![]() |
Advertisement |
රෙදි ගැලවුනේ ජනපති ගේ ද අගමැති ගේ ද ? නැත්නම් රටේ භෞමිකඅඛණ්ඩතාවයේ ද ? වීඩියෝ සහිතයි
ඉතිහාසයේ පළමු වතාවට උතුරේ දේශපාලන පක්ෂයක් ඒකීය රාජ්‍යයකට එකඟ වී ඇති බවත් එය ස්වර්ණමය අවස්ථාවක් බැවින් වත්මන් ජනාධිපතිවරයාගේ කාලය තුළදීම නව ව්‍යවස්ථාවක් සම්මත කරගෙන ඒකීය රාජ්‍යයක් ස්ථාපිත කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසී ය.
නව ව්‍යවස්ථාව ගෙන එන්නේ මිනිසුන්ගේ යහපත සඳහා බවත් සෑම රාජ්‍ය නායකයෙකුම දෙනවා යැයි කියා ප්‍රකාශ කළ බොරු පොරොන්දුව මෙය බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ඉදිරි ජනාධිපතිවරණයට පෙර නව ව්‍යවස්ථාව අවසන් කරන බවත් මේවන විටත් නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර අවසන් බවත් ප්‍රකාශ කළ ඇමැතිවරයා නව ව්‍යවස්ථාව සැකසීමේ දීර්ඝ කාලීන අසීරුම කොටස සකස්කර අවසන් බවත් දැන් ඇත්තේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම පමණක් බවත් පැවසී ය.
ශ්‍රීලනිපය අකමැතියි - මෛත්‍රී කැමැතියි
මේවන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ නොමැති බව ප්‍රකාශ කළද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ වී ඇති බවත් රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නොව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ වී ඇති බවත් සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේදීද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත් ඇමැතිවරයා පැවසී ය.
රටේ ඒකීය භාවය නැති වීමත් සහ රට යුද්ධයකට යාමත් සිදු වූයේ විධායක ජනාධිපති ක්‍රමය නිසා බව සඳහන් කළ රාජිත සේනාරත්න ඇමැතිවරයා උතුරට දේශපාලන විසදුමක්, බලය බෙදාහැරීම වැනි රටේ පවතින සියලු ප්‍රශ්න අලුතින් ගෙනඑන එකම ව්‍යවස්ථාවෙන් අවසන් කරන බවත් ශ්‍රීලනිපය බලය බෙදාහැරීමට කිසිදු ප්‍රශ්නයක් නැති බවත් කියා සිටියේය.
0 comments: