![]() |
Advertisement |
මෙම සිද්ධිය මාධ්‍ය මගින් එලියට ඒමත් සමග පොලිසිය පරීක්ෂණ කලේ සිද්ධිය ගැන නොව , වීඩියෝව මාධ්‍ය අතට පත්වුවේ කෙසේද යන්න පිළිබඳවයි. පොලිස් ප්‍රකාශක වරයා අතිශය උත්සාහයක් දැරුවේ සිද්ධිය පහරදීමක් නොව කොලරයෙන් ඇද ගැනීමක් පමණක් බව පැවසීමටය. නමුත් උගත් නීතිඥ පොලිස් ප්‍රකාශක වරයා සිද්ධිය කොලරයෙන් ඇදීම පමණක් බව සිතුවත් එය බණ්ඩා මහතාගේ ආත්මගරුත්වයට හානියක් බව නොදැන සිටීම කනගාටුදායකය.
කැබිනට් මණ්ඩලය පවා සිද්ධිය නොසලකා හරියේ සමරකෝන් බණ්ඩා මහතා සුළු නිලධාරියෙකු පමණක් වන නිසාය.මේ නිසා සිය 35 වසරක සේවාකාලය නිමවී පොලිස් මුලස්ථානයෙන් ඔහු නික්ම යන්නේ ඔහුම සේවය කල ශ්‍රී ලංකා පොලිසියේ තුච්ඡ කමේ තවත් ගොදුරක් වෙමිනි.
පොලිස්පතිත් මේගැන අමතක කර දමයි. මේ ගැන පරීක්ෂණද යට යයි.දේශපාලන සබඳතා ඇති පොලිස් පතිද නිදහස් වේවි. අවසානයේ මස තුනක් යනවිට කිසිවෙකුට සිද්ධිය මතක නැති වේවි. අසරණ බණ්ඩා මහතා පමණක් විඳවාවී.
අන්තිමේදී මෙයත් නොවිසඳුණු පොලිස් අපරාධයක් ලෙස යට යාවි. ඔබ නොදැන සිටියාට පසුගිය මාස කිහිපය තුළ විසින් මිනි මැරුම් 10 ට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති පොලිසිය සිය ඉහලම නිලධාරියාව උදාහරණයට ගෙන අපරාධ සිදු කරාවි. නමුත් පට්ට සුවාදීන පොලිස් කොමිසම මානව හිමිකම් කොමිසම සහ ව්‍යවස්ථා දායක කවුන්සිලය මෙලෙසම බුදියාවී.
රටට සහ නීතියට හෙන ගැහුවත් පොලිස්පති බේරේවි . යහපාලනය යනු එයයි. මෙවර යහපාලනය යන වදන පොලිස්පති සහ ඉහත සියලුම ආයතන විසින් සමුහ දුෂණයට ලක් කර ඇත.
'ලංකා නිව්ස්වෙබ් හි පලවූ පුවතක් ඇසුරෙනි
0 comments: