![]() |
Advertisement |
රටේ සංහිඳියාව ඇති කරන්නේ නැතිව අර්ථික සංවර්ධනයක් සිදු කළ නොහැකි බවත් ශ්‍රී
ලංකාවට වඩා පහළින් සිටි සිංගප්පූරුව අද දියුණු සංවර්ධිත රටක් බවට පත් වී ඇත්තේ ලී ක්වාන් යූ අගමැතිවරයා විසින් එරටේ සංහිඳියාව ඇති කළ නිසා බවත් හිටපු ජනාධිපති හා ජාතික සමඟිය සහ සංහිඳියා කාර්යාංශයේ සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
එතුමිය මේ බව ප්‍රකාශ කළේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පෙරේදා (1) පැවැති, සමස්ත ලංකා පාසල් චිත්‍ර හා රචනා තරගාවලියේ තෑගි සහ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ දීය.
"විවිධත්වය තුළ එකමුතුව ජාතියේ ශක්තියයි" මැයෙන් මෙම චිත්‍ර හා රචනා තරඟාවලිය සංවිධානය කොට තිබුණේ ජාතික එකමුතුව සඳහා වන බාකීර් මාකාර් මධ්‍යස්ථානය සහ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය මඟිනි.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ කුමාරතුංග මහත්මිය 1948 දී නිදහස ලැබෙන විට මේ රටේ සංහිඳියාව පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොතිබූ බවත් එකල සිංහල දෙමළ මුස්ලිම් හා බර්ගර්, මැලේ අදී සියලු ජාතීන් නිදහස ලබාගැනීම සඳහා එකමුතුව ක්‍රියාකළ බවත් පැවැසුවාය.
මේ රටේ ජාතිවාදී ගැටුම් ආරම්භ වූයේ 1956 න් පසු බව පෙන්වා දුන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එදා සිට මේ දක්වා පැවැති කිසිදු රජයක් අන්තවාදීන්ගේ බලපෑම් හේතුවෙන් එම ප්‍රශ්න නිරාකරණය කිරීමට මැලි වු බව ද කීවාය.
තමා සභාපතිත්වය දරණ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය මඟින් රටේ සංහිඳියාව ඇති කිරීම සඳහා පාසල් මට්ටමෙන් වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කොට ඇති බව ද එතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.
0 comments: