Friday, November 3, 2017

විගණන නිලධාරීන් 50ක් දෙපාර්තමේන්තුව හැරයයි.

ad300
Advertisement

විගණකාධිපති දෙපාර්තමේන්තුවට විශේෂ වරප්‍රසාද ලබා දිය යුතු වුවත් අනෙකුත් රාජ්‍ය දෙපාර්තමේන්තුවලට  ලබාදී ඇති   වරප‍්‍රසාදවත් එම දෙපාර්තමෙන්තුවට ලබාදීමට රජය කටයුතු නොකිරීම සහ ජාතික විගණන පනත් කෙටුම්පත බල රහිත කිරීම මත  2017 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා එම දෙපාර්තමේන්තුවේ විවිධ ශේ‍්‍රණීවලට අයත් දක්ෂ නිලධාරින් පනස් දෙනෙකුට ආසන්න පිරිසක් වෙනත් රාජ්‍ය දෙපාර්තමේන්තුවලට සහ අමාත්‍යංශවලට ස්ථාන මාරැ වීම් ලබාගෙන ගොස් තිබේ.
එම තත්ත්වය යටතේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කටයුතු මන්දගාමීව සිදුවන බවද වාර්තා වේ.
ස්ථාන මාරැවීම් ලබාගෙන ගොස් ඇති විවිධ ශේ‍්‍රණිවලට අයත් එම නිලධාරින් පසුගිය වර්ෂ ගණනාවක්ම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ විවර්ශන කටයුතු සදහා දැඩි කැපවීම් කළ දක්ෂ සහ අවංක නිලධාරින් බවද දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරින් පනහකට ආසන්න පිරිසක් පසුගිය වරකට ආසන්න කාලය තුළ විවිධ හේතූන් මත ස්ථාන මාරුවීම් ලබාගෙන ගොස් ඇති බව ඒ පිළිබද ව කළ විමසීමකදී විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා ප‍්‍රකාශ කළේය.
Share This
Previous Post
Next Post

Pellentesque vitae lectus in mauris sollicitudin ornare sit amet eget ligula. Donec pharetra, arcu eu consectetur semper, est nulla sodales risus, vel efficitur orci justo quis tellus. Phasellus sit amet est pharetra

0 comments: