත්වය වටහා ගැනීමට හොඳම උදාහරණයකි. කැටලෝනියාවේ අතිබහුතරයක් වන 92%ක් වෙන්වීමට කැමැත්ත පළකොට ඡන්දය භාවිත කළහ.
ස්පාඤ්ඤ රජය ජනමත විචාරණය නීති විරෝධී බව ප්‍රකාශ කොට කැටලෝනියාව කැඩී වෙන්වීම වළක්වන්නට මොන තරම් උත්සාහ කළත් මේ වනවිට කැටලෝනියානු ප්‍රාන්ත වැසියන් තමුන්ට වෙන්වීමට අවශ්‍ය බවට ලෝකයට පැහැදිලි පණිවුඩයක් දී හමාරය. අද ස්පාඤ්ඤයේ ජනතාව වීදි බැස විශාල කලබලකාරී තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී. අවසාන ප්‍රතිඵලය කුමක් වුවත් එය ස්පාඤ්ඤයට සුබවාදී නොවන බව නිසැකය.
නව ව්‍යවස්ථාවකට මේ තරම් ජනතා විරෝධයක් රට පුරා ගොඩනැඟෙද්දී ආණ්ඩුව දැඩි ස්ථාවරයක සිටිමින් තම අරමුණ කෙසේ හෝ ඉටුකරගන්නට උත්සාහ කරන්නේ මන්ද කියා ජනතාව බුද්ධිමත්ව සිතා බැලිය යුතුය. පසුගිය වසර 2කුත් මාස 10ක කාලය තුළ රජය ක්‍රියා කළ ආකාරය දෙස බලනවිට පැහැදිලිවම පෙනෙන කරුණක් නම් හැකිතාක් කල් බලයේ සිටීම හැරුණු විට රට වෙනුවෙන් වෙනත් කිසිදු දීර්ඝ කාලීන සැලැස්මක් වත්මන් පාලකයන්ට නොමැති බවය.
එසේ නම් මෙතරම් කැපවීමකින් නව ව්‍යවස්ථාවක් ගෙන එන්නට ඔවුන් ක්‍රියාකරන්නේ ඉහත කී අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඉන් උපකාරයක් ලැබේය යන බලාපොරොත්තුවෙන් බව වටහා ගන්නට විශාල බුද්ධියක් අවශ්‍ය නැත. දැන් අපිට විසිරී ඇති පුරුක් එකිනෙකට
ගළපා දම්වැල සාදා ගත හැකිය.
මා ඉහත කී ආකාරයට දෙමළ සන්ධානයට හා දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය ජනමත විචාරණයකට යෑම පමණි. එහි සමස්ත ප්‍රතිඵලයෙන් කවුරු දින්නත් ඔවුන්ට කම් නැත. නව ව්‍යවස්ථාව ජනමත විචාරණයෙන් අනුමත වුවහොත් ඔවුන්ගේ ගමන් ඉක්මන් වේ. පැරදුණත් තම ජනතාව බහුතරයක් ඉන්නා උතුරු, නැඟෙනහිරින් අති බහුතරයක් ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය දුන්නොත් ඔවුන් එකට සිතන ජාතියක් බවත් සිංහලයන් සිතන ආකාරය එයට හාත්පසින්ම වෙනස් බවත් ලෝකයට පෙන්වා මතු දිනක හෝ වෙන් වී යෑම සාධාරණීයකරණය කරන්නට ඔවුන්ට අවස්ථාව ලැබේ.
ඒ නිසා බෙදුම්වාදය පරාජය කිරීමට බලාපොරොත්තු වන ජනතාව හා දේශපාලනඥයන් අවධානය යොමු කළ යුත්තේ වත්මන් පාර්ලිමේන්තුවටය. නව ව්‍යවස්ථාවට සහාය දක්වන සෑම මන්ත්‍රිවරයකුම දේශද්‍රෝහියකු ලෙස ජනතාව දකින බව ඔවුන් එකිනෙකාට ඒත්තු ගැන්විය යුතුය. නව ව්‍යවස්ථාවට පක්ෂව පාර්ලිමේන්තුව තුළ ඡන්දය ලබා ගැනීමට විශාල වශයෙන් මුදල් විසිවනු ඇත. ඒ මුදල් පරදා මහජන බලය නැඟී සිටීම අත්‍යවශ්‍ය වේ. කෙසේ හෝ ආණ්ඩුවට 2/3 අහිමි කිරීමට තව අවශ්‍ය මන්ත්‍රිවරු කිහිපදෙනකු ජාතිය වෙනුවෙන් ස්වාධීන තීරණයක් ගැනීම පමණි.
ආණ්ඩුව අද මුහුණ පා සිටින්නේ ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී වැනි උභතෝකෝටික ගැටලුවකටය. ඔවුන්ට තෝරා ගන්නට සිදු වී ඇත්තේ මහජනතාව හෝ තම අදිසි මිතුරන්ය. මෙම ලිපිය කියවන යම් දේශපාලන අවබෝධයක් ඇති අය දැනටමත් වටහාගෙන ඇති පරිදි 2015 බල පෙරළිය පිටුපස දෙමළ ඩයස්පෝරාව හා විදේශ බලවේග කිහිපයක් විශාල කාර්ය භාරයක් ඉටු කළහ. වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ඔවුන් විසින් කළ උදවුවලට වන්දි ගෙවිය යුත්තේ මූලිකවම නව ව්‍යවස්ථාව හරහාය.
වසර 30ක් තිස්සේ යුද්ධ කොට ප්‍රභාකරන්ට ඉටුකර ගත නොහැකි වූ දෙය නව ව්‍යවස්ථාවක් හරහා ඉතා පහසුවෙන් ඉටුකරවා දීමට නියමිතය. වත්මන් ආණ්ඩුව සම අනුග්‍රාහකත්වය දක්වා ඇති ජිනීවා යෝජනා මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා විසින් විටින් විට කරනු ලබන ප්‍රකාශන හරහා මේ යටි අරමුණ හොඳින් වටහා ගත හැකිය. පොරොන්දු ඉටු නොකළහොත් ලබන වාරයේ සහාය නොලැබේ. ජනතාව අතර ශීඝ්‍රයෙන් අප්‍රසාදයට ලක්වෙමින් පවතින වත්මන් ආණ්ඩුවේ නායකයන්ට තම බලගතු මිතුරන්ද අමනාප වීම දරා ගත නොහැකිය. හොඳින් හෝ නරකින් නව ව්‍යවස්ථාව ගෙන ආ යුත්තේ ඒ නිසාය.