![]() |
Advertisement |
පෞද්ගලික සමීක්ෂණ ආයතනයක් වන Verité Research ආයතනය පවසන්නේ ප්‍රධාන අයවැය යෝජනා වලින් 51% ප්‍රමාණයක ප්‍රගතිය ගැන කිසිදු තොරතුරක් නොමැති බවයි. එමෙන්ම තොරතුරු සපයා ගත හැකි රු. බි. 1 ට වඩා වටිනා අයවැය යෝජනා 37 ක් (සම්පුර්ණ වටිනා කම රු. බි. 117 ) කින් 14% ක් සම්පුර්ණයෙන්ම ඉටුකර නැත . 32% ප්‍රමාණයක් ඒවායේ ඉලක්කගත රාමුවට වඩා ඉතා පසුපසින් ඇති බවත් සැබෑ ලෙසම ක්‍රියාත්මක වන්නේ 3% බවත් සොයාගෙන ඇත.
Verité සමික්ෂනය ට අනුව ග්‍රාමීය ප්‍රදේශ තුළ මාර්ග වැඩිදියුණු කිරීම (රාජපක්ෂ සමයේ පටන් ගත ව්‍යාපෘතියකි -සංස්කාරක ) සඳහා පළාත්සභා අමාත්යංශය මගින් කරන රු. බි. 4500 ක ව්‍යාපෘතිය පමණක් ප්‍රධාන අයවැය යෝජනා වලින් ක්‍රියාත්මක මට්ටමේ පවතී .
2017 අයවැය යෝජනා වලින් රජයේ සියලුම ව්‍යාපෘති වල කොන්තරාත්තු ආදී තොරතුරු අදාළ අමාත්‍යංශ වල වෙබ් අඩවි හරහා දැනුවත් කරන බව පොරොන්දු වී ඇතත් අදාළ වෙබ් අඩවි වල අවම තොරතුරු ප්‍රමාණයක් පමණක් ඇති බව Verité ආයතනය පවසයි.
" තොරතුරු ලබා ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතන වල නියෝජිතයින් සම්බන්ධ කර ගැනීමට අපහසු නිසා අප විසින් තොරතුරු දැනගැනීමේ පනත් යටතේ තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කළා " Verité Research ආයතනයේ සහය විශ්ලේශිකා නිලංගිකා ප්‍රනාන්දු සඳහන් කලාය.
නමුත් ඔවුන් විසින් යොමු කල ඉල්ලුම්පත් 54න් 15ක් පමණක් නියමිත කාලය තුළ ප්‍රතිචාර දැක්වූ අතර 16ක් අභියාචනා කිරීමෙන් පසු ප්‍රතිචාර දක්වා තිබුණි. නමුත් ඉතිරිවා කිසිම ප්‍රතිචාරයක් දක්වා නැති බව Verité Research ආයතනය පවසයි.
කෙසේ වුවත් ICTA ආයතනය පර්යේෂණ කණ්ඩායම සමග උරෙනුර ගැටී වැඩ කරමින් අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට වෙහෙසුණු බව ප්‍රනාන්දු මහත්මිය පැවසිය.
නමුත් පසුගිය අයවැයෙන් ආර්ථිකය ඩිජිටල් කරණය සඳහා රු. බි. 15 ක් වෙන් කර තිබුණු අතර එම මුදල් අපතේ ගොස් ඇති බව පැහැදිලි වන බව ඇය පැවසිය.
කෙසේ නමුත් ධීවර කටවුතු අමාත්යංශය , තම ක්‍රියාකාරී සැලැස්ම සහ ප්‍රගති වාර්තාව සිය වෙබ් අඩවියේ ස්වේච්චාවෙන්ම දක්වා ඇති බවත්
කෘෂිකර්ම අමාත්‍යාශය මේ වන තෙක් තොරතුරු දැනගැනීමේ පණත යටතේ කල කිසිම ඉල්ලීමකට හෝ ප්‍රතිචාර දක්වා නැතිබවත් Verité Research ආයතනය පැවසිය .
කඩවුණු ඉටුවුණු 2017 අයවැය පොරොන්දු පිලිබඳ සම්පිර්ණ විශ්ලේෂණක්
2017 බොරු පොරොන්දු ලින්ක් එකෙන් ලබා ගන්න
0 comments: