![]() |
Advertisement |
කෙසේවුවද, ලබන 11 වැනිදා (සෙනසුරාදා) දක්වා රටපුරා පෙට්‍රල් හිගයක් ඇතිවීමට ඉඩ ඇති බවට ද මේ අතර තොරතුරු වාර්තා වේ.
ඒ ලංකා ඛණිජතේල් සංස්ථාව ඇනවුම් කරන ලද පෙට්‍රල් නැව කොළඹ වරායට සේන්දුවීමට නියමිතව ඇත්තේ ලබන 09 වැනිදා බවට පැතිර ඇති රාවය නිසාය.
මෙසේ ළඟාවීමට නියමිතව ඇත්තේ n e v e r s k a l a d y නැමති නෞකාව වන ඇතර එය 09 වැනිදා අලුයම 00.30ට ලංකාවට පැමිණීමට නියමිතය.
ඒ අනුව නැව කොළඹ වරායට ඇතුල් කර තෙල් පොම්ප කිරිම 09 වැනිදා ආරම්භකළත් ඉන්ධන බෙදා හැරීම 10 වැනිදා සවස් වන තෙක් යථාතත්ත්වයට පත්වනු නොවනු ඇති බවද පැවසේ.
මේ ඉන්ධන හිඟය ඇතිවීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව හා ලංකා ඉන්දියන් තෙල් සමාගම ඉන්දියාවෙන් ආනයනය කළ පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් හතලිස් දහසක නෞකා දෙකක් නියමිත පිරිවිතරයන්ට නොමැතිව ප්‍රතික්ෂේප කිරීමය.
දිනකට පෙට්‍රල් ලීටර් හතලිස් හය ලක්ෂයක් අලෙවි වන අතර දැනට සපුගස් කන්ද තෙල් පිරිපහදුවේන් දිනකට නිෂ්පාදනය කරනු ලබන්නේ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් පන්දහසක් පමණක් බවද පැවසේ.
එම තත්ත්වය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වලින් යතුරුපැදියකට පෙට්‍රල් ලීටර 2ක්ද, ත්‍රීරෝද රථයකට පෙට්‍රල් ලීටර් 3ක්ද, ජීප් හා කාර් රථයකට පෙට්‍රල් ලීටර් 20ක්ද ලබාදීමට තීරණය කර තිබේ.
පසුගිය සිකුරාදා සවස සිට රටපුරා ඉන්ධන පිරවුම්හල්වල අධික පෝලිම් දැකීමට හැකි අතර මහාමාර්ගවල මෝටර් රථ ධවනයේද අඩුවක් දක්නට ලැබේ.
0 comments: