![]() |
Advertisement |
මෙහි තවත් එක පියවරක් ලෙස රාජපක්ෂ කඳවුරේ ප්‍රධාන පෙලේ භිල්ෂුන් වහන්සේ නමක් වන පැපිලියාන සුනේත්‍රාදේවි රජමහා විහාරයේ, ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් කොටු කර ගැනීමේ මෙහෙයුමක් ජනාධිපති වරයා විසින්ම සිදු කරන්නට විය
මීට පාදක වන්නේ චන්ද්‍රිකාට සමීප හිටපු නියෝජ්‍ය ඇමති වරයෙකු විසින් ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කිරීමත් සමගයි ."මම කොයිතරම් කිව්වද මැදගොඩ හාමුදුරුවෝ හමුවෙන්න යමු කියල ජනාධිපති තුමාට, එත් ආවේ නෑ ආවානම් අද මැදගොඩ හාමුදුරුවෝ අපිත් එක්කයි ඉන්නේ, එම හිටපු ඇමති වරයා පවසා තිබුණි.
කෙසේ වෙතත් තමන් අතින් සිදුවූ වරද නිවරද කරමින් මැදගොඩ හිමි කොටු කිරීමේ මෙහෙයුම ජනාධිපතිවරයා ඉහත කැස්බෑවේ දේශපාලකයාද සමග සිදු කරන්නන්ට යෙදිණි. මෙයට යොදා ගත්තේ උක්ත විහාරයේ කටින පිංකම යෙදෙන දිනට පෙර දිනයයි. එදින පැය ගණනක් පුරා පන්සලේ ලැගගෙන මෙන් මැදගොඩ හිමියන් ගේ සියලු දෝෂාරෝපණ ඉවසා හුන් ජනාධිපති වරයා අවසානයේ පසුදින පැවැත්වෙන කටින පුජාවටද සහභාගී වීමේ ආරාධනයද ලබාගෙන පන්සලෙන් පිටවුවේ පසුදින පන්සලටා වැඩම කර තම මාධ්‍ය ද ගෙන්වා තම සැලසුමේ ඉතිරි කොටස සිදු කරන්නට සැලසුම් කර ගනිමිනි. එම සැලැස්මේ නාටකය ඔක්තෝබර් 30 දා සියලු රුපවහී නාලිකා ප්‍රවුර්ත්ති තුලින් මැදගොඩ හිමිට සහ ජනපති වරයාට විශාල ප්‍රචාරයක් ලබා දීමෙන් හැමා දෙනා ඉදිරියේ රංග දැක්වුණි. කෙසේ වෙතත් ආරංචි මාර්ග පවසනුයේ මැදගොඩ හිමි එදින එම කතාව කලේ සාමාන්‍යයෙන් පන්සලට පැමිණෙන සියලුම දේශපාලකයින්ගේ අතේ පිරිත් නුල් බැඳීම වැනිම වූ පුරුද්දකට බවයි. ඒ නිසා මැදගොඩ ස්වාමින් වහන්සේ ජනපති ගැටයට හසු වුනාද යන්න පැවසීමට තවම කල් වැඩිය. කෙසේ වුවත් ආචාර්ය මැදගොඩ අභය තිස්ස හිමියන් රටක් රැවටු පුද්ගලයෙකුට රැවටීමට තරම් අඥාන වේ යැයි සිතිය නොහැක.
0 comments: