![]() |
Advertisement |
නීතිපති දෙපාර්තමේන්තුව පූර්ණ වශයෙන් ප්‍රතිසංවිධානයට ලක් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ ප්‍රධාන තනතුරු කිහිපයකම තවමත් සිටින්නේ රාජපක්ෂ හිතවාදින් බැවින් පැවැති රජයේ මීනීමැරුම්, දූෂණ අක්‍රමිකතා සහ වංචාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නීතිපති දෙපාර්තමේන්තුව හිතාමතා ප්‍රමාද කරනා බව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කරුණු සහිතව පෙන්වා දී ඇතැයි ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පත වාර්තා කරයි.
නීතිපති දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතුන්ට එරෙහිව පවතින නඩුවලදී දීර්ඝ කාලයකට පසු එළැඹෙන නඩු දින ගැනීම පිළිබඳ ද එහි කරුණු දක්වා තිබේ.
එම සියලුම කරුණු සැලකිල්ලට ගෙන නීතිපති දෙපාර්තමේන්තුව පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කරන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙන බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
රාජපක්ෂලාගේ නඩු අහන්න විශේෂ අධිකරණයක්:
නීතිපති දෙපාර්තමේන්තුවේ එම තත්ත්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී ඉහත නඩු විසඳීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවන ලෙස ද ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංවිධාන කටයුතු අගමැති වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයෙන් පසු ආරම්භ කිරීමට නියමිතය.
0 comments: