Saturday, November 4, 2017

TNA එකට කැබිනට් ඇමතිකම් ගන්න චම්පිකගෙන් ආරාධනා

ad300
Advertisement
ආණ්ඩුවේ නිල විපක්ෂයට ආණ්ඩුවේ ඇමතිකම් ගැනීම සඳහා ආරාධනාවක් පසුගියදා ඇමති චම්පික රණවක විසින් කරන්නට වේදිනි. උතුරේ ජනතාවට වැඩියෙන් වැඩ කිරීමට ඔවුන් ඇමතිකම් ගත යුතුව  ඇති බව ඔහු පැවසීය 
ඇමතිකම් ගෙන රඟන ඇතැම් දේශපාලකයින්ට වඩා TNA හි සුමන්තිරන් වැනි මන්ත්‍රීවරු අවංක බව තමන් විශ්වාස කරන බවත් ඒ නිසා කැබිනට් මණ්ඩලයට ඔවුන් විශාල සම්පතක් වියහැකිබවත් ඔහු පැවසීය.
දෙමල සන්ධානය විපක්ෂයේ සිටීම තුලින් උතුරේ දෙමළ ජනතාවට අසාධාරණයක් වන බව පෙන්වාදෙන චම්පික ඇමති ඔවුන් කැබිනට් මණ්ඩලය තුළ සිටීම අත්‍යවශ්‍ය බවද පැවසිය 
එවැනි තත්ත්වයක් යටතේ විවිධ මත දරන කණ්ඩායම් වලට සාර්ථකව ජනතාවගේ සියලූ අවශ්‍යතා ඉටු වන ලෙස නීති හැදීමේ සහ කෙටුම්පත් කිරීමේ කටයුතු වලට මැදිහත් වීමට අවස්ථාව ලැබෙන බවත්, සාර්ථකව ආණ්ඩුවක් පවත්වාගෙන යාමට එය වටිනා අවස්ථාවක් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඇමතිවරයා මෙබව සඳහන් කළේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා වන යෝජනා රැගත් අතුරු කමිටු වාර්තාව පිලිබඳ තුන්දින විවාදයට එක්වෙමිනි
Share This

Pellentesque vitae lectus in mauris sollicitudin ornare sit amet eget ligula. Donec pharetra, arcu eu consectetur semper, est nulla sodales risus, vel efficitur orci justo quis tellus. Phasellus sit amet est pharetra

Related Posts

0 comments: