![]() |
Advertisement |
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ණය නිකුත් කිරීමේදී මෙරට ප්‍රධාන මූල්‍ය ආයතන තුනක් සමඟ වූ දුරකතන සංවාදයක දූෂණ විරෝධී හඬ සංවිධානය වෙත ලැබී ඇති මෙතෙක් හෙළි නොවූ හඬපට විශාල ප්‍රමාණයක් දූෂණ විරෝධී හඬ සංවිධාන විසින් අද (01) පැවැත්වූ “හෙළිදරව්ව” විශේෂ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වෙත නිකුත් කර සිටියේය.
එහි හඬපට 19ක් අඩංගුව ඇති අතර බැඳුම්කර ගණුදෙනුව සිදුවූ 2015 වර්ෂයේ පෙබරවාරි 27වනදා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා විසින් රාජ්‍ය බැංකු සමග අදාළ බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් කළ සංවාදයක හඬපටයක්ද ඊට ඇතුළත් ය.
එසේම මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කොටස් වෙළඳපොලෙහි නිලධාරීන් මෙරට පොලී අනුපාතය ඉහළ යාම සම්බන්ධයෙන් සාකච්ඡා කරන හඬ පට කිහිපයක්ද මෙහි ඇතුළත්ය.
0 comments: