Monday, October 30, 2017

කුජිත පොලිස්පතිට ජයග්‍රහණය දී සමරකෝන් බණ්ඩා ගෙදර යයි.

ad300
Advertisement
ඉතිහාසයේ කුජිතම පොලිස්පති පුජිත ජයසුන්දරගේ අමානුෂික ප්‍රහාරයට ලක්වූ පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන යන්ත්‍ර ක්‍රියාකරු සමරකෝන් බණ්ඩා මහතා ඊයේ ( 2017/10/30) දින විශ්‍රාම ගන්වා ඇත. ඔහුට පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, ශ්‍රීලංකා පොලිස් කොමිසම සහ ව්‍යවස්ථා දායක සභාව කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන කුජිතට පක්ෂපාති ලෙස හැසිරී ඇති අතර මෙම පහර දීම යහපාලන පොලිස් රාජ්‍ය යේ තවත් එක සිදුවීමක් බවට පත්වෙමින් වැළලී යනු ඇත.
මෙම සිද්ධිය මාධ්‍ය මගින් එලියට ඒමත් සමග පොලිසිය පරීක්ෂණ කලේ සිද්ධිය ගැන නොව , වීඩියෝව මාධ්‍ය අතට පත්වුවේ කෙසේද යන්න පිළිබඳවයි. පොලිස් ප්‍රකාශක වරයා අතිශය උත්සාහයක් දැරුවේ සිද්ධිය පහරදීමක් නොව කොලරයෙන් ඇද  ගැනීමක් පමණක් බව පැවසීමටය. නමුත් උගත් නීතිඥ පොලිස් ප්‍රකාශක වරයා සිද්ධිය කොලරයෙන් ඇදීම පමණක් බව සිතුවත් එය බණ්ඩා මහතාගේ ආත්මගරුත්වයට හානියක් බව නොදැන සිටීම කනගාටුදායකය. 
කැබිනට් මණ්ඩලය පවා සිද්ධිය නොසලකා හරියේ සමරකෝන් බණ්ඩා මහතා සුළු නිලධාරියෙකු පමණක් වන නිසාය.මේ නිසා සිය 35 වසරක සේවාකාලය නිමවී පොලිස් මුලස්ථානයෙන් ඔහු නික්ම යන්නේ ඔහුම සේවය කල ශ්‍රී ලංකා පොලිසියේ තුච්ඡ කමේ තවත් ගොදුරක් වෙමිනි.
 පොලිස්පතිත් මේගැන අමතක කර දමයි. මේ ගැන පරීක්ෂණද යට යයි.දේශපාලන සබඳතා ඇති පොලිස් පතිද නිදහස් වේවි. අවසානයේ මස තුනක් යනවිට කිසිවෙකුට සිද්ධිය මතක නැති වේවි. අසරණ බණ්ඩා මහතා පමණක් විඳවාවී.

අන්තිමේදී මෙයත් නොවිසඳුණු පොලිස් අපරාධයක් ලෙස යට යාවි. ඔබ නොදැන සිටියාට පසුගිය මාස කිහිපය තුළ  විසින් මිනි මැරුම් 10 ට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති පොලිසිය සිය ඉහලම නිලධාරියාව උදාහරණයට ගෙන අපරාධ සිදු කරාවි. නමුත් පට්ට සුවාදීන පොලිස් කොමිසම මානව හිමිකම් කොමිසම සහ ව්‍යවස්ථා දායක කවුන්සිලය මෙලෙසම බුදියාවී.
රටට සහ නීතියට හෙන ගැහුවත් පොලිස්පති බේරේවි . යහපාලනය යනු එයයි. මෙවර යහපාලනය යන වදන පොලිස්පති සහ ඉහත සියලුම ආයතන විසින් සමුහ දුෂණයට ලක් කර ඇත. 
'ලංකා නිව්ස්වෙබ් හි පලවූ පුවතක් ඇසුරෙනි 
Share This
Previous Post
Next Post

Pellentesque vitae lectus in mauris sollicitudin ornare sit amet eget ligula. Donec pharetra, arcu eu consectetur semper, est nulla sodales risus, vel efficitur orci justo quis tellus. Phasellus sit amet est pharetra

0 comments: