Saturday, November 4, 2017

විජේවීරගේ මල්ලී හැමන් හිල් කඳවුරේ සිට එවූ ලිපිය

විජේවීරගේ මල්ලී හැමන් හිල් කඳවුරේ සිට එවූ ලිපිය

BUP_DFT_DFT-12-13-10
රෝහණ විජේවීර 1943 උපන් අතර පවුලේ දෙවැන්නාවූ ආනන්ද 1946 ජනවාරි 7 වැනිදා උපන්නේය. ගන්දර කෝට්ටේගොඩ ගොඩඋඩ මහා විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ දක්වා උගත් ආනන්ද පසුව මරදාන කාර්මික විද්‍යාලයට ඇතුළත් විය. විජේවීර වෛද්‍ය විද්‍යාව හැදෑරීමට රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයට ඇතුළු වූ තැන් සිට ආනන්දට නංගී සහ අම්මා බලා කියා ගන්නට සිදුවූයේ පියා රෝගීව ඔත්පළ වූ බැවිනි. විජේවීර රුසියාවේ සිට පැමිණ විප්ලවවාදී පක්ෂය ගොඩනඟන්නට ගිය  තැන් සිට ආනන්ද තව තවත් පවුලේ බරට සිර වූයේය.
1971 අරගලය හේතුවෙන් විජේවීර අත්අඩංගුවට ගනු ලැබූ අතර සිරගතව සිටි ඔහුට අප්‍රේල් මහ නඩුවට අවශ්‍ය ලියකියවිලි සපයා දුන්නේ ආනන්ද විසිනි. මේ අතර ආනන්ද ද හදිසියේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ආනන්ද විජේවීර සිරගතව සිටිමින් තම මවට එවූ ප්‍රථම ලිපිය අපට හමුවිය. මේ එම දුලබ ලිපියයි.
විජේවීර අත්අඩංගුවට පත් 1989 නොවැම්බර් 13 දින රාත්‍රියේ විජේවීර පවුලේ සෙසු අය සොයා පැමිණි ඝාතකයන් ආනන්ද පැහැර ගත්තේ මොරටුවේ විල්ලෝරා වත්තේදීය. ආනන්දගේ මරණය කෙසේ සිදුවී දැයි කිසිවකු නොදනී.
ඩබ්ලිව්. පී. ඩී. ආනන්ද (1464)
'හැමන් හිල්' සිරකඳවුර යාපනය.
16. 12. 1972
ආදරණීය අම්මා වෙත ලියමි.
කෙසේද අම්මාගේ, නංගීගේ සහ නැන්දාගේ සුව තතු. මාව 21 වැනිදා කොට්ටාවේදී අත්අඩංගුවට ගත්තා. පසුගිය 12දා වැලිකඩ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඇතුළු කර 14 වැනිදා උදේ දුම්රියෙන් යාපනයට ගෙනත් 15 වැනිදා දහවල් හැමන් හිල් දූපතට ගෙනාවා. ඒ කාලය අතර දින කීපයක් මරදාන පොලිසියේ ගත කරන්න සිදු වුණා.
අනෙක් සෑම දිනකම රෑ දවල් දෙක ගත කළේ රහස් පොලිසියේ හතර වැනි තට්ටුවේ. එසේ සිටින අතර 6 දා දහවල් අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කර එදිනම දහවල් රිමාන්ඩ් බන්ධනාගාරයට ඇතුළත් කර නැවතත් 4 වැනි තට්ටුවටම ගෙන ගියා. මා ගැන අම්මලා කොහොමටවත් කනගාටුවෙන්න එපා. මම ඉතා හොඳින් සුවසේ පසු වෙනවා. ඩැනිස්ටර් වනිගබදු වැනි මා දන්නා අයත් මෙහි සිටිනවා. 100ක් පමණ වූ අප සියලු දෙනා එකම පවුලක සහෝදරයන් මෙන් ඉතා හොඳින් ජීවත් වෙනවා.
අම්මා මාව බලන්න එන්න අවශ්‍ය නෑ. සැප දුක් දන්වා ලිපියක් එවන්න. මෙහෙ විසිට් පෙන්නන්නේ මසකට එක්වරයි. ඒත් අපි ඉල්ලුවොත් පමණයි බන්ධනාගාරයෙන් විසිට් ලියුමක් යවන්නේ. එවැනි විසිට් ලියුමක් නැතිව ආවාට විසිට් පෙන්නන්නේ නැහැ. ඒ නිසා මේ මාසේ අම්මා එන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය වුණොත් මම ලබන මාසේ අම්මාට විසිට් ලිපියක් එවන්නම්. එක වරකට විසිට් දෙන්නේ දෙදෙනකුට පමණයි.
අම්මා අයියා බලන්න යනවාද.
කොළඹ ආපුවාම අයියාව බලන්න යන්න. මම අයියාව මතක් කළැයි කියන්න. එයාගෙනුත් සමහර විට නැවත ප්‍රශ්න කරාවි. අපි ගැන ගාමිණී, පොඩි රංජි ආදීන් බොරුවට නොයෙක් දේ කියලා. ඒ නිසයි මාව තියාගෙන ඉන්නේ. ඒ තත්ත්වය යටතේ මාව ගෙදර හිටියත් අල්ලනවා. හතර වැනි තට්ටුවේදී මම බයට ඒවා බොහොමයක් පිළිගත්තා.
අම්මාට පුළුවන්නම් කොළඹ ඇවිත් බාලා තම්පෝ මහත්තයා සොයාගෙන ගිහින් මා ගැන කියන්න. ගෙදර වැඩ කෙසේ හෝ කරගෙන යන්න. කුකුළන් ගැන සැලකිලිමත් වෙන්න. නැත්නම් අම්මලාට ජීවත් වෙන්න ක්‍රමයක් නැතිවේවි. ඒ හින්දා මහන්සිවී තියෙන දෙයක් රැකබලා ගන්න. අපි ගැන කනගාටු වෙන්නේ නැතිව තියෙන දෙයක් හොඳින් කාලා බීලා ජීවත් වෙන්න. අම්මා අඬ අඬා නොකා නොබී ඉන්න එපා. එසේ ඉඳලා යමක් සිදුවුණොත් මොකද වෙන්නේ.
අම්මා අපි ගැන ආදරයක් තියෙනවා නම් අඬ අඬා කල්පනා කර කර ඉන්නේ නැතිව පුළුවන් විදියට කා බී හොඳින් ඉන්න. මොනවා කරන්නද? මා ගැන නම් මොහොතකටවත් කනගාටු වෙන්න එපා. හොරුන්ගෙන් කරදර තියෙනවාද? අවට හැමදෙනා එක්කම හොඳින් ජීවත් වෙන්න. මෙහෙ සමහර වයසක තාත්තලා පවා අල්ලගෙන පවුල් පිටින් හිර කරගෙන ඉන්නවා. ඒ තත්ත්වය යටතේ අම්මලා කනගාටුවීමේ තේරුමක් නැත. අම්මා, නංගි සහ නැන්දා ආදරයෙන් සිහිපත් කරමින් මෙතෙකින් නවතිමි.
සැපවේවා.
මීට ආදරණීය පුත්‍රයා
ආනන්ද විජේවීර

රටම බියර් පුරයක්‌ ජාතිය මත් කරන්න සියල්ල සූදානම්

රටම බියර් පුරයක්‌ ජාතිය මත් කරන්න සියල්ල සූදානම්

හැංගි හොරා වෙස්‌ බැඳි බියර් සමාගම්, එළිපිට නටන 2018 අය වැය


2015 ජනවාරි 08 සිදුවූ ආණ්‌ඩු පෙරළිය සමග රටේ බොහෝ දේ වෙනස්‌වූ ආකාරය අප මේ වන විට හොඳින්ම අත්විඳිමින් සිටී. එසේ කලින් කලට විවිධ හේතු මත ආණ්‌ඩු වෙනස්‌ වුවද වෙනස්‌ නොවන බියර් කර්මාන්තයේ න්‍යාය පත්‍රයෙන් බිඳක්‌ හෙළිකිරීමට කාලය එළඹ ඇති බව කිව යුතුය. එහිදී කුමන පාලනයක්‌ පැවතියත් මද්‍යසාර කර්මාන්තයේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනීසිටින කිසියම් හෝ පිරිසක්‌ පවත්වාගෙන යැමටද මෙම කර්මාන්තය අමතක නොකරයි. 
Image result for beer


 වර්තමානය වන විට, එනම් 2018 අයවැය අභිමුව සිටියදී මද්‍යසාර සම්බන්ධයෙන් පවතින නීති රෙගුලාසි වෙනස්‌වීම් පිළිබඳව නොයෙක්‌ ආකාරයේ කතා අහන්නට ලැබේ. මේ සියලු කරුණු කාරණාහි පසුබිම රටට අනාවරණය කිරීම සිදුවිය යුතු බව අපගේ විශ්වාසයයි. වසරක කාලයක පටන් බියර් කර්මාන්තය මාධ්‍ය හරහා නොයෙක්‌ ආකාරයේ ප්‍රචාරයන් ගෙනයමින් සිය කර්මාන්තය ඇදවැටෙමින් ඇති බව ප්‍රකාශ කරයි. ඔවුන් රටේ මද්‍යසාර භාවිත කරන මිනිසුන් පිළිබඳ අනුපමය දයාවකින් ප්‍රකාශ කර සිටින්නේ, සැර මත්පැන් භාවිතය අවම කිරීම උදෙසා බියර් සඳහා පනවා ඇති නීති රීති වෙනස්‌ කළ යුතු බවයි.

 එහිදී බියර් මත පනවා ඇති බදු ප්‍රමාණ අධික බැවින් මිලදී ගැනීමේ හැකියාවද අඩුවී ඇති නිසා මේවා ඉවත්කර හෝ අඩුකොට, බලපත්‍ර සීමා ලිහිල් කොට බියර් කර්මාන්තයට පහසුකම් සැපයිය යුතු බව Rජුව හා වක්‍රව කරුණු ඉදිරිපත් කිරීම් මගින් සිදු වේ. මේ අනුවම යන බියර් කර්මාන්තයට හිතැති හෝ නොදැනුවත්කම නිසා එම කර්මාන්තයට සහයෝගය පළවන ආකාරයේ ප්‍රකාශ දේශපාලනඥයන් විසින් ප්‍රකාශ කරන ආකාරය අපගේ නිරීක්‌ෂණයට භාජන විය.

 මෙම තත්ත්වය මෑතක සිට සිදුවන්නක්‌ නොව ඉතිහාසය පුරා සිදුවූ ක්‍රියාදාමයකි. පත්වන කිසිදු රජයකට ඇම දැමීමට මෙම සමාගම් පසුබට නොවන බව හොඳින්ම සනාථ වන සිද්ධීන් දාමයක්‌ මෙහිදී ඔබ වෙත අවබෝධ කරදීමට අපේක්‌ෂා කරමු. නව ආණ්‌ඩුව පත්වී වසරකින් පමණ එනම් 2016 පෙබරවාරි මස අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අපේ රටේ මද්‍යසාර ප්‍රතිපත්තිය කෙබඳු එකක්‌ විය යුතුද යන්න පිළිබඳ කතිකාවතක්‌ සඳහා අදාළ ක්‌ෂේත්‍රයේ පිරිසට ආරාධනා කරනු ලබයි. ඒ සාකච්ඡාවන් රාජ්‍ය ව්‍යqහය ලෙස දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා වන වෛද්‍ය පාලිත අබේකෝන්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නියෝජිතයන්, මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්‌ථානය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බොහෝ ආයතන සහභාගිත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සලස්‌වා තිබිණි. 

 මෙම වැඩසටහනේ මූලික ඉදිරිපත් කිරීම මගින්ම එම සහභාගිකයන්ට එම හමුවේ කූට උපාය පැහැදිළි විය. එනම් එහිදී රටේ මද්‍යසාර ප්‍රතිපත්තිය සකස්‌ විය යුතු ආකාරය පිළිබඳ ඉදිරිපත් කිරීම සිදුකරන ලද්දේ ලයන් බියර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන සුරේෂ් ෂා විසිනි. ඔහුට අමතරව ආසියා පැසිෆික්‌ බියර් සමාගමේ නියෝජිතයන්ද එයට අදහස්‌ දැක්‌වීම සිදුකරන ලදී. බියර් සමාගමේ කූට උත්සාහය පිළිබඳව මනා අවබෝධයක්‌ සහිත පිරිසක්‌ එදින විද්වත් සභාව නියෝජනය කළ බැවින් ඔවුන්ගෙන් බොහෝ ප්‍රශ්න හා අදහස්‌ ඉදිරිපත්විණි. 

 බියර් කර්මාන්තය විසින් යෝජනා කරන නිර්දේශයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මද්‍යසාර පාලන නිර්දේශයන්ට හාත්පසින් වෙනස්‌ ඒවා වීම පුදුමයක්‌ නොවේ. මන්ද බියර් සමාගම රටක මද්‍යසාර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම හාස්‍යයට කාරණයක්‌ බැවිනි. මෙහිදී ඔවුන්ගේ මූලික උත්සාහය වූයේ මද්‍යසාර සමාගම් විසින් සකස්‌කර තිබූ බදු ප්‍රතිපත්තියට පැමිණ සිටින පිරිසේ එකඟතාව ලබාගැනීමයි.

 මෙම හමුව සංවිධානය කළ අග්‍රාමාත්‍ය කාර්යාලය 2006 අංක 27 දරන මද්‍යසාර හා දුම්කොළ පාලන ජාතික අධිකාරි පනත එවකට බලාත්මකව තිබූ බව හා 2015 දී පාර්ලිමේන්තුව විසින් මද්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්‌ද සම්මත කර තිබූ බව නොදැන සිටියා යන්න අදටත් ගැටලුවකි. එසේ නැතහොත් දැන දැනම නොදන්නවා සේ හැසිරීමෙන් බියර් කර්මාන්තයට අවශ්‍ය දේ කර දුන්නා විය යුතුය. 

beer1එදින හමුවෙන් පසු තවත් සාකච්ඡා පැවති අතර ඒවායින්ද බියර් කර්මාන්තයට අවශ්‍ය කාරණය ඉටුකර ගැනීමට නොහැකි වන බව ඔවුන් තේරුම් ගත්තා විය යුතුය. ඒ අනුව මාධ්‍ය යොදාගනිමින් නොයෙක්‌ සාවද්‍ය දත්ත හා තොරතුරු සමාජගත කිරීමට බියර් සමාගම හා ඊට හිතවත් පාර්ශ්වයන් කටයුතු කරන ලදී. ඒ කාලයේ දී ස්‌වභාවධර්මයේ ශාපයට ගොදුරු වූ ලයන් බියර් සමාගම ගං වතුර තත්ත්වයට නතුවිය. එම ශාපය ආශිර්වාදයක්‌ බවට පත්කර ගත් ඔවුන් බියර් ආනයනය කිරීම සඳහා එවකට මුදල් අමාත්‍යවරයා වන රවි කරුණානායක මහතාගෙන් රු. කෝටි 600 ක පමණ ආනයන බදු සහනයකට හිමිකම් කියනු ලැබීය. නමුත් ගංවතුර නිසා හානියට පත් වූ අන් කිසිදු කර්මාන්තයකට එවැනි සහනයක්‌ නොලැබුණි. 

 2017 වසරේ අයවැය ඉදිරිපත්වීම සමග බියර් සමාගමේ අවශ්‍යතාවය හොඳින්ම පැහැදිළි විය. එය ඉදිරිපත් කරමින් එම මුදල් අමාත්‍යවරයාම විධිධ බියර් සඳහා බදු ප්‍රමාණ අඩුකළ යුතු බව යෝජනා කරන ලදී. එහෙත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් එම අවස්‌ථාවද බියර් සමාගමට ගිලිහී යන ලදී.

 මෑත කාලයේ නව මුදල් අමාත්‍යවරයකු පත්වීමත් සමග නැවතත් බියර් හා වයින් භාවිතය වැඩිකිරීමට කටයුතු කළ යුතු බව ප්‍රකාශ වූ අතර මුදල් අමාත්‍යවරයා රටේ ජනමාධ්‍ය අමාත්‍යවාරයාද වන බැවින් ඔහුගේ මෙම ප්‍රකාශයන්ට අත්තටු ලබාදීමට මාධ්‍ය කටයුතු කරන ලදී. එම ක්‍රියාවලියෙන් ඔක්‌සිජන් ලැබූ බියර් සමාගම් ඔවුන් වෙනුවෙන් නන් අයුරින් පෙනී සිටින දේශපාලකයන් පිළිබඳව තිරය පිටුපස සිට ආඩම්බර වන්නට ඇත. 

 පැවති සෑම අණ්‌ඩුවකම මද්‍යසාර භාවිතයන් සාධනීය ලෙස අවම කිරීම උදෙසා සිදු කිරීමට ගත් උත්සාහයන් හමස්‌ පෙට්‌ටියට ගියේය. පසුගිය රජය සමයේ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනතට එක්‌විය යුතු සංශෝධන යෝජනා වී තිබුණත් එවකට කැබිනට්‌ මණ්‌ඩලයේ සිටි ප්‍රබලම අමාත්‍යවරයා විසින් සංචාරක කර්මාන්තය පළිහක්‌ ලෙස ඉදිරිපත් කරමින් එම සංශෝධන ප්‍රමාද කිරීමේ කොන්ත්‍රාත්තුව ඉටුකරන ලදී. සංචාරක පදනම මත පනතට සංශෝධන එක්‌ නොවූවත් එම සංචාරක කර්මාන්තය නිසාම බියර් බලපත්‍ර නිකුත්වීම ලිහිල් වන බවක්‌ නම් වර්තමානය වන විට පෙනෙන්නට තිබේ.

 එනම් සංචාරක අවශ්‍යතා වෙනුවෙන් පවතින හෝටල් හා ලැගුම්හල් සඳහා බලපත්‍රයක්‌ නොමැතිව බියර් විකිණීමේ හැකියාව ලබාදීමට අවශ්‍ය වටපිටාව මේ වනවිට සැකසෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් සැලවේ. තවද දැනට පවතින බියර් සඳහා වන බදු අඩු කිරීමේ උත්සාහයක්‌ද පවතින බව පැවසේ. මේ කාරණා දෙක සිදුවුවහොත් රටේ මද්‍යසාර භාවිතයට කුමක්‌වනු ඇතිදැයි සිතාගත හැකිය. රටේ සුරාබදු ආදායම සීඝ්‍ර ලෙස පහළ දමාගන්නා අතරම රටේ දැවැන්ත ආර්ථික, සෞඛ්‍ය පිරිහීමක්‌ වෙනුවෙන් ආණ්‌ඩුව විසින්ම සකස්‌ කරන පසුබිමක්‌ ලෙස මෙය හඳුන්වාදිය හැකිය. 

 බියර් සමාගම හා එයට හිතවත් දුෂ්ඨ බලවේගයන් මේ අභියෝග කර ඇත්තේ අපේ සිංහල, දමිළ හා මුස්‌ලිම් යන සියලු ජනවර්ගයන්ගේ සංස්‌කෘතික වටිනාකම්වලට බව ඔබට පැහැදිළි වනු ඇත. වර්තමානය වන විටත් රටේ බහුතර පිරිසක්‌ එනම් වයස 15 ට වැඩි සමස්‌ත ජනගහනයෙන් 80% ට වැඩි පිරිසක්‌ කිසිදු ආකාරයක මද්‍යසාර භාවිතයක්‌ සිදු නොකරන වටපිටාවක බියර් සම්බන්ධයෙන් ගැනීමට නියමිත ඉහත සඳහන් තීරණ මගින් එම පිරිසේ ස්‌ථාවරය සෙලවීම බියර් සමාගමේ අරමුණයි.

 වෙළෙඳපොළ බියර් මිල අඩු කිරීම හා සෑම තැනකින්ම පහසුවෙන් ලබාගත හැකි පරිදි සුලබතාවය වැඩිකිරීම එහි මුල් පියවරයි. කසිප්පු භාවිතය ඉහළ යන බවට බියර් සමාගම් හා ඔවුන්ගේ නියෝජිතයන් බොරු ප්‍රචාර සිදුකළත්, මේ වනවිට රටේ මුළු මද්‍යසාර භාවිතයෙන් නීති විරෝධී මද්‍යසාර භාවිතය 10% ක්‌ හෝ ඊට අඩු බව දත්ත මගින් සනාථ වී තිබේ. එමෙන්ම සංචාරකයන්ට මද්‍යසාර ලබාගැනීම සඳහා රටේ සෑම අස්‌සක මුල්ලකම බියර් විකිණීමට පහසුකම් සැපයිය යුතු නැති බව ඉතාමත් පැහැදිළිය. ඉතා මෑතකදී රජරට විශ්වවිද්‍යාලය විදේශ සංචාරකයන් සමග සිදුකරන ලද සමීක්‌ෂණයකින් තහවුරුවී තිබුණේ විදේශ සංචාරකයන්ගේ පැමිණීමට, අදාළ රටේ මද්‍යසාර සම්බන්ධ නීති කිසිදු බලපෑමක්‌ ඇති නොකරන බවයි. 

 තවද සංචාරක කර්මාන්තයට මුවාවී දේශීය, විදේශීය මේ ඕනෑම අයෙකුට බියර් පෙවීමට අවශ්‍ය වටපිටාව සැකසීම සඳහා අයවැය යෝජනා සකස්‌වී ඇති බව කනින් කොනින් ආරංචි වේ. 2016 වන විටත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබූ ජාතික මද්‍යසාර ප්‍රතිපත්තියට හාත්පසින්ම වෙනස්‌ දෙයක්‌ සිදුවීමට යන බව කිවයුතුය. බියර් සඳහා මෙවැනිම සහනයක්‌ හිමිවූ 1995 වසරේ අයවැයෙන් අනතුරුව ඇති දත්ත නීරීක්‌ෂණය කිරීමෙන් පෙනීයන්නේ එම සහනය ලැබීමෙන් අනතුරුව බියර් හා අනෙක්‌ මද්‍යසාර භාවිතය සීඝ්‍ර ලෙස ඉහළ ගොස්‌ ඇති බවයි.

 බියර් හෝ මද්‍යසාර කර්මාන්තයට හිතැති හෝ ඒ වෙනුවෙන් වැඩකරන මිනිසුන්ගේ උවමනාවට රටට අහිතකර මද්‍යසාර ප්‍රතිපත්ති ඇති කිරීමට තරම් ඉතිහාසයේ සිටි බොහෝ මුදල් අමාත්‍යවරුන් නිර්ලඡ්ජිත විය. එම ඉතිහාසයට තවත් කළු පරිච්ඡේදයක්‌ එක්‌ කිරීමට කටයුතු කරයි ද යන්න සබුද්ධික ජනතාව දෑස්‌ දල්වාගෙන බලා සිටී. පසුගිය අයවැයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නිසා සිදු කරගැනීමට නොහැකි වූ දේ දෙගුණ කොට සිදුකරගැනීම මෙවර උත්සාහයයි. එය වැළැක්‌වීමටද බලය ඇත්තේ ජනාධිපතිවරයාටම පමණි. 

 මේ වන විට උවමනාවටත් වඩා විවිධ කාරණා මගින් රට රත් වී ඇති වේලාවක එය ගිනියම් කරන ආකාරයේ තීරණ ගැනීමෙන් රජය කෙරේ ඇති සියලු විශ්වාසයන් ගිලිහී යන අතරම රජයට එරෙහි බලවේගයන්ට තවත් උත්තේජන ලැබෙනු ඇත. ඒවා සපයන්නේ රජය විසින්ම බැවින් මහජනතාවට සිදුකළ හැකි යමක්‌ ද නොවේ. එහෙත් ගියවර ජනාධිපතිවරණයේ දී මහජනතාව දුම්කොළ සමාගමට එරෙහිව කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයා බවට පත්කළා සේම, බියර් හා මද්‍යසාර සමාගම්වලට පක්‌ෂව කටයුතු කරන කිසියම් හෝ අයෙක්‌, පක්‌ෂයක්‌වේ නම් ඒවා දේශපාලනයේ කුණු කූඩයට යවනු ඇත.

 සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී මෙන්ම ජනාධිපති භූමිකාව තුළද, මද්‍යසාර හා දුම්කොළ අවම කිරීමේ දැඩි ප්‍රතිපත්තියක සිටි ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ මේ අවස්‌ථාවේ කුමන ආකාරයෙන් ප්‍රතිචාර දක්‌වයිද යන්න අප බලාසිටිමු.

 වෛද්‍ය ජයන්ත රාජපක්‌ෂ
Original Post -http://divaina.com/sunday/index.php/visheshanga1/751-2017-11-03-13-45-51

TNA එකට කැබිනට් ඇමතිකම් ගන්න චම්පිකගෙන් ආරාධනා

ආණ්ඩුවේ නිල විපක්ෂයට ආණ්ඩුවේ ඇමතිකම් ගැනීම සඳහා ආරාධනාවක් පසුගියදා ඇමති චම්පික රණවක විසින් කරන්නට වේදිනි. උතුරේ ජනතාවට වැඩියෙන් වැඩ කිරීමට ඔවුන් ඇමතිකම් ගත යුතුව  ඇති බව ඔහු පැවසීය 
ඇමතිකම් ගෙන රඟන ඇතැම් දේශපාලකයින්ට වඩා TNA හි සුමන්තිරන් වැනි මන්ත්‍රීවරු අවංක බව තමන් විශ්වාස කරන බවත් ඒ නිසා කැබිනට් මණ්ඩලයට ඔවුන් විශාල සම්පතක් වියහැකිබවත් ඔහු පැවසීය.
දෙමල සන්ධානය විපක්ෂයේ සිටීම තුලින් උතුරේ දෙමළ ජනතාවට අසාධාරණයක් වන බව පෙන්වාදෙන චම්පික ඇමති ඔවුන් කැබිනට් මණ්ඩලය තුළ සිටීම අත්‍යවශ්‍ය බවද පැවසිය 
එවැනි තත්ත්වයක් යටතේ විවිධ මත දරන කණ්ඩායම් වලට සාර්ථකව ජනතාවගේ සියලූ අවශ්‍යතා ඉටු වන ලෙස නීති හැදීමේ සහ කෙටුම්පත් කිරීමේ කටයුතු වලට මැදිහත් වීමට අවස්ථාව ලැබෙන බවත්, සාර්ථකව ආණ්ඩුවක් පවත්වාගෙන යාමට එය වටිනා අවස්ථාවක් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඇමතිවරයා මෙබව සඳහන් කළේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා වන යෝජනා රැගත් අතුරු කමිටු වාර්තාව පිලිබඳ තුන්දින විවාදයට එක්වෙමිනි

දෙයියන්ගේ හාල් කැවීමට ලඟයි


රජයට අඩු මිලට සහල් අලෙවි කිරීමේ සැලසුමක් නොමැති වීම නිසා දේශීය සහල් කිලෝ 50ක මිටියකින් විශාල මෝල් හිමියන් රුපියල් 500කට අධික ලාභයක් ලබාගන්නා බව සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග හා සිල්ලර ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න මහතා කියා සිටී.
මේ අතර පොහොර සහනාධාරය අහිමි කිරීම තුළ ගොවින් වී ගොවිතැනින් ඈත්වීම ද මෙයට ඉතා විශාල ලෙස බලපෑ ඇති බව වාර්තා වේ.මේ අනුව අහස උසට නැග ඇති ශ්‍රීලංකාවේ සහල් මිල ඉදිරි දිනවලදී තව දුරටත් ඉහල යා හැකි බව  ද ඔහු පවසයි 
මේ තත්වය මග හැරිම පිණිස සහල් ආනයනයද පිළිතුරක් නොවන්නේ දැනට ලොව පුරා විවිධ හේතු නිසා සහල් හිඟයක් මතු වෙමින් පැවතීම නිසාය.
මේ තත්වය මත ඉන්දියානු නාඩු සහල් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 435 දක්වා වැඩිවී ඇති බව වාර්තා වන අතර එහි පෙර මිල දිදොලර් 375ක් විය.
අද පවතින මිල අනුව සහල් ආනයනය කර බෙදා හැරීමේදී පිරිවැය ඩොලර් 450 /මෙට්‍රික් ටොන් 1ට වැයවන බවත් එහිදී ආනයනික සහල් වල අවම මිල අනිවාර්යයෙන්ම  රුපියල් සියය ඉක්මවන බවත් ඔහු පැවසීය 
ඒ අනුව ඉදිරියේදී ආනයනික සහල් අද පවතින මිලට අලෙවි  කිරීමට අපහසු වන බව සභාපතිවරයා කියා සිටී .
ආනයනික සහල් මිල ඉහළ ගිය විට එයට අනුරෑප ලෙස දේශීය සහල් මිල ද ඉහළ යනු යා හැකි බව ඔහු කියා සිටී.

වෙන ලෝකෙක ඉන්න ජීවන වියදම් කමිටුව !
එසේම ලොකු ලූණු මිල ඉහළ යාමට හේතුව අපේ රටේ මෙවර ලූණු අස්වැන්න වෙනත් වසරවලට සාපේක්ෂව 5% ක අඩුවීම බවද ජයමාන්න මහතා කියා සිටී.
ලූණු සහ අලවලට මේ වන විට කිලෝවට රුපියල් 50ක බද්දක් රජය අය කරන බව පැවසූ ජයමාන්න මහතා තම සංගමය ජීවන වියදම කමිටු රැස්වීමේ දී මෙම බදු අඩු කරන ලෙස ඉල්ලුවද ප්‍රතිඵලයක් නොවූ බවද ඔහු හෙළිකළේය.

පෙට්‍රල් හිඟය ගැන සැකයක්

පෙට්‍රල් හිඟය ගැන සාධාරණ සැකයක් රටතුල නිර්මාණය වී ඇතැයි ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසයි.
එම සංගමයේ ලේකම්, ඩී. ජේ. රාජකරුණා මහතා විසින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වෙත යොමුකර ඇති ලිපියක එබව සඳහන් වේ.
මාධ්‍ය වෙතද යොමුකර ඇති එම ලිපිය පහත පළවේ.
''මේ වනවිට රටේ බොහෝ ප්‍රදේශවල පිරවුම්හල් වල පෙට්‍රල් ඉන්ධන නොමැති වීම නිසා ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇත.
අප වෙත ලැබී ඇති තෝරතුරු අනුව මේ සඳහා මුලික හේතුව වී ඇත්තේ මීට සති 02 කට පෙර LIOC සමාගම ගෙන්වන ලද පෙට්‍රල් මේ. ටො. 30000 ක් නියමිත ප්‍රමිතියට නොමැති වීම නිසා ගොඩබැම ප්‍රතික්‍ෂේප වීමත්, ඒසඳහා ආදේශික නැවක් පොරොන්දු වූ දිනයට ගෙන ඒම කඩාකප්පල්කාරී ලෙස පැහැර හැරීමත්, තෙල් සංස්ථාව ඇනවුම් කොට ඇති නැවක් ප්‍රමාද වීමත්ය.
එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අසත්‍ය ප්‍රචාර හරහා තෙල් අර්බුදයක් නිර්මාණය කොට ප්‍රතික්‍ෂේපිත නැව ගොඩ බැමට උත්සහා කරණ බවට සාධාරණ සැකයක් මතුවන්නේ එම නැව ත්‍රිකුණාමලය මුහුදේ තවමත් නවතා තිබීම තුලයි.
මේ සියල්ල හමුවේ රටේ තෙල් අර්බුධයක් නිර්මාණය වුවද ඊළඟ නැව පැමිනෙන තෙක් අපහසුතා මැද වුවද පරිභෝජනයට ප්‍රමානවත් ඉන්ධන පවතින බවත් පැවසේ.
නමුත් පැතිර ගිය කටකතා හා බෙදාහැරීම් ජලයේ අක්‍රමිකතා නිසා රටතුල මහත් අර්බුධයක් නිර්මාණය වී ඇති බව නොරහසකි.
LIOC අත්තනෝමතික තීන්දු :
LIOC සමාගම මෙලෙස අත්තනෝමතික ලෙස තීන්දු ගෙන රටේ ජනතාව අපහසුතාවයට පත්කිරීමට ඉඩදී රජය නිහඩව සිටීම ගැන අපගේ බලවත් විරෝධය ප්‍රකාශ කරමුග මෙයට එරෙහිව රජය ගෙනඇති පියවර වහා රටට හෙලිකලයුතුය.
LIOC සමාගම ප්‍රතික්‍ෂේපිත නැව වෙනුවට නැවක් ලබා නොදීමත්, CPC ඇනවුම් කල නැව ප්‍රමාද වීමත්, වැඩවර්ජනයක් පිළිබඳ රටතුල අසත්‍ය ප්‍රචාර පැතිරවීමත්, ප්‍රතික්ෂේපිත නැව ගොඩබැමට උත්සහා කිරීමත් අතර යම් සම්බන්ධයක් පවතී ද යන්න වහා සොයාබලන ලෙසත් මේ මුවාවෙන් බාලතෙල් රට තුලට ගොඩබැම වලකන ලෙසත් ඉල්ලා සිටිමු.
CPC ඇනවුම් කල නැව ප්‍රමාද වීමට හේතු සොයාබලන ලෙසත් එම ප්‍රමාදය නිසා සිදුවන හානි පුර්ණය සඳහා සැපයුම් කරුවන්ගෙන් වන්දි ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් යෝජනා කරමු.
රක්‍ෂිත ඉන්ධන තොග ගබඩා :
රටට අවශ්‍ය රක්‍ෂිත ඉන්ධන තොග පවත්වා ගැනීමට ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති බව අප දිගින් දිගටම පෙන්වාදී ඇත.
ඒ සඳහා ත්‍රිකුණාමලය ටැංකි 10ක් ලබාගනීමට අනුමත කැබිනට් තීන්දුව LIOC බලපෑම මත ක්‍රියාත්මක නොකිරීම මෙම අර්බුදයට ප්‍රධානතම හේතුව බව ප්‍රකාශ කරන අතර ඒ සඳහා රජය සම්පුර්ණයෙන්ම වගකිව යුතුය.
LIOC සමාගම 20%ක පමණ වෙළද පංගුවක් හිමි කරගනිමින් මෙලෙස රටටම බලපෑම් කරයි නම් ත්‍රි’මලේ තෙල් ටැංකි සම්පුර්ණයෙන්ම LIOC ට ලබාදීම තුල ඇතිවිය හැකි අනිටු ප්‍රතිපල පිළිබඳ අප අවධාරණය කරමු.
එමනිසා රජය වහා මැදිහත් වී LIOC සමාගමේ මෙම අත්තනෝමතික ක්‍රියා සඳහා නිසි පියවර ගතයුතු බවටත් රටේ ජනතාව අපහසුතාවයට පත් නොකොට ප්‍රමාණවත් රක්‍ෂිත තොග පවත්වාගෙන යාමට වහා ත්‍රි’මලේ තෙල් ටැංකි CPC යට පැවරිය යුතු බවටත්, අවධාරණය කරන අතර ජනතාව පත්ව ඇති අපහසු තත්වයන් ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිමු.''

ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ නිවේදනය.


අඟහරුවාදා (නොවැ 7 ) දක්වා ඉන්ධන සලාක ක්‍රමයට ???

අඟහරුවාදා (නොවැ 7 ) දක්වා ඉන්ධන සලාක ක්‍රමයට ???
ලබන අඟහරුවාදා දින දක්වා සලාක ක්‍රමයට ඉන්ධන බෙදා දීමට යනබව වාර්තා වේ මේ අනුව මෝටර් සයිකලයක් සඳහා ඉන්ධන ලීටර 2ක් ද  ත්‍රී රෝද රථයක් සඳහා ලීටර 3ක්ද  කාර් සහ අනෙකුත් වාහන සඳහා පෙට්‍රල් ලීටර 20ක් ද වශයෙන් ඉන්ධන ලබා දීඒමට තීරණය කර ඇත.

මෙම හිඟයට හේතුව වන්නේ පසුගිය ඔක්තෝබර් 15 වැනිදා IOC මහින් ගෙන්වූ ඉන්ධන මෙට්‍රික්ටොන් 40000 ප්‍රමිතියෙන් තොර  බැවින්  ප්‍රතික්ෂේප වීම නිසාය. 

තෙල් මෙට්‍රික්  ටොන් 30000 ක් රැගත් තවත් තෙල් නැවක් සඳුදා රාත්‍රී වනවිට ලංකාවට පැමිණීමට නියමිතයි. එම තෙල් නාවේ තෙල්ද නිකුත් කලයුත්තේ නිසි පරීක්ෂාවකින් පසුව වන අතර , වත්මන් තෙල් හිඟය මත එම තොගය නිසිලෙස පරීක්ෂාවට ලක්වේදැයි බලවත් සැකයක් ද මතුවේ 

Friday, November 3, 2017

විගණන නිලධාරීන් 50ක් දෙපාර්තමේන්තුව හැරයයි.

විගණන නිලධාරීන් 50ක් දෙපාර්තමේන්තුව හැරයයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුවට විශේෂ වරප්‍රසාද ලබා දිය යුතු වුවත් අනෙකුත් රාජ්‍ය දෙපාර්තමේන්තුවලට  ලබාදී ඇති   වරප‍්‍රසාදවත් එම දෙපාර්තමෙන්තුවට ලබාදීමට රජය කටයුතු නොකිරීම සහ ජාතික විගණන පනත් කෙටුම්පත බල රහිත කිරීම මත  2017 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා එම දෙපාර්තමේන්තුවේ විවිධ ශේ‍්‍රණීවලට අයත් දක්ෂ නිලධාරින් පනස් දෙනෙකුට ආසන්න පිරිසක් වෙනත් රාජ්‍ය දෙපාර්තමේන්තුවලට සහ අමාත්‍යංශවලට ස්ථාන මාරැ වීම් ලබාගෙන ගොස් තිබේ.
එම තත්ත්වය යටතේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කටයුතු මන්දගාමීව සිදුවන බවද වාර්තා වේ.
ස්ථාන මාරැවීම් ලබාගෙන ගොස් ඇති විවිධ ශේ‍්‍රණිවලට අයත් එම නිලධාරින් පසුගිය වර්ෂ ගණනාවක්ම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ විවර්ශන කටයුතු සදහා දැඩි කැපවීම් කළ දක්ෂ සහ අවංක නිලධාරින් බවද දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරින් පනහකට ආසන්න පිරිසක් පසුගිය වරකට ආසන්න කාලය තුළ විවිධ හේතූන් මත ස්ථාන මාරුවීම් ලබාගෙන ගොස් ඇති බව ඒ පිළිබද ව කළ විමසීමකදී විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා ප‍්‍රකාශ කළේය.