![]() |
Advertisement |
පෙට්‍රල් හිඟය ගැන සාධාරණ සැකයක් රටතුල නිර්මාණය වී ඇතැයි ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසයි.
එම සංගමයේ ලේකම්, ඩී. ජේ. රාජකරුණා මහතා විසින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වෙත යොමුකර ඇති ලිපියක එබව සඳහන් වේ.
මාධ්‍ය වෙතද යොමුකර ඇති එම ලිපිය පහත පළවේ.
''මේ වනවිට රටේ බොහෝ ප්‍රදේශවල පිරවුම්හල් වල පෙට්‍රල් ඉන්ධන නොමැති වීම නිසා ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇත.
අප වෙත ලැබී ඇති තෝරතුරු අනුව මේ සඳහා මුලික හේතුව වී ඇත්තේ මීට සති 02 කට පෙර LIOC සමාගම ගෙන්වන ලද පෙට්‍රල් මේ. ටො. 30000 ක් නියමිත ප්‍රමිතියට නොමැති වීම නිසා ගොඩබැම ප්‍රතික්‍ෂේප වීමත්, ඒසඳහා ආදේශික නැවක් පොරොන්දු වූ දිනයට ගෙන ඒම කඩාකප්පල්කාරී ලෙස පැහැර හැරීමත්, තෙල් සංස්ථාව ඇනවුම් කොට ඇති නැවක් ප්‍රමාද වීමත්ය.
එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අසත්‍ය ප්‍රචාර හරහා තෙල් අර්බුදයක් නිර්මාණය කොට ප්‍රතික්‍ෂේපිත නැව ගොඩ බැමට උත්සහා කරණ බවට සාධාරණ සැකයක් මතුවන්නේ එම නැව ත්‍රිකුණාමලය මුහුදේ තවමත් නවතා තිබීම තුලයි.
මේ සියල්ල හමුවේ රටේ තෙල් අර්බුධයක් නිර්මාණය වුවද ඊළඟ නැව පැමිනෙන තෙක් අපහසුතා මැද වුවද පරිභෝජනයට ප්‍රමානවත් ඉන්ධන පවතින බවත් පැවසේ.
නමුත් පැතිර ගිය කටකතා හා බෙදාහැරීම් ජලයේ අක්‍රමිකතා නිසා රටතුල මහත් අර්බුධයක් නිර්මාණය වී ඇති බව නොරහසකි.
LIOC අත්තනෝමතික තීන්දු :
LIOC සමාගම මෙලෙස අත්තනෝමතික ලෙස තීන්දු ගෙන රටේ ජනතාව අපහසුතාවයට පත්කිරීමට ඉඩදී රජය නිහඩව සිටීම ගැන අපගේ බලවත් විරෝධය ප්‍රකාශ කරමුග මෙයට එරෙහිව රජය ගෙනඇති පියවර වහා රටට හෙලිකලයුතුය.
LIOC සමාගම ප්‍රතික්‍ෂේපිත නැව වෙනුවට නැවක් ලබා නොදීමත්, CPC ඇනවුම් කල නැව ප්‍රමාද වීමත්, වැඩවර්ජනයක් පිළිබඳ රටතුල අසත්‍ය ප්‍රචාර පැතිරවීමත්, ප්‍රතික්ෂේපිත නැව ගොඩබැමට උත්සහා කිරීමත් අතර යම් සම්බන්ධයක් පවතී ද යන්න වහා සොයාබලන ලෙසත් මේ මුවාවෙන් බාලතෙල් රට තුලට ගොඩබැම වලකන ලෙසත් ඉල්ලා සිටිමු.
CPC ඇනවුම් කල නැව ප්‍රමාද වීමට හේතු සොයාබලන ලෙසත් එම ප්‍රමාදය නිසා සිදුවන හානි පුර්ණය සඳහා සැපයුම් කරුවන්ගෙන් වන්දි ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් යෝජනා කරමු.
රක්‍ෂිත ඉන්ධන තොග ගබඩා :
රටට අවශ්‍ය රක්‍ෂිත ඉන්ධන තොග පවත්වා ගැනීමට ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති බව අප දිගින් දිගටම පෙන්වාදී ඇත.
ඒ සඳහා ත්‍රිකුණාමලය ටැංකි 10ක් ලබාගනීමට අනුමත කැබිනට් තීන්දුව LIOC බලපෑම මත ක්‍රියාත්මක නොකිරීම මෙම අර්බුදයට ප්‍රධානතම හේතුව බව ප්‍රකාශ කරන අතර ඒ සඳහා රජය සම්පුර්ණයෙන්ම වගකිව යුතුය.
LIOC සමාගම 20%ක පමණ වෙළද පංගුවක් හිමි කරගනිමින් මෙලෙස රටටම බලපෑම් කරයි නම් ත්‍රි’මලේ තෙල් ටැංකි සම්පුර්ණයෙන්ම LIOC ට ලබාදීම තුල ඇතිවිය හැකි අනිටු ප්‍රතිපල පිළිබඳ අප අවධාරණය කරමු.
එමනිසා රජය වහා මැදිහත් වී LIOC සමාගමේ මෙම අත්තනෝමතික ක්‍රියා සඳහා නිසි පියවර ගතයුතු බවටත් රටේ ජනතාව අපහසුතාවයට පත් නොකොට ප්‍රමාණවත් රක්‍ෂිත තොග පවත්වාගෙන යාමට වහා ත්‍රි’මලේ තෙල් ටැංකි CPC යට පැවරිය යුතු බවටත්, අවධාරණය කරන අතර ජනතාව පත්ව ඇති අපහසු තත්වයන් ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිමු.''
ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ නිවේදනය.
0 comments: