![]() |
Advertisement |
අති පුජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමි අති පුජ්‍ය මඩිගේ පඥ්ඥාසීහ , මහා නාහිමි සහ පුජ්‍ය ගංගොඩවිල සෝම හිමි ඈ සසුනඹර බැබලවූ දේශමාමක යතිවරු දයට දායාද කල අමරපුර නිකායද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පළකර තිබේ

.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පමණක් ප්‍රමාණවත් බවත් අමරපුර මහා නිකායේ සංඝයාවහන්සේලා විසින් අගමැතිවරයාට හා ජනාධිපතිවරයා වෙත නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.
රටටත් ජනතාවටත් හානියක් සැලසෙන කිසිවක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සිදු නොවන බවට ජනාධිපතිවරයා හා අගමැතිවරයා දිගින් දිගටම සපථ වන නමුත් අනාගතයේ රට බෙදීමකට වක්‍රව හෝ උපකාරවන යෝජනා ඉදිරිපත් කර ඇති දේශපාලන කේෂත්‍රයේ විද්වතුන් ව්‍යවස්ථා සම්පාදන කාර්යයට සම්බන්ධව සිටින නිසා සාමය හා සංහිඳියාව බලවේග හා සංවිධාන මේ කාර්යයෙහිලා දැඩි උනන්දුවක් දක්වන හෙයින් මේ අවස්ථාවේ සංශෝධන පමණක් සිදු කරන ලෙසත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
රජය හා ජනතාව කෙරෙහි හිතෛෂිභාවයෙන් සියලු ජාතික, සියලු ආගමික රට වැසියන්ට රටේ සෑම තැනම සුහදව සාමකාමීව ජීවත් වීමේ පරිසරයක් තහවුරු කිරීමටත් ඊට විරුද්ධව නැගෙන සියලු බලවේග යටපත් කිරීම සඳහා මහා සංඝරත්නය මෙන්ම අනෙකුත් ආගමික නායකයන් හා රටවැසියන් සියලු දෙනා වාදභේද පසෙකලා සමඟියෙන් එක් විය යුතු බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
අප රටේ සාධාරණ හා සාමකාමී සමාජයක් ඇති කළ හැක්කේ දැනට ඇති ව්‍යවස්ථාපිත බලය සමතුලිතව උපයෝගි කර ගැනීමෙන් පමණක් බව ද නිවේදනයේ සඳහන් වෙයි.
රට පුරා එක ලෙස නිසි ආර්ථික කළමනාකරණයක් සහිත මානව හිතවාදී සංවර්ධනයක් මිස විදෙස් බලවේගවල අවශ්‍යතාවයට රට බෙදීමකට තුඩු දිය හැකි බලය බෙදීමක් නොවන බව ද අමරපුර නිකාය සඳහන් කර තිබේ.
අප රටට බලෙන් ගෙනෙන ලද 13 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් මේ වන විටත් ලංකාවේ රාජ්‍ය පාලනය ව්‍යාකූල වී තිබීම හේතුවෙන් කාලීන වශයෙන් බලපතළ අවශ්‍යතාවයක් නොපෙන්වන, ජන වරමක් ද නැති නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට වඩා සියලු ජනතාවගේ සංහිඳියාවට හා නිරවුල් සංවර්ධනයක් උදෙසා 13 සංශෝධනය නිෂේධනය කිරීම කාලෝචිත පියවරක් බව ද උන්වහන්සේ අවධාරණය කරයි.
කෙසේ වෙතත් මෙම කරුණු සියල්ල මුලික කර ගනිමින් මහජනතාවගේ සාමකාමී පරිසරය විනාශ කිරීමට ඉහවල් වන නව ව්‍යවස්ථා යෝජනාවලින් වැළකි, රටේ දැවන ජාතික හා ආර්ථික ප්‍රශ්න විසඳා ගෙන සංවර්ධත දේශයක් නිර්මාණය කර ගැනීමට දේශපාලන වාද භේද ඉවත ලා ජාතික සමඟිය වෙනුවෙන් එක්සත් වන ලෙස සියලු දේශපාලන පක්ෂ හා ජනාතාවට මෙඟින් දන්වා සිටින අතර අනාගතයේ දී රටට ගැටළු ඇති කළ හැකි නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් වැළැකී පවතින ව්‍යස්ථාවට අවශ්‍ය සංශෝධන පමණක් සිදු කරන ලෙස තව දුරටත් අවධාරණය කර සිටියි.
0 comments: