![]() |
Advertisement |
යහපාලනයෙන් පසු අම්මට සිරි ලංකාවේ ඇතිවී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ තත්වය කෙසේද යත් , යහපාලන මහා වංචාව වූ බැඳුම්කර වංචාවේ හොරු රල විසින් දප්පුල ලිවේරා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ට නඩු පැවරීම දක්වා දියුණු තත්වයකට පැමිණ ඇත
බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශන වලට අදාල ප්‍රකාශ ලබා ගැනීමේදී නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් තමන්ට තර්ජනය කර අමානුෂික ලෙස බලපෑම් කළ බව පවසමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කළමනාකරුවකු වන එස්. පතුමානපන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් 10 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ජ්‍යේෂ්ට අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අට දෙනෙකු ඇතුළු 20 දෙනෙකු මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති අතර ඊයේ (27) මෙම පෙත්සම කැඳවනු ලැබුවේ සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේය.
එහිදී මෙම විත්තිකරුවන් අතරින් දෙදෙනෙකු තමන් හොඳින් දන්නා හඳුනන හෙයින් පෙත්සම විභාග කිරීමට තමන් අකමැති බව සිසිර ද ආබෲ සහ ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරුවරුන් ප්‍රකාශ කළ නිසා නව විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගැනීමට නොවැම්බර් 10 වනදා දක්වා කල් තබන ලදී.
0 comments: