Friday, October 27, 2017

රට යන අත - 'ඔරුමිත්ත නාඩු' කරළියට

ad300
Advertisement
යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව, සයිටම් අර්බුදය , මහා බැංකු බැඳුම්කර වංචාව, ජීවන වියදම, වැඩවර්ජන හා උද්ඝෝෂණ ආදී ප්‍රශ්න නිසා දිගින් දිගටම රට තුළ නොසන්සුන්තාව පැතිර යද්දි මේ ප්‍රශ්න එකිනෙක විසඳා ගන්නවා වෙනුවට ආණ්‌ඩුවේ ඇතැම් ඇමතිවරු දැඩි මුරණ්‌ඩු ස්‌ථාවරයක සිටීම ආණ්‌ඩුවේ පැවැත්මට අහිතකර ලෙස බලපාන බව පෙනේ. මේ මුරණ්‌ඩු ඇමතිවරුන් දෙතුන්දෙනකු නිසා සමස්‌ත ආණ්‌ඩුවේ පැවැත්ම අනතුරේ පවතින බව ආණ්‌ඩුව මතකයේ තබාගත යුතුව තිබේ. විශේෂයෙන්ම මැතිවරණ කීපයක්‌ ඉදිරියේ තබාගෙන ඇතැම් ඇමතිවරු හැසිරෙන අන්දම පුදුම සහගතය.

 විශේෂයෙන්ම මේ වන විට යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පතට මහාසංඝරත්නය ඇතුළු රටේ දසදෙසින් විරෝධය එල්ලවී තිබේ. පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ නොකරන ලෙස මේ වනවිට මල්වතු - අස්‌ගිරි සංඝ සභාවන් ඇතුළු අනෙකුත් නිකායන් දැඩි ලෙස ආණ්‌ඩුවට දැනුම් දී තිබේ. රටේ ජනතාව තුළිsන්ද නව ව්‍යවස්‌ථා කෙටුම්පතට ඇත්තේ දැඩි විරෝධයකි. එසේ තිබියදී ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා වන මහා සංඝරත්නයට කන්නොදී ආණ්‌ඩුවේ ඇමතිවරුන් හා එන්ජීඕ ඒජන්තයන් ලවා මහා සංඝරත්නයට අපහාස කරමින් රටේ ජනතා කැමැත්තට කන්නොදී ආණ්‌ඩුව නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන්නට උත්සහ දරයි. මේ නිසා රටට අනවශ්‍ය ව්‍යවස්‌ථාවක්‌ මේ තරම් විරෝධතා මැද ගෙන එන්නට උත්සාහ දරන්නේ කවුරුන් සතුටු කරන්නට දැයි අප තුළ ඇත්තේ දැඩි සැකයකි.

 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ යනු කිසියම් රටක පාලන ක්‍රමය හා සම්බන්ධ වූ ආයතන එනම් ව්‍යවස්‌ථාදායක, විධායක, අධිකරණ යන ආයතනවල සැකැස්‌ම, කාර්යයන්, බලතල ක්‍රියාකාරිත්වය එකිනෙක ආයතන හා එම ආයතනත්, පුරවැසියන් අතරත් පවතින සබඳතාවයන්, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන පිළිවෙත් පිළිබඳවත් වූ මූලික නීති මාලාවක්‌ ලෙස හැඳින්විය හැකි ය. ඒ අනුව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ රටේ මූලික නීතිය වන අතර එය රටේ සාමාන්‍ය නීතියට ද ඉහළින් පවතින ශේ්‍රෂ්ඨ නීතිය ලෙස හැඳින් වේ. එම නිසා එය නිර්මාණය විය යුත්තේ සමස්‌ත ජනතා අවශ්‍යතාවයන් හා කැමැත්ත මත පදනම් කරගෙනය. එම නිසා රටේ බහුතර ජනතාවට හොරෙන් එන්ජීඕ නඩයකට රටේ ජනතාවගේ අනාගතය තීරණය කරන්නට ඉඩදිය නොහැක.

 කිසිදු ලෙසකින් අලුත් ව්‍යවස්‌ථාවක්‌ මේ මොහොතේ රටට උවමනා නැති බවත් ඊට වඩා විසඳිය යුතු ප්‍ර්‍රශ්න අද රටේ ඇති බවත් කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාව තීරණය කර ඇත.

 එම පාර්ශවයේ අනු නායක බෙල්ලන්විල විමලරතන හිමියෝ සඳහන් කරන්නේ සංඝ සභාව විසින් ගත් මෙම තීරණය ඒකමතික තීරණයක්‌ බවය.

 දැනට ඉදිරිපත් වී ඇත්තේ කෙටුම්පතක්‌වත් හෝ පනතක්‌ නොවන බව දන්නා නමුත් ඉදිරිපත් වී ඇති යෝජනා මාලාව මත පිහිටා ඉදිරි කටයුතු සිදුවීමට ඉඩ ඇති බවත්, මෙම යෝජනා කෙටුම්පතක්‌ හෝ පනතක්‌ වීමට පෙර තම අදහස්‌ පළ කරනු ලැබුවේ ඒවා සලකා බැලීමට යයිද උන් වහන්සේ පවසති. මේ මොහොතේ නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම කාලෝචිත නැති බවද උන් වහන්සේ සදහන් කළහ.

 නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට මේ මොහොතේ කිසිදු උවමනාවක්‌ නැති බව ශ්‍රී්‍රS ලංකා අමරපුර ධම්මරක්‌ත මහා නිකාය වෙනුවෙන් ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමියෝ පවසති.

 මේ අතර ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලය විසින් ඉදිරිපත් කර ඇති අතුරු වාර්තාවට සම්පූර්ණයෙන් විරෝධය පළ කරන බව එක්‌සත් ජාතික පක්‌ෂ ජාතික ලැයිස්‌තු පාර්ලිමේන්තු මන්ත්‍රී්‍රS පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

 උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඉදිරිපත් කර ඇති යෝජනාවලිය මගින් ජාතික සමගිය සහ සංහිඳියාවට යැමට තිබූ ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහුරා දමනු ඇති බවයි.

 මේ සදහා වන ඡන්ද විමසීමේදී තමන් වහන්සේගේ ඡන්දය ඊට විරුද්ධව ප්‍රකාශ කරන බවද මෙම විසංවාදී ලියවිල්ලක්‌ හේතුවෙන් රට සම්පූර්ණයෙන්ම අවුල් ජාලයක්‌ වනු ඇතැයිද පැවසූ රතන හිමියෝ අදාළ යෝජනාවලිය සැකසීම සදහා කිසිවෙකුගෙන් අදහස්‌ විමසා නැති බවටද චෝදනා කළහ.

 මේ අතර මෙරට අතිශය ප්‍රබල වෘත්තීය හා සිවිල් සංවිධානයක්‌ වන ශ්‍රීලංකා නීතීඥ සංගමය ද නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් දැඩි මතයක සිටී.

 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමට යන වගන්තීන් වලින් ඒකීය රාජ්‍ය, ව්‍යqහය, පෙඩරල් ව්‍යqහයක්‌ දක්‌වා පරිවර්තනයකට ලක්‌ වන්නේද යන්න පැහැදිලි කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයට ප්‍රශ්නාවලියක්‌ යොමු කොට ඇත. 

 නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාවය, නව ව්‍යවස්‌ථාව මගින් ශ්‍රී ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක්‌ වන්නේද? එසේ නම්, ඒකීය රාජ්‍යය යන සංකල්පය , පළාත් වලට කුමන බලතල පවරන්නේද? මධ්‍යම රජයට හෝ පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් එම බලතල ආපසු ලබා ගැනීමට හැකියාවක්‌ තිබෙන්නේද? ඒ කුමනාකාරයෙන්ද?, යම් සුදුසු තත්ත්වයන් යටතේදී ජනාධිපතිවරයාට තම බලය සෘජුව පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාවක්‌ ඇද්ද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේද? අධිකරණ ව්‍යqහය කුමක්‌ද? ව්‍යවස්‌ථාවක අධිකරණයක්‌ තිබේද? එසේ නම්, අධිකරණ සඳහා විනිසුරුවරුන් පත් කරන ආකාරය කෙසේද ?, ශේ්‍රෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කරන්නේ කෙසේද? එම පත් කිරීම් සඳහා ක්‍රමවේදය, ශේ්‍රෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ඉවත් කරන ආකාරය, දිවයින පුරා ඇති දිසා අධිකරණ හා මහෙස්‌ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන් පත් කරන්නේ, ඔවුන් ස්‌ථාන මාරු කිරීම් හා විනය පියවර ගනු ලැබීම අධිකරණ සේවා කොමිසමෙන් පමණක්‌ සිදු කරනු ලබන්නේද? යන්න, ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවෙන් බලාත්මක කළ හැකි මූලික අයිතිවාසිකම් මොනවාද, එම මූලික අයිතිවාසිකම් බලාත්මක කරන්නේ කුමන අධිකරණ වලින්ද, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනනුකූල පනත් සීමාසහිත කාලයක්‌ තුළ විමර්ශනය කිරීමේ බලය අධිකරණයන්ට ලැබේද යන්න එම ප්‍රශ්නාවලියට අයත්ය.

 අලුත් ව්‍යවස්‌ථාව වෙනුවෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් සකස්‌ කළ අතුරු වාර්තාවේ දෙමළ පිටපතේ සඳහන් පරිදි ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ ලෙස පිළිගැනීම බැහැර කොට ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. එහී ඒකිය යන අරුත් ගැන්වෙන වචනයට යොදා ඇති දෙමළ වචනයෙන් අරුත් ගැන්වෙන්නේ "ඔරුමිත්ත නාඩු" යනු ප්‍රාන්ත කිහිපයකින් සැදුම්ලත් රාජ්‍යයක්‌ බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා සිටී.

 "ඔරුමිත්ත නාඩු" යන වචනය යොදමින් සිදුකර ඇති මෙම කමිටු වාර්තාව ඉතාමත්ම බරපතළ තත්ත්වයක්‌ බැවින් වහාම රජයෙන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්‌ ලබාගැනීමට නීතිඥ සංගමය බලාපොරොත්තු වේ.

 රටේ ආර්ථික තත්ත්වය එන්න එන්නම අයහපත්ය. මේ නිසා රටේ ජනතාව දැඩි අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටිති. අත්‍යවශ්‍ය භාණ්‌ඩ සඳහා මිල පාලනයක්‌ අවශ්‍යම මොහොතක රජය ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක්‌ යොමු කරනු නොපෙනේ. 

 ජීවන වියදම සම්බන්ධයෙන් ආණ්‌ඩුව වැඩි අවධානයක්‌ යොමු නොකරන නිසා එම ප්‍රශ්නය විසඳන්නටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුව තිබේ. ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව ගෙන්වා කරුණු විමසා ඇති ජනාධිපතිවරයා වහාම ජීවන වියදම අඩුකරන්නට කටයුතු කරන ලෙස උපදෙස්‌දී තිබේ.

 මේ අතර පාතාලයට සම්බන්ධ බවට හෙළිවුණු එජාප පළාත් සභා මන්ත්‍රීවරයට එරෙහිව විනය පියවර ගන්නට එජාප නායකත්වය තීරණය කර තිබේ. මෙය ඉතාම හොඳ ප්‍රවණතාවයකි. මේ ආකාරයටම මහා සංඝරත්නයට හා අධිකරණයට අපහාස කළ එජාප ප්‍රබලයන්ට එරෙහිව විනය පියවර ගැනීමට එම පක්‌ෂය කටයුතු කළ යුතුය. 

 දේශීය නිෂ්පාදකයන් හා ව්‍යාපාරිකයන් රැක ගන්නට ආණ්‌ඩුව වහාම යම් යම් තීරණ ගත යුතුව තිබේ. විවිධ බදු සහන යටතේ මෙරටට එන විදේශීය ව්‍යාපාරිකයන් විසින් මෙරට වෙළෙඳපොළ ආක්‍රමණය කිරීම වැළක්‌වීමට ආණ්‌ඩුව වහාම පියවර ගත යුතුව තිබේ. අපේ රටේ දේශීය ව්‍යාපාරිකයෝ ශ්‍රී ලාංකිකයන් දහස්‌ ගණනකට රැකියා ලබාදී තිබේ. යම්ලෙසකින් මේ ව්‍යාපාර කඩා වැටුණහොත් මේ පිරිස්‌වලට රැකියා අහිමි වේ. එම නිසා කිසියම් හෝ වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගන්නට පෙර මෙරට ව්‍යාපාර ගැන රජය සිතා බැලිය යුතුය.
Share This
Previous Post
Next Post

Pellentesque vitae lectus in mauris sollicitudin ornare sit amet eget ligula. Donec pharetra, arcu eu consectetur semper, est nulla sodales risus, vel efficitur orci justo quis tellus. Phasellus sit amet est pharetra

0 comments: