![]() |
Advertisement |
රජයට අඩු මිලට සහල් අලෙවි කිරීමේ සැලසුමක් නොමැති වීම නිසා දේශීය සහල් කිලෝ 50ක මිටියකින් විශාල මෝල් හිමියන් රුපියල් 500කට අධික ලාභයක් ලබාගන්නා බව සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග හා සිල්ලර ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බන්දුල ජයමාන්න මහතා කියා සිටී.
මේ අතර පොහොර සහනාධාරය අහිමි කිරීම තුළ ගොවින් වී ගොවිතැනින් ඈත්වීම ද මෙයට ඉතා විශාල ලෙස බලපෑ ඇති බව වාර්තා වේ.මේ අනුව අහස උසට නැග ඇති ශ්‍රීලංකාවේ සහල් මිල ඉදිරි දිනවලදී තව දුරටත් ඉහල යා හැකි බව ද ඔහු පවසයි
මේ තත්වය මග හැරිම පිණිස සහල් ආනයනයද පිළිතුරක් නොවන්නේ දැනට ලොව පුරා විවිධ හේතු නිසා සහල් හිඟයක් මතු වෙමින් පැවතීම නිසාය.
මේ තත්වය මත ඉන්දියානු නාඩු සහල් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 435 දක්වා වැඩිවී ඇති බව වාර්තා වන අතර එහි පෙර මිල දිදොලර් 375ක් විය.
අද පවතින මිල අනුව සහල් ආනයනය කර බෙදා හැරීමේදී පිරිවැය ඩොලර් 450 /මෙට්‍රික් ටොන් 1ට වැයවන බවත් එහිදී ආනයනික සහල් වල අවම මිල අනිවාර්යයෙන්ම රුපියල් සියය ඉක්මවන බවත් ඔහු පැවසීය
අඒ අනුව ඉදිරියේදී ආනයනික සහල් අද පවතින මිලට අලෙවි කිරීමට අපහසු වන බව සභාපතිවරයා කියා සිටී .
ආනයනික සහල් මිල ඉහළ ගිය විට එයට අනුරෑප ලෙස දේශීය සහල් මිල ද ඉහළ යනු යා හැකි බව ඔහු කියා සිටී.
වෙන ලෝකෙක ඉන්න ජීවන වියදම් කමිටුව !
එසේම ලොකු ලූණු මිල ඉහළ යාමට හේතුව අපේ රටේ මෙවර ලූණු අස්වැන්න වෙනත් වසරවලට සාපේක්ෂව 5% ක අඩුවීම බවද ජයමාන්න මහතා කියා සිටී.
ලූණු සහ අලවලට මේ වන විට කිලෝවට රුපියල් 50ක බද්දක් රජය අය කරන බව පැවසූ ජයමාන්න මහතා තම සංගමය ජීවන වියදම කමිටු රැස්වීමේ දී මෙම බදු අඩු කරන ලෙස ඉල්ලුවද ප්‍රතිඵලයක් නොවූ බවද ඔහු හෙළිකළේය.
0 comments: