![]() |
Advertisement |
තමා විශ්වාස කරන රටට හිතකර ප්‍රතිපත්ති ඇති ඕනෑම නායකයෙකු යටතේ වැඩ කිරීම තමුන්ට ප්‍රශ්ණයක් නොවන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු එහිදී මෙසේද පැවසීය.
” අද ගෝල්ෆේස්වල ටාජ් හෝටලය හදල තියෙන ඉඩම ඉන්දියානු සමාගමකට දුන්නේ ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමා, අද වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක හදල තියෙන ඇචිලන් ස්ක්වයාර් ඉඩම සිංගපූරු සමාගමකට දුන්නේ ආර්ප්‍රේමදාස ජනාධිපතිතුමා. ඒ රජයේ ඉඩම් නිකං වගෙ පෞද්ගලික ආයතන වලට දුන්නේ. 99 අවුරුද්දට දුන්නේ කියලා ඒ ඉඩම් කවදාවත් ආපහු ගන්න පුලුවන්ද ?
නමුත් එ අසලම තියෙන ඉඩමක් ෂැංග්‍රිල්ලා හෝටලයට මහින්ද ජනාධිපතුමාගේ කාලේ දුන්නේ රජයට අති විශාල මුදලක් අයකරගෙන. ඒ මුදල් වලින් බත්තරමුල්ලේ හදන තිවිධ හමුදා මූලස්ථානය සාදා නිම කරන්නයි සැලසුම් කරල තිබුනේ. එහෙම් කලා නම් මහ භාන්ඩාගාරයට බරක් නැහැ. හමුදා මූලස්ථානය ගෝල්ෆේස් වලින් ඉවතට ගෙනියන්න තීරණය කරල තිබුනේ මීට දශක ගන්නාවකට පෙර වෙනත් රජයක් විසින්. නමුත් එයටභාන්ඩාගාරයේ මුදල් නැති නිසායි ප්‍රමාදය තිබුනේ.
ෂැන්ග්‍රිල්ලා හොටලයෙන් ගත් මුදලින් හමුදා මූලස්ථානය හදාගෙන යන විට මේ ආන්ඩුව බලයට ඇවිල්ල ඒ මුදල් ආපසු භාන්ඩාගාරයට ගත්තා. අද ඒ සල්ලි කෝ ? ඒවට වෙච්ච දෙයක් නහැ. දැන් හමුදා මූලස්ථානය හදල ඉවරකරන්න වෙන්නේ මහජන බදු මුදල් වලින් . කවුරුත් ඒ අපරාධය ගැන අහනවද ?”
“ජනතාව ඉල්ලා හිටියොත් ඔබ තුමා මේ රටේ නායකත්වය බාර ගන්න ලෑස්තිද කියා” යමෙක් මෙම සම්මන්ත්‍රණයේදී ඇසු ප්‍රශ්ණයකට උත්තර දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ තමන්ට තනතුරු වැදගත් නැතිබවත් වැදගත් වන්නේ මව්බිම බවත්ය.
තමා විශ්වාස කරන රටට හිතකර ප්‍රතිපත්ති ඇති ඕනෑම නායකයෙකු යටතේ වැඩ කිරීම තමුන්ට ප්‍රශ්ණයක් නොවන නිසා එකද, දෙකද , තුනද නොබලා රට වෙනුවෙන් ජනතාව බාර දෙන ඕනෑම වගකීමක් දරන්නට තමන් සැම විටම සූදානම් බව මීට පෙරද කියා ඇතිබව හිටපු ආරක්ෂක ලේකම්වරයා මතක් කර දුන්නේය.
ඕවා කතා කරන්නට පෙර අපි සියලු දෙනා එක්ව රට මේ වැටී තියෙන උවදුරෙන් බේරාගමු කියා ඔහු තව දුරටත් කීවේය.
0 comments: