Saturday, October 28, 2017

රටම ණය බරින් මුදවන තෙල් පිරිපහදු ආයෝජකයාට ආණ්ඩුව පයින් ගසයි .. කොමිස් ???

ad300
Advertisement
මෙතෙක් ලංකාවට පැමිණ ඇති විශාලතම විදේශ ආයෝජනය සේ සැළකිය හැකි, වරාය නගර ව්‍යාපෘතිය සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය වැනි චීන ආයෝජනයන් මෙන් තුන් ගුණයක් වටිනා, රටට ඉමහත් ප‍්‍රතිලාභ අත්කර දිය හැකි, ඩොලර් බිලියන 3 ක් වටිනා පෞද්ගලික අංශයේ තෙල් පිරිපහදු ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ආණ්ඩුව පස්ස ගසමින් සිටින බව වාර්තා වෙයි.

මේ තෙල් පිරිපහදු ව්‍යාපෘතිය තුළින් අපනයනය සඳහා දවසකට ඛනිජ තෙල් බැරල් 200,000 ක් හෙවත් වසරකට මෙට්‍රික් ටොන් මිලියන 10 ක් පිරිපහදු කෙරේ. මෙසේ පිරිපහදු කෙරෙන ඛණිජ තෙල් විකිණීමේදී ප‍්‍රමුඛ තැන ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ලබාදීමටත්, ඛණිජ තෙල් අපනයනයට අමතරව, හම්බන්තොට වරාය පසු කොට යන නැව්වලට තෙල් සපයා දීමටත් ඉන් අදහස් කෙරේ. මේ ව්‍යාපෘතියෙන් ලංකාවට සැලසෙන තවත් සෙතක් වන්නේ, තෙල් පිරිපහදුව සඳහා ක‍්‍රියාත්මක කෙරෙන මෙගා වොට්ස් 300 ක බල ශක්ති උත්පාදනයෙන් තෙල් පිරිපහදුව සඳහා අවශ්‍ය කරන්නේ මෙගා වොට්ස් 150 ක් පමණක් වන බැවින්, ඉතිරි මෙගා වොට්ස් 150 ක විදුලිය ප‍්‍රමාණයක් අපේ ජාතික විදුලි ජාලකයට ලබා ගැනීමට හැකි වීමයි. සමාජ වගකීමේ කොටසක් තමන්ද දැරිය යුතු බැවින්, පිරිපහදුව සඳහා යොදා ගන්නා ලුණු රසය ඉවත් කළ මුහුදු දිය අතිරික්තය එම පළාතේ ජනතාවට සැපයීමටත් මේ ව්‍යාපෘතියේ ආයෝජකයන් කැමැත්ත පළ කොට ඇත. ඊට අමතරව මෙම පිරිපහදුව තුළින් අමතරව නිපදවෙන එල්.පී.ජී. ගෑස්, බිටුමන් සහ යූරියා වැනි අතුරු නිෂ්පාදනවලට ඉන්දියාවේ සහ පකිස්ථානයේ විශාල වෙළඳපොළක් ද තිබේ.
මේ සඳහා අවශ්‍ය කරන හෙක්ටෙයාර් 30 ඉඩම් ප‍්‍රමාණයක් හම්බන්තොට වරාය ප‍්‍රදේශයෙන් ද, තවත් හෙක්ටයාර් 200 ඉඩම් ප‍්‍රමාණයක් වරාය ප‍්‍රදේශයට පිටතින් මහවැලි අධිකාරියට අයත් ඉඩම්වලින් ද හඳුනාගනු ලැබ ඇත. මුළු ව්‍යාපෘතියෙන් සෘජුව සහ වක‍්‍රව නිර්මාණය කෙරෙන රැකියා ප‍්‍රමාණය 20,000 කි. ඒ රැකියා බොහොමයක් හම්බන්තොට ප‍්‍රදේශ වාසීන්ටමය.
මේ ආයෝජනයේ විශාලත්වයත්, එයින් රටට සැලසෙන බහුවිධ සමාජ ආර්ථික ප‍්‍රතිලාභයනුත් සැලකිල්ලට ගෙන, අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ‘ආර්ථික කළමණාකරණය පිළිබඳ කැබිනට් කමිටුව’ 2016 නොවැම්බර් මාසයේ දී මේ ව්‍යාපෘතියට, ප‍්‍රතිපත්තියක් වශයෙන්, අනුමැතිය දී තිබේ. තවදුරටත් එහි ඉදිරියට යමින්, මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දෙවර්ෂ පූර්ණයට සමගාමීව මේ වසරේ ජනවාරි 8 වැනි දා ප‍්‍රකාශයට පත් කළ ‘හම්බන්තොට ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම’ තුළටත් මෙය ඇතුළත් කොට තිබේ.
එහෙත් එතැන් පටන් වාර්තා වන්නේ බලධාරීන් මේ ව්‍යාපෘතිය පස්සට අදින බවයි.
පිරිපහදුව සියයට සියයක් අපනයනය ඉලක්ක කොට පවතින නිසා තමන්ගේ ඊට විරුද්ධත්වයක් නැතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කියා තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය මේ අරභයා අදාළ ආයතන 14 ක් සමග සාකච්ඡා කොට ඇති අතර එම ආයතනවල නියෝජිතයන්, මේ ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන ඇති වැඩබිම් දෙකක් නිරීක්ෂණය කිරීමටත් ගොස් තිබේ. අදාළ ප‍්‍රදේශවල වී ගොවිතැන් කරන සහ කෙසෙල් වගාව කරන ගොවි පවුල් නිසියාකාරයෙන් නැවත පදිංචි කිරීමේ කොන්දේසිය මත, ඔවුන්ගෙන් බොහොමයක් දෙනා ඊට අනුමැතිය දී තිබේ. එසේම, ඉහත කී ඉඩම් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් වන තමන්ගේ අදහස් දක්වන ලෙස ජනාධිපති කාර්යාලය මගින් මහවැලි අධිකාරියටත් ලියා දන්වා තිබේ.

අනුමැතිය ලැබීමෙන් පසු දින 120 ක් ඇතුළත ආයෝජනයේ ප‍්‍රථම කොටස සැපයීමටත්, දින 180 ක් ඇතුළත ව්‍යාපෘතිය ගොඩනැගීම ආරම්භ කිරීමටත් ප‍්‍රතිඥා දී ඇති ආයෝජකයෝ, මාස 24-30 අතර කාලයකදී ඒ වැඩකටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරති. මතභේදයට තුඩු දී ඇති ඇතැම් චීන ව්‍යාපෘතිවල මෙන් පූර්ව කොන්දේසි කිසිවක් මේ ව්‍යාපෘතියට ගැට ගැසී නැති තත්වය තුළ, ව්‍යාපෘතිය ඉක්මන් කිරීමේ ප‍්‍රමාදය අභිරහසක් බව ඔවුන්ගේ අදහසයි. මෙය, විදේශ විනිමය ඉපැයීම් මෙන්ම, ඉතිරි කිරීම් සඳහා ද මහඟු අවස්ථාවක් රටට සලසන බව ඔවුහු පෙන්වා දෙති.
මේ යෝජිත පිරිපහදු ව්‍යාපෘතියේ ආයෝජන සමාගම් සමූහය පිහිටා ඇත්තේ, ජපානයේ සහ ඉතාලියේ තාක්ෂණික පාර්ශ්වකරුවන්ගෙන් සමන්විතව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේය. පිරිපහදු කෙරෙන පෙට‍්‍රල් වර්ගය, යුරෝපා සංගමයේ ප‍්‍රමිතියට අනුගත, 98 ඔක්ටේන්ය.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අද මිලදී ගන්නවාට වඩා අඩු මිලකට, මේ ව්‍යාපෘතිය පටන් ගත් පසු, පිරිපහදු නිෂ්පාදන තමන්ට සැපයිය හැක වන බව එහි ආයෝජකයෝ කියති. ඒ මගින් විදේශ විනිමය විශාල වශයෙන් ඉතිරි කර ගැනීමටත් ලංකාවට හැකි වනු ඇති බව ඔවුන්ගේ අදහසයි
Share This
Previous Post
Next Post

Pellentesque vitae lectus in mauris sollicitudin ornare sit amet eget ligula. Donec pharetra, arcu eu consectetur semper, est nulla sodales risus, vel efficitur orci justo quis tellus. Phasellus sit amet est pharetra

0 comments: