![]() |
Advertisement |
විගණකාධිපති දෙපාර්තමේන්තුවට විශේෂ වරප්‍රසාද ලබා දිය යුතු වුවත් අනෙකුත් රාජ්‍ය දෙපාර්තමේන්තුවලට ලබාදී ඇති වරප‍්‍රසාදවත් එම දෙපාර්තමෙන්තුවට ලබාදීමට රජය කටයුතු නොකිරීම සහ ජාතික විගණන පනත් කෙටුම්පත බල රහිත කිරීම මත 2017 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා එම දෙපාර්තමේන්තුවේ විවිධ ශේ‍්‍රණීවලට අයත් දක්ෂ නිලධාරින් පනස් දෙනෙකුට ආසන්න පිරිසක් වෙනත් රාජ්‍ය දෙපාර්තමේන්තුවලට සහ අමාත්‍යංශවලට ස්ථාන මාරැ වීම් ලබාගෙන ගොස් තිබේ.
එම තත්ත්වය යටතේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කටයුතු මන්දගාමීව සිදුවන බවද වාර්තා වේ.
ස්ථාන මාරැවීම් ලබාගෙන ගොස් ඇති විවිධ ශේ‍්‍රණිවලට අයත් එම නිලධාරින් පසුගිය වර්ෂ ගණනාවක්ම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ විවර්ශන කටයුතු සදහා දැඩි කැපවීම් කළ දක්ෂ සහ අවංක නිලධාරින් බවද දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරින් පනහකට ආසන්න පිරිසක් පසුගිය වරකට ආසන්න කාලය තුළ විවිධ හේතූන් මත ස්ථාන මාරුවීම් ලබාගෙන ගොස් ඇති බව ඒ පිළිබද ව කළ විමසීමකදී විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා ප‍්‍රකාශ කළේය.
0 comments: