Saturday, November 4, 2017

රටම බියර් පුරයක්‌ ජාතිය මත් කරන්න සියල්ල සූදානම්

ad300
Advertisement

හැංගි හොරා වෙස්‌ බැඳි බියර් සමාගම්, එළිපිට නටන 2018 අය වැය


2015 ජනවාරි 08 සිදුවූ ආණ්‌ඩු පෙරළිය සමග රටේ බොහෝ දේ වෙනස්‌වූ ආකාරය අප මේ වන විට හොඳින්ම අත්විඳිමින් සිටී. එසේ කලින් කලට විවිධ හේතු මත ආණ්‌ඩු වෙනස්‌ වුවද වෙනස්‌ නොවන බියර් කර්මාන්තයේ න්‍යාය පත්‍රයෙන් බිඳක්‌ හෙළිකිරීමට කාලය එළඹ ඇති බව කිව යුතුය. එහිදී කුමන පාලනයක්‌ පැවතියත් මද්‍යසාර කර්මාන්තයේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනීසිටින කිසියම් හෝ පිරිසක්‌ පවත්වාගෙන යැමටද මෙම කර්මාන්තය අමතක නොකරයි. 
Image result for beer


 වර්තමානය වන විට, එනම් 2018 අයවැය අභිමුව සිටියදී මද්‍යසාර සම්බන්ධයෙන් පවතින නීති රෙගුලාසි වෙනස්‌වීම් පිළිබඳව නොයෙක්‌ ආකාරයේ කතා අහන්නට ලැබේ. මේ සියලු කරුණු කාරණාහි පසුබිම රටට අනාවරණය කිරීම සිදුවිය යුතු බව අපගේ විශ්වාසයයි. වසරක කාලයක පටන් බියර් කර්මාන්තය මාධ්‍ය හරහා නොයෙක්‌ ආකාරයේ ප්‍රචාරයන් ගෙනයමින් සිය කර්මාන්තය ඇදවැටෙමින් ඇති බව ප්‍රකාශ කරයි. ඔවුන් රටේ මද්‍යසාර භාවිත කරන මිනිසුන් පිළිබඳ අනුපමය දයාවකින් ප්‍රකාශ කර සිටින්නේ, සැර මත්පැන් භාවිතය අවම කිරීම උදෙසා බියර් සඳහා පනවා ඇති නීති රීති වෙනස්‌ කළ යුතු බවයි.

 එහිදී බියර් මත පනවා ඇති බදු ප්‍රමාණ අධික බැවින් මිලදී ගැනීමේ හැකියාවද අඩුවී ඇති නිසා මේවා ඉවත්කර හෝ අඩුකොට, බලපත්‍ර සීමා ලිහිල් කොට බියර් කර්මාන්තයට පහසුකම් සැපයිය යුතු බව Rජුව හා වක්‍රව කරුණු ඉදිරිපත් කිරීම් මගින් සිදු වේ. මේ අනුවම යන බියර් කර්මාන්තයට හිතැති හෝ නොදැනුවත්කම නිසා එම කර්මාන්තයට සහයෝගය පළවන ආකාරයේ ප්‍රකාශ දේශපාලනඥයන් විසින් ප්‍රකාශ කරන ආකාරය අපගේ නිරීක්‌ෂණයට භාජන විය.

 මෙම තත්ත්වය මෑතක සිට සිදුවන්නක්‌ නොව ඉතිහාසය පුරා සිදුවූ ක්‍රියාදාමයකි. පත්වන කිසිදු රජයකට ඇම දැමීමට මෙම සමාගම් පසුබට නොවන බව හොඳින්ම සනාථ වන සිද්ධීන් දාමයක්‌ මෙහිදී ඔබ වෙත අවබෝධ කරදීමට අපේක්‌ෂා කරමු. නව ආණ්‌ඩුව පත්වී වසරකින් පමණ එනම් 2016 පෙබරවාරි මස අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අපේ රටේ මද්‍යසාර ප්‍රතිපත්තිය කෙබඳු එකක්‌ විය යුතුද යන්න පිළිබඳ කතිකාවතක්‌ සඳහා අදාළ ක්‌ෂේත්‍රයේ පිරිසට ආරාධනා කරනු ලබයි. ඒ සාකච්ඡාවන් රාජ්‍ය ව්‍යqහය ලෙස දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා වන වෛද්‍ය පාලිත අබේකෝන්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියෝජිතයන්, මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්‌ථානය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බොහෝ ආයතන සහභාගිත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සලස්‌වා තිබිණි. 

 මෙම වැඩසටහනේ මූලික ඉදිරිපත් කිරීම මගින්ම එම සහභාගිකයන්ට එම හමුවේ කූට උපාය පැහැදිළි විය. එනම් එහිදී රටේ මද්‍යසාර ප්‍රතිපත්තිය සකස්‌ විය යුතු ආකාරය පිළිබඳ ඉදිරිපත් කිරීම සිදුකරන ලද්දේ ලයන් බියර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන සුරේෂ් ෂා විසිනි. ඔහුට අමතරව ආසියා පැසිෆික්‌ බියර් සමාගමේ නියෝජිතයන්ද එයට අදහස්‌ දැක්‌වීම සිදුකරන ලදී. බියර් සමාගමේ කූට උත්සාහය පිළිබඳව මනා අවබෝධයක්‌ සහිත පිරිසක්‌ එදින විද්වත් සභාව නියෝජනය කළ බැවින් ඔවුන්ගෙන් බොහෝ ප්‍රශ්න හා අදහස්‌ ඉදිරිපත්විණි. 

 බියර් කර්මාන්තය විසින් යෝජනා කරන නිර්දේශයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මද්‍යසාර පාලන නිර්දේශයන්ට හාත්පසින් වෙනස්‌ ඒවා වීම පුදුමයක්‌ නොවේ. මන්ද බියර් සමාගම රටක මද්‍යසාර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම හාස්‍යයට කාරණයක්‌ බැවිනි. මෙහිදී ඔවුන්ගේ මූලික උත්සාහය වූයේ මද්‍යසාර සමාගම් විසින් සකස්‌කර තිබූ බදු ප්‍රතිපත්තියට පැමිණ සිටින පිරිසේ එකඟතාව ලබාගැනීමයි.

 මෙම හමුව සංවිධානය කළ අග්‍රාමාත්‍ය කාර්යාලය 2006 අංක 27 දරන මද්‍යසාර හා දුම්කොළ පාලන ජාතික අධිකාරි පනත එවකට බලාත්මකව තිබූ බව හා 2015 දී පාර්ලිමේන්තුව විසින් මද්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්‌ද සම්මත කර තිබූ බව නොදැන සිටියා යන්න අදටත් ගැටලුවකි. එසේ නැතහොත් දැන දැනම නොදන්නවා සේ හැසිරීමෙන් බියර් කර්මාන්තයට අවශ්‍ය දේ කර දුන්නා විය යුතුය. 

beer1එදින හමුවෙන් පසු තවත් සාකච්ඡා පැවති අතර ඒවායින්ද බියර් කර්මාන්තයට අවශ්‍ය කාරණය ඉටුකර ගැනීමට නොහැකි වන බව ඔවුන් තේරුම් ගත්තා විය යුතුය. ඒ අනුව මාධ්‍ය යොදාගනිමින් නොයෙක්‌ සාවද්‍ය දත්ත හා තොරතුරු සමාජගත කිරීමට බියර් සමාගම හා ඊට හිතවත් පාර්ශ්වයන් කටයුතු කරන ලදී. ඒ කාලයේ දී ස්‌වභාවධර්මයේ ශාපයට ගොදුරු වූ ලයන් බියර් සමාගම ගං වතුර තත්ත්වයට නතුවිය. එම ශාපය ආශිර්වාදයක්‌ බවට පත්කර ගත් ඔවුන් බියර් ආනයනය කිරීම සඳහා එවකට මුදල් අමාත්‍යවරයා වන රවි කරුණානායක මහතාගෙන් රු. කෝටි 600 ක පමණ ආනයන බදු සහනයකට හිමිකම් කියනු ලැබීය. නමුත් ගංවතුර නිසා හානියට පත් වූ අන් කිසිදු කර්මාන්තයකට එවැනි සහනයක්‌ නොලැබුණි. 

 2017 වසරේ අයවැය ඉදිරිපත්වීම සමග බියර් සමාගමේ අවශ්‍යතාවය හොඳින්ම පැහැදිළි විය. එය ඉදිරිපත් කරමින් එම මුදල් අමාත්‍යවරයාම විධිධ බියර් සඳහා බදු ප්‍රමාණ අඩුකළ යුතු බව යෝජනා කරන ලදී. එහෙත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් එම අවස්‌ථාවද බියර් සමාගමට ගිලිහී යන ලදී.

 මෑත කාලයේ නව මුදල් අමාත්‍යවරයකු පත්වීමත් සමග නැවතත් බියර් හා වයින් භාවිතය වැඩිකිරීමට කටයුතු කළ යුතු බව ප්‍රකාශ වූ අතර මුදල් අමාත්‍යවරයා රටේ ජනමාධ්‍ය අමාත්‍යවාරයාද වන බැවින් ඔහුගේ මෙම ප්‍රකාශයන්ට අත්තටු ලබාදීමට මාධ්‍ය කටයුතු කරන ලදී. එම ක්‍රියාවලියෙන් ඔක්‌සිජන් ලැබූ බියර් සමාගම් ඔවුන් වෙනුවෙන් නන් අයුරින් පෙනී සිටින දේශපාලකයන් පිළිබඳව තිරය පිටුපස සිට ආඩම්බර වන්නට ඇත. 

 පැවති සෑම අණ්‌ඩුවකම මද්‍යසාර භාවිතයන් සාධනීය ලෙස අවම කිරීම උදෙසා සිදු කිරීමට ගත් උත්සාහයන් හමස්‌ පෙට්‌ටියට ගියේය. පසුගිය රජය සමයේ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතට එක්‌විය යුතු සංශෝධන යෝජනා වී තිබුණත් එවකට කැබිනට්‌ මණ්‌ඩලයේ සිටි ප්‍රබලම අමාත්‍යවරයා විසින් සංචාරක කර්මාන්තය පළිහක්‌ ලෙස ඉදිරිපත් කරමින් එම සංශෝධන ප්‍රමාද කිරීමේ කොන්ත්‍රාත්තුව ඉටුකරන ලදී. සංචාරක පදනම මත පනතට සංශෝධන එක්‌ නොවූවත් එම සංචාරක කර්මාන්තය නිසාම බියර් බලපත්‍ර නිකුත්වීම ලිහිල් වන බවක්‌ නම් වර්තමානය වන විට පෙනෙන්නට තිබේ.

 එනම් සංචාරක අවශ්‍යතා වෙනුවෙන් පවතින හෝටල් හා ලැගුම්හල් සඳහා බලපත්‍රයක්‌ නොමැතිව බියර් විකිණීමේ හැකියාව ලබාදීමට අවශ්‍ය වටපිටාව මේ වනවිට සැකසෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් සැලවේ. තවද දැනට පවතින බියර් සඳහා වන බදු අඩු කිරීමේ උත්සාහයක්‌ද පවතින බව පැවසේ. මේ කාරණා දෙක සිදුවුවහොත් රටේ මද්‍යසාර භාවිතයට කුමක්‌වනු ඇතිදැයි සිතාගත හැකිය. රටේ සුරාබදු ආදායම සීඝ්‍ර ලෙස පහළ දමාගන්නා අතරම රටේ දැවැන්ත ආර්ථික, සෞඛ්‍ය පිරිහීමක්‌ වෙනුවෙන් ආණ්‌ඩුව විසින්ම සකස්‌ කරන පසුබිමක්‌ ලෙස මෙය හඳුන්වාදිය හැකිය. 

 බියර් සමාගම හා එයට හිතවත් දුෂ්ඨ බලවේගයන් මේ අභියෝග කර ඇත්තේ අපේ සිංහල, දමිළ හා මුස්‌ලිම් යන සියලු ජනවර්ගයන්ගේ සංස්‌කෘතික වටිනාකම්වලට බව ඔබට පැහැදිළි වනු ඇත. වර්තමානය වන විටත් රටේ බහුතර පිරිසක්‌ එනම් වයස 15 ට වැඩි සමස්‌ත ජනගහනයෙන් 80% ට වැඩි පිරිසක්‌ කිසිදු ආකාරයක මද්‍යසාර භාවිතයක්‌ සිදු නොකරන වටපිටාවක බියර් සම්බන්ධයෙන් ගැනීමට නියමිත ඉහත සඳහන් තීරණ මගින් එම පිරිසේ ස්‌ථාවරය සෙලවීම බියර් සමාගමේ අරමුණයි.

 වෙළෙඳපොළ බියර් මිල අඩු කිරීම හා සෑම තැනකින්ම පහසුවෙන් ලබාගත හැකි පරිදි සුලබතාවය වැඩිකිරීම එහි මුල් පියවරයි. කසිප්පු භාවිතය ඉහළ යන බවට බියර් සමාගම් හා ඔවුන්ගේ නියෝජිතයන් බොරු ප්‍රචාර සිදුකළත්, මේ වනවිට රටේ මුළු මද්‍යසාර භාවිතයෙන් නීති විරෝධී මද්‍යසාර භාවිතය 10% ක්‌ හෝ ඊට අඩු බව දත්ත මගින් සනාථ වී තිබේ. එමෙන්ම සංචාරකයන්ට මද්‍යසාර ලබාගැනීම සඳහා රටේ සෑම අස්‌සක මුල්ලකම බියර් විකිණීමට පහසුකම් සැපයිය යුතු නැති බව ඉතාමත් පැහැදිළිය. ඉතා මෑතකදී රජරට විශ්වවිද්‍යාලය විදේශ සංචාරකයන් සමග සිදුකරන ලද සමීක්‌ෂණයකින් තහවුරුවී තිබුණේ විදේශ සංචාරකයන්ගේ පැමිණීමට, අදාළ රටේ මද්‍යසාර සම්බන්ධ නීති කිසිදු බලපෑමක්‌ ඇති නොකරන බවයි. 

 තවද සංචාරක කර්මාන්තයට මුවාවී දේශීය, විදේශීය මේ ඕනෑම අයෙකුට බියර් පෙවීමට අවශ්‍ය වටපිටාව සැකසීම සඳහා අයවැය යෝජනා සකස්‌වී ඇති බව කනින් කොනින් ආරංචි වේ. 2016 වන විටත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබූ ජාතික මද්‍යසාර ප්‍රතිපත්තියට හාත්පසින්ම වෙනස්‌ දෙයක්‌ සිදුවීමට යන බව කිවයුතුය. බියර් සඳහා මෙවැනිම සහනයක්‌ හිමිවූ 1995 වසරේ අයවැයෙන් අනතුරුව ඇති දත්ත නීරීක්‌ෂණය කිරීමෙන් පෙනීයන්නේ එම සහනය ලැබීමෙන් අනතුරුව බියර් හා අනෙක්‌ මද්‍යසාර භාවිතය සීඝ්‍ර ලෙස ඉහළ ගොස්‌ ඇති බවයි.

 බියර් හෝ මද්‍යසාර කර්මාන්තයට හිතැති හෝ ඒ වෙනුවෙන් වැඩකරන මිනිසුන්ගේ උවමනාවට රටට අහිතකර මද්‍යසාර ප්‍රතිපත්ති ඇති කිරීමට තරම් ඉතිහාසයේ සිටි බොහෝ මුදල් අමාත්‍යවරුන් නිර්ලඡ්ජිත විය. එම ඉතිහාසයට තවත් කළු පරිච්ඡේදයක්‌ එක්‌ කිරීමට කටයුතු කරයි ද යන්න සබුද්ධික ජනතාව දෑස්‌ දල්වාගෙන බලා සිටී. පසුගිය අයවැයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නිසා සිදු කරගැනීමට නොහැකි වූ දේ දෙගුණ කොට සිදුකරගැනීම මෙවර උත්සාහයයි. එය වැළැක්‌වීමටද බලය ඇත්තේ ජනාධිපතිවරයාටම පමණි. 

 මේ වන විට උවමනාවටත් වඩා විවිධ කාරණා මගින් රට රත් වී ඇති වේලාවක එය ගිනියම් කරන ආකාරයේ තීරණ ගැනීමෙන් රජය කෙරේ ඇති සියලු විශ්වාසයන් ගිලිහී යන අතරම රජයට එරෙහි බලවේගයන්ට තවත් උත්තේජන ලැබෙනු ඇත. ඒවා සපයන්නේ රජය විසින්ම බැවින් මහජනතාවට සිදුකළ හැකි යමක්‌ ද නොවේ. එහෙත් ගියවර ජනාධිපතිවරණයේ දී මහජනතාව දුම්කොළ සමාගමට එරෙහිව කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයා බවට පත්කළා සේම, බියර් හා මද්‍යසාර සමාගම්වලට පක්‌ෂව කටයුතු කරන කිසියම් හෝ අයෙක්‌, පක්‌ෂයක්‌වේ නම් ඒවා දේශපාලනයේ කුණු කූඩයට යවනු ඇත.

 සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී මෙන්ම ජනාධිපති භූමිකාව තුළද, මද්‍යසාර හා දුම්කොළ අවම කිරීමේ දැඩි ප්‍රතිපත්තියක සිටි ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ මේ අවස්‌ථාවේ කුමන ආකාරයෙන් ප්‍රතිචාර දක්‌වයිද යන්න අප බලාසිටිමු.

 වෛද්‍ය ජයන්ත රාජපක්‌ෂ
Original Post -http://divaina.com/sunday/index.php/visheshanga1/751-2017-11-03-13-45-51
Share This
Previous Post
Next Post

Pellentesque vitae lectus in mauris sollicitudin ornare sit amet eget ligula. Donec pharetra, arcu eu consectetur semper, est nulla sodales risus, vel efficitur orci justo quis tellus. Phasellus sit amet est pharetra

0 comments: