![]() |
Advertisement |
යහපාලනයට හසු වූ
මඩකළපුව දිස්ත්රික් ලේකම් තනතුර
මඩකළපුව දිස්ත්රික් ලේකම් තනතුර
මීට මාසයකට පමණ පෙර පුරප්පාඩු වූ මඩකළපුව දිස්ත්රික් ලේකම් තනතුරට සුදුසු නිලධාරියකු පත් කිරීමට අදාළ අමාත්‍යාංශයට මෙතෙක් හැකි වී නැත. එම තනතුර දැරූ පී.එස්.එම්. චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කරනු ලැබීම නිසා එම පුරප්පාඩුව ඇති විය.
තනතුරක පුරප්පාඩුවක් ඇති වූ විට සුදුසු නිලධාරියකු පත් කිරීමට සාධාරණ කාලයක් ගත වීම බලාපොරොත්තු විය හැක්කක් වුවත් මඩකළපුව දිස්ත්රික් ලේකම් පුරප්පාඩුව පිරවීම කල් යමින් පවතින්නේ දේශපාලන හෙංචයියකුට එකී තනතුර ලබා දීම ස‘දහා පවතින උත්සාහයක් නිසා යැයි නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.
![]() |
රාජ්‍ය පරිපාලන ලේකම් නීල් අල්විස් වැඩ භාර ගනිමින් |
මේ පුරප්පාඩුව පිරවීම ස‘දහා මේ වන විට නිලධාරීන් 19ක් කොළඹට ගෙන්වා සම්මුඛ සාකච්ඡා පවත්වා ඇති බවත් ඔවුන් ඒ ස‘දහා තෝරාගෙන ඇත්තේ දේශපාලනඥයන්ගේ ලැයිස්තුවලින් බවත් දැනගන්නට ඇත. මෙවැනි පුරප්පාඩු පිරවීම ස‘දහා අනුගමනය කළ යුතු විධිමත් ක්රමවේදයට පටහැනි අයුරින් අමාත්‍යාංශය කටයුතු කරමින් සිට්න බව එහි බොහෝ නිලධාරීන් දන්නා නමුත් දේශපාලන බලය හමුවේ ඔවුන් අසරණ වී සිටින බව කිියවේ.
0 comments: