![]() |
Advertisement |
විල්පත්තුව කැපුවට අවුලක් නෑ
හැබැයි හාමුදුරු කෙනෙක් කැළේ භාවනානුයෝගීව හිටියොත් -- අන්න එක අවුලක්
මෙය යහපාලනය නම් වේ
මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය ඉදිරිපිට පිහිටි වන ලැහැබේ ගල් ගුහාවක වැඩ සිටින භික්ෂූන් වහන්සේ නමකට වහාම එම ස්ථනයෙන් ඉවත් වන්නැයි වනජීවි දෙපාර්ථමේන්තුව නියෝග කර තිබේ.
හැබැයි හාමුදුරු කෙනෙක් කැළේ භාවනානුයෝගීව හිටියොත් -- අන්න එක අවුලක්
මෙය යහපාලනය නම් වේ
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේනතුවේ ඇලහැර අඩවි ආරක්ෂක කාර්යාලයේ වන සත්ව අඩවී ආරක්ෂ රංජිත් කේ විජිත මහතා විසින් ස්වාමීන් වහන්සේ වැඩ සිටින ස්ථානයේ දැන්වීම් පුවරුවක් ප‍්‍රදර්ශනය කරමින් දින 07 ක් ඇතුළත ඉදිරිමි ඉවත් කර ගන්නා ලෙස දන්වා ඇත.
ලහැර 12 කනුව ප‍්‍රදේශයේ පිහිටි මහසෙන් විහාරස්ථායේ දී 1989 වසරේ දී පැවිදි උපසම්පදාව ලබන පුජ්‍ය ධම්මරතන ස්වාමින් වහන්සේ විහාරස්ත ජීවන රටාවෙන් ඉවත්ව භාවනායෝගීව කටයුතු කිරීම සදහා දැනට වැඩසිටින ස්ථානය සකසා ගත් බව ස`දහන් කළහ.
ඉකුත් දා (23) අප එම ස්ථානයට ගමන් කරන විටත් උන්වහන්සේ මොරගහකන්ද ජලාශය අසල පිහිටි කදුවැටියේ වැඩ සිටින අයුරු දක්නට ලැබුනි.
මේ ස්ථානය නිස්කලන්ක තැනැක්. නිදහසේ භාවනා කිරීම සදහා හොද ස්තානයක්. මෙතනින් ඉවත් වෙන්න කියලා වනජීවි එකේ මහත්වරු කියලා ගියා. මෙතනට මගෙන් කිසිම කරදරයක් නැහැ. කොටින්ම මේ අවට ඉන්න වන සතුන්ගෙන් පවා මට කිසිම කරදරයක් නැහැ. මට හරිම පුදුමයි මේ මහත්වරු මට මේ ස්ථානයෙන් ඉවත් වෙන්න කියන එක.’
අප හා අදහස් දැක්වු උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළේ හැකි සෑම අවස්ථාවකම පිණ්ඩපාත චාරිකාවේ ගොස් දානය ලාබගෙන වැඩ සිටින බවයි.
කෙසේ වෙතත් මෙම ගැටළුව සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේනතුවේ ඇලහැර අඩවි ආරක්ෂක කාර්යාලයේ වන සත්ව අඩවී ආරක්ෂ රංජිත් කේ. විජිත මහතාගෙන් විමසීමක් කළෙමු.
එහිදි ඔහු සදහන් කළේ සොභා රක්ෂිතයක කිසිදු අයුරකින් කිසිවෙකුට හෝ ඉදිකිරීම් සිදුකර රැදී සිටිය නොහැකි බවයි. භික්ෂූන් වහන්සේ රැදී සිටින ස්ථනයෙන් දින 07 ක් තුළ ඉවත් වන ලෙස දන්වමින් දැන්වීමක් ප‍්‍රසිද්ධ කළ බව ද හෙතෙම සදහන් කළේය.
භික්ෂුන් වහන්සේ රැදී සිටින ස්ථානයේ දිවියන් දෙනෙකු වාසය කරන බවත් ඔවුන්ගෙන් උන්වහන්සේ ආරක්ෂාකර ගැනීම සදහා දැනුමිදිම් සිදුකර ඇති බව ද හෙතෙම ස`දහන් කළේය.
කෙසේ වෙතත් අප විමසා සිටියේ බවුන් වඩන භික්ෂුවකට වනාන්තර වල රැදී සිටීමට අවස්ථාවක් නැති ද යන්නනයි. ඒ සදහා පිළිතුරු ලබාදුන් රංජිත් කේ විජිත මහතා කියා සිටියේ වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් සොභා රක්ෂිත වල කිසිදු පුද්ලයෙකුට ඉදිකිරීම් සිදුකර රැදී සිටිමේ බලයක් නොමැති බවයි.
එහෙත් ප‍්‍රාදේශිය ලේකම් වරුන් හා වන සංරක්ෂන දෙපාර්තමේන්තුවට අයත් භූමී වලට මෙම තත්ත්වය බල නොපාන බව ද හෙතෙම සදහන් කළේය.
දිවයිනේ වන ජීවි දෙපාර්ථමේනතුවට අයත් භූමී වල පෙර ඉදිකළ භාවනා කුටි සහිත ස්ථාන පවතින බවත් නව පනත් අනුව ඒ සදහා අවස්ථාවක් නොමැති බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
අවසන් වශයෙන් ඔහු සදහන් කළේ ධම්මරතන ස්වාමීන් වහන්සේ වැඩවසන ස්ථානයේ ජිවිත්වන වන සතුන්ට සිදුවන බලපෑම හා ඉදිරියේ දී සිදුවන මිනිසුන්ගේ පැමිනීම් හේතුවෙන් පරිසරයට සිදුවිය හැකි බලපෑම් ද සැලකිල්ලට ගෙන දින 07 ක් ඇතුළත උන්වහන්සේ ඉවත් නොවුනහොත් අධිකරණ ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.
– ඉන්දික අරුණ කුමාර
– ඉන්දික අරුණ කුමාර
0 comments: